සමනල ගැට

ff1e2a789d0718382c99423eb5a71506

ප්‍රේමය ද
ලිහිල්ව බැඳි සමනල ගැටයකි
ලිහෙතැයි බියෙන් පසුවෙන
ලිහුණු පසු යළි බැදෙනු බැරි වන

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

ඔබේ මෘදු ආදර හිත

9dec85bc434763aba45838ff18faacda

සොරෙකුට ජීවිත දානය දුන්නාක් මෙනි
මාව;
ගිරි කුලෙන් පහළට හෙළන්නට නොදෙන
ඔබේ මෘදු ආදර හිත
පිරිමදින දින,සති,මාස,අවුරුදු කිහිපය
මම කොහොම විසඳා ගන්නද
ඇතුළෙත් ගැටය;
පිටත් ගැටය;

මිහිරක් ද මේ ජීවිතය
මා නොදැන ළිං පතුළක වැටුණ
සිහිල් දිය පිරී තිබුණා ඇත්තය
ඒත් කවදාක ගොඩ එන්නද
දිය බීම, පිහිනීම
සුළු දේවල් ය අන් අයට

මින් මැඳුරක වුණත් කම් නැත
තව කෙටි කලක් පිහින පිහිනා ඉමි මම
ළිං පතුළ භය උපදවන
කුමක් කියන්නද
දැන් තෝරා ගැනීම අවසන්‍ ය

එක්කෝ ගිරි කුළය
මුදුනය
නැත්නම්
මහා ගැඹුරය
ගිලීමය

මට තෝරා ගන්න දෙන්න
සුළුව ලැබූ මේ ජීවිතය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

ඔබේ ඇස් දෙක

f3e616dab5254731f9a5219f658ee357

යන්න දුන් විටත් නැවත හැරී එන
බූමරංගය ඔබේ ඇස් දෙක

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

පර වී බිම වැටෙන්න

9c29c0b8c8d436418b638809275acff0

ප්‍රේමයට;
කිහිප වතාවක්වත්
පර වී බිම වැටෙන්න
ඉඩ දෙන්න

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

සිනිඳු මලකින් වුව

15326024_10210383045466044_4690157724209042782_o_edited

පසුතැවෙමි
සිනිඳු මලකින් වුව
පහර දීම ගැන

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

මාව මරා දමන්න; ඔබ ඉල්ලයි

79d7c49253b2ddd76346db1c673d12b1

එහෙනම්;
මමයි ඔබේ අලුගෝසුවා
ඉල්ලන විටම
ඔබව මරා දමන්න ලෑස්තිව සිටිය යුතු

ලෝකයේ කිසිම මුල්ලක
මට හිටගන්න තැනක් නැති විට
ඇස් කැවෙන වේදනාවක
ජීවිතය පුරාම දැවෙන විට
පහනින් පහන දැල්වීමවත්
නොකළ යුතු විට

ඔබ ඉල්ලන්නෙ;
ඔබව මරා දමන්න

මට කියා වෙනම දිලිසෙන කුඩක්වත් නැති විට
අඳුරුම ජීවිතයට ඉර එළියවත් නොඑන විට
ඔබ ඉල්ලන්නේ
අලුගෝසුවෙකු මගෙන්

එහෙම නොඉල්ලා
බැරිද මිරිකන්න මගේ ගෙළ ඔබට
ජීවිතාසාව දැල්වේවි එතකොට
ඔබට-මට
වෙනස් විදිහකට

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

මා කැමති දොරටුව

ee44bcbedba205e6f72001a15fc0ccc5

කිරිගරුඬ පිළිමයක
තොල්පෙති සිම්ඹාක් මෙනි
පරිපූර්ණය
ඒ තරමටම

ලිහිල්ව නොයන මදහස
මට මතක් වෙන හැම විට
පළා යයි ඔබ මවෙතින්
ආදරයේම වෙනත් දොරටු පෙන්වමින්

ජීවිත කාලයක ආලය
ඇතුළු වී යළි පිටව ගිය
ඒ දොරටුද, තවත් කවුළුද
සියක්,දහසක් හැරියද
පිටව යා නොහැකි
මා කැමති දොරටුව ඔබ

කිරිගරුඩ පිළිමයක්ව
ඒ ඇතුළත
නිකරුනේ සිටින

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

හදවතට සාහිත්‍යයික මූනිස්සම් එවන්න මං දන්නවා -මංජුල වෙඩිවර්ධන

unnamed

හේ රවුල්කාරව, කුඩා ළමයකුගේ මෙන් වූ සිනහවෙන් යුක්තව මේ සංවාදය ඇ‍රැඹියේ යැයි කිව නොහැකි ය. මේ අ‍ථ්‍ය අවකාශයක සංවාදයකි. 1997 දී ෂේන් මැකෙල්වි සමඟ පළ කළ 'නිරුත්තර සමාධිය' කාව්‍ය සංග්‍රහය සියල්ලේම මූලයයි. ඉනික්බිති කාව්‍ය සංග්‍රහ හතක් පළ කරන්නට යෙදුණ මංජුල වෙඩිවර්ධන, 2000 වසරේදී 'මේරි නම් වූ මරියා' කෙටිකතා සංග්‍රහය නිකුත් කළේය. ක‍තෝලික සභාව මැදිහත්ව එය තනමට ලක් කිරීමත් සමඟ නොනවතා ගලා ආ දිය දහර නතර වූවාක් මෙන් විය. 2007 දී 'බත්තලංගුණ්ඩුව' නවකතාව සමඟ යළිත් දිය දහර වේගවත් වූ අතර, 'ආදරණීය යක්ෂණී' සමඟ එහි සුනාමි ‍රැලි ද නංවන්නට විය.'දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා' ඔහුගේ නවතම කෙටිකතා සමුච්ඡයයි. මේ හෘද සංවාදය ඒ නිමිත්තෙනි.
* 'දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා' සමඟ ඔබ සාම්ප්‍රදායික කෙටිකතාවේ හැඩය සහ රසය කණපිටට ම හැරවූ පෙනුමකුයි දකින්නට ඇත්තේ. ඔබේ කෙටිකතා ගැන ඔබ තුළම තිබෙන කියැවීම මොකක්ද?
සාම්ප්‍රදායික දේට අභියෝග කරන්න තමයි මගේ හුස්ම වැටෙන්නෙ. සාහිත්‍යයිකව ගත්තත්, දේශපාලනමය වශයෙන් ගත්තත්, ජීවිත භාවිතය ගත්තත් ඒක එහෙම තමයි. ලියන්නෙක් විදිහට උත්තර දෙනවා නම් මට දේවල් පේන්නෙම එක විට දෙතුන් විදිහකට. එහෙම පේන දේවලින් ලියන්නෙ මොනවද කියලා තෝරා ගන්න එක සහ ලියන්නෙ කවරාකාර සන්දර්භයකද කියලා තීන්දු කරන එක තමයි අමාරුම.
මං කොහොමත් වචන හදන්නෙක්. වාක්‍ය හදන්නෙක්. ඡේද, පරිච්ඡේද හදන්නෙක්. සාහිත්‍යයික බස හදන්නෙක්. ආකෘති හදන්නෙක්. කොටින්ම මං කතා හදන්නෙක්. මං ආස කරන දේ තියෙනවා. නිදසුනක් විදහට තිලකසේන මහත්තය ගත්තොත් මං පුදුමාකාර විදිහට ඔහුගෙ කෙටිකතාවට ආශක්තයි. ඒත්, මං ඔහු විදිහට ලියන්න උත්සාහ කරන්නෙ නෑ. ඔහු භාෂාවට කරන අභියෝගයට මං කැමැතියි. ඒත් , මං භාෂාවට අභියෝග කරන්නෙ ඔහු කරන ආකාරයට නෙමෙයි. මට ව්‍යාකරණ රීති ඇතු‍ළෙ විශාල ලාලිත්‍යයක් තියෙනවා. ව්‍යාකරණ රටා ඇතුළෙ විශාල අභිරුචියක් තියෙනවා. ඒ ඇතුළෙ මං කරන්නෙ මගේ ම භාෂා කර්මාන්තයක්.
මං මෙහෙම කියන්නම්. මගේ කතාවල පළමු පාඨකයා මං. ඒ නිසා මටත් ඒ ගැන කියවීමක් මෙන්ම තක්සේරුවක් තියෙනවා. අලුත් පාඨක සමාජය නිර්මාණාත්මක ජීවීන්, ස්ත්‍රී - පුරුෂ වෙනසකින් තොරව මගේ සාහිත්‍යට ආදරය කරන්නෙ, මං ඔවුන්ගෙ පරිකල්පනමය අවකාශය ප්‍රසාරණය කරන්න විශාල ශ්‍රමයක් දරන කෙනෙක් බව ඔවුන් දන්න නිසායි. ඒ වගේ ම ඒ ගැන ඔවුන්ට විශ්වාසයක් තියෙන නිසයි. මගේ සාහිත්‍යය කියන්නෙ බරපතළ කියවන්නන්ට සහ නිර්මාණාත්මක මානව ප්‍රජාවට මං දක්වන ආදරයයි. මගේ කෙටිකතා කියන්නෙ ඔවුන් එකිනෙකා තදින් වැළඳගෙන, ඔවුන්ගෙ හදවත මත මුද්‍රා තබන හාදු වගෙයි.
* සාහිත්‍යය ලෝකයට දුම් බෝම්බ සහ බිම් බෝම්බ ගෙනැවිත් අත හරින ඔබේ ලිවීමේ චාරිකාවේ, තව දුරටත් වැළලූ, ගොඩනොගත්, පිපිරෙන සුළු තවත් බෝම්බ තිබෙනවාද?
‘මගේ ආදරණීය යක්ෂණී’ ගැන කවර විසංවාදයක් ආවත්, ‘යක්ෂණීගෙ’ ඉරණම කවරක් වුණත්, ඒ කෘතිය සිංහල සාහිත්‍යයේ ‘උපරි ව්‍යුහය’ට බලපාපු හැටි ගැන ලියන්නෙක් විදිහට මට තක්සේරුවක් තියෙනවා. ‘යක්ෂණි’ බලපාලා අවදිවුණු ලියන්නො ගැන සහ ඒ ආස්වාදයේ ලියැවුණු කෘති ගැන මට අවබෝධයක් තියෙනවා. ඇතැම් සාහිත්‍යයික ගලිවරුන් මගේ ව්‍යුහයමය දෑ අරන්, ඔවුන්ගෙ අද්දැකීම් ප්‍රති නිර්මාණය කරන්න වෑයම් කර ඇති අයුරු මට පේන්න තියෙනවා. ඒක තම තමන්ගෙ ආත්ම ගැන තියෙන ආත්මීය ගැටලුවක්. මං ෆුට්බෝල් ගහන්න ෆීල්ඩ් එකට බැස්සහම, ෆුට් බෝල් ගහනවා. ෆුට්බෝල් ගහනවා කියන්නෙ රාගෙ දදා ඉන්න එකටවත්, බෝලෙ පාස් කර කර ඉන්න එකටවත් නෙවෙයි. මං දන්නවා ෆීල්ඩ් එකට බැස්සහම මගේ වැඩේ කරන්න. එච්චරයි. මං පෙනල්ටිවලින් ගෝල් ගගහා, බල්ටි ගහන වර්ගයෙ දුර්වල ක්‍රීඩකයෙක් නෙවෙයි. මං කැමැතිම රොබටෝ කාලොස්ගෙ ෆ්‍රී කික්වලට. ප්‍රතිවාදීන් පවුරු බැඳන් හිටියත්, ගෝලි මොන තරම් සීරුවෙන් හිටියත්, හුළං පාර කපාගෙන බෝලෙ දැල හොයාගෙන ඉගිල්ලෙනවා. මං වෙඩිවර්ධන. මොන තරම් ඈත හිටියත් , බරසාර මිනිස්සුන්ගෙ හදවතට කිඳා බහින විදිහට සාහිත්‍යයික මූනිස්සම් එවන්න මං දන්නවා. ඒ උණ්ඩ මිනිස්සු අවදි කරවන ඒවා මිසක්, ඉවර කරන ඒවා නෙමෙයි. ඒ උණ්ඩ, එන්න එන්න තියුණු වෙනවා මිසක්, මළ බැඳෙන්නෙ නෑ. මං සාහිත්‍යකාරයෙක් මිසක් මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් නෙමෙයි. මගේ සාහිත්‍යය කියන්නෙ ආදරය මිසක්, වෛරය නෙමෙයි. දුෂ්ඨකමේ පවා සෞන්දර්යක් දකින්න මට පුළුවන් ඒ නිසයි.
wwww
* ලිවීමේ ආවේශය පැන නඟින්නේ කොහෙන්ද?
ජීවිතය පතුළෙන්මයි. වෙන කොහෙන්වත් නෙමෙයි. ව්‍යුක්ත ලියන්නෙක් සහ මා අතර වෙනසක් තියෙනවා නම්, ඒක තමයි වෙනස. රිදවීම් හා වේදනාව මෙන් ම, අහිමි වීම් සහ අහිමි වීමට නියමිත දේ තමයි ජීවිතේ. සතුට වගේ දෙයක් පැන නඟින්නෙත් වේදනාවෙම ප්‍රභේදයක් විදිහට. සිනහව වර නැඟෙන්නේ සිනහවෙ විලෝමය ඇතුළෙ. මට නම් ලිවීම කියන්නෙ මේ ලෝකෙ තියෙන වේදනාකාරීම ක්‍රියාවයි. කරදරකාරීම ක්‍රියාව, කරුමක්කාරීම ක්‍රියාවයි. ඒත්, ඒ වැඩේ ඇතුළෙ සීරියස් වෙච්ච කෙනාට ඉන් ගැළවිමක් නැහැ.
වැඩේ තවත් අමාරු, මං අද්දකින ජීවිත හෝ සමාජ අධ්‍යාත්මය, වාර්තා කරන්නෙක් නොවන නිසයි. මං කතා ගොතන්නෙක් මිසක් ලියන්නෙක් නෙමෙයි. මං ලියන දේට සම්බන්ධ යම් යම් දේ මේ ලෝකෙ සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඒත් මගේ කතා මං හදපු කතා මිස මේ ලෝකෙ සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. ඒත් මං, ඒවා සිද්ධ වුණු විදිහට මටම ඒත්තු ගන්ව ගන්න උපරිම ශ්‍රමයක් දානවා. එහෙම වුණම තමයි සීරියස්ලි කියවන කෙනාටත් එහෙම නොහිතෙන්නෙ. ඒ හින්දා තමයි මං මැජිකල් කතා කාරයෙක් විදිහට නොපෙනෙන්නෙ. යක්ෂණී කෘතියෙ අයිෆල් කුලුන ඉස්සරහා කෙරෙන උද්ඝෝෂණය මැජික් නොවෙන්නෙ ඒකයි. මං විජය සමඟ හත්සියයක් දෙනා ලවා පැරිස් නගරයෙ මවපු ගං වතුර ඊට අවුරුදු කිහිපයකට පස්සෙ ඇත්ත ගංවතුරක් වෙන විදිහ ගැන මං හිතුවට ,ඒක වෙන කාටවත් නොදැනෙන්නෙ ඒකයි.
මං මෙහෙම කියන්නම්. මගේ දේශපාලනය වුණත් වේදනාකාරියි. සෞම්‍ය පැති නැහැ. මැරෙනකල්ම වේදනාව විතරයි. ඒත් අපි දේශපාලනික වෙන්නෙ මොන මොන තත්ත්ව එක්ක හරි ඒ අමාරුව අල්ලන් ඉන්න දරන උත්සාහය නිසයි. ආවේශය කියන්නෙ මෙන්න මේ දේටයි. මගේ ආවේශය සවිඥානිකයි.
as
* 'මේරි නම් වූ මරියා'ට ඉතිහාසගත අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දෙන්න වුණා. ඊට පස්සෙ නැවතත් කෙටි කතාවක් ලියන්න හිත හදාගන්න පුළුවන් වුණාද ?
අමාරු වුණා. ඇතැම් නතර කරගන්න බැරිවුණු ලියැවිලි මිස, මං බරපතළ විදිහට , සැළැසුම් සහගතව පොතකට අත තිබ්බෙ රත්මලානෙ පොතට. ඒ කියන්නෙ අවම වශයෙන් අවුරුදු 15කට පස්සෙ. ‘මේරි’ පළ කරද්දිම මං සැළැසුම් කරමින් හිටියා තවත් කෙටි කතා පොතකට යන්න. ඒකෙ නම ‘යාළුවන්ගෙයි මගෙයි කතා’. ඒත් ඒ කතා පවා මගේ ඔළුවෙන් ගියා ‘මේරි’ ගෙන දුන්න පීඩාව ඇතුළෙ. ඒත් කෙටි කතාවට කරන්න පුළුවන් දේ මගේ ඔළුව ඇතුළෙ විටින් විට විදුලි කෙටුවා. අභ්‍යන්තර කැඳවීමට අවනත වෙන්න පහුවෙලා හරි මට සිද්ධ වුණා. ලියන්න හිත හදා ගන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මේ, ඒ කෙටිකතා.
* ඔබගේ ලිවීම් ඇතුළෙන් පෙනී නොපෙනී මතුවෙන ආගමික සෙවනැලි ගැන තැකීමක් කරන්නේ නැද්ද? එසේත් නැත්නම් ඒවා නොවැළැක්විය හැකි ලෙස පැන නඟින ඒවාද?
මගේ අධ්‍යාත්මය මගේ සංස්කෘතියෙ නිර්මාණයක් මිස, ඕපපාතික දෙයක් නෙවෙයි. මගේ ලියැවිලිවල නිර්මාණශීලී බවක් තියෙනවා නම්, ඒක සලකුණු කරන්නෙ මගේ සංස්කෘතික සිතිජයනෙ. පුද්ගලයෙක් විදහට ගත්තහම මං හිටගෙන ඉන්නෙ ආගමට එරෙහි දේශපාලන ස්ථාවරයක් මතයි. ඒක කවුරුත් දන්න දෙයක්. ඒත් සංස්කෘතික ක්‍රියාවලිය ඇතුළෙ මං ආගමිකව ගත්තහම දෙමුහුන්. ශ්‍රී ලංකාවෙ සම්ප්‍රදායික පුරුෂ කේන්ද්‍රීය සම්ප්‍රදායට අනුකූලව නම් මං ආගමිකව බෞද්ධ වෙන්න ඕනි. මොකද මගෙ තාත්තා බෞද්ධනෙ. ඒත් අම්මා සහ තාත්ත අතරෙ තිබුණු ප්‍රේමයේ ගිවිස ගැනීම නිසා මට මාස තුනේදී බෞතිස්ම වෙන්න සිද්ධ වුණා. දෙන්නෙක්ගෙ ආදරයක් ඇතුළෙ එහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්නෙ. අනික ඒකෙ ගතියකුත් තියෙනවනෙ. ආදර ගිවිස ගැනීම ඇතුළෙම තියෙනවනෙ සම්ප්‍රදාය විරෝධී බවක්. මගේ අතේ තියෙනවා නවකතා හෝ කෙටි නවකතා වෙන්න නියමිතව ගොඩනැඟෙන ලියවිලි. ඉන් එකක් විතරයි ඔබ ඔය මතු කරන ආගමික සෙවණැලි ඔස්සේ ම ගොඩනැඟෙමින් තියෙන්නෙ. ඒකෙ සන්දර්භය නම් මුළුමනින්ම එහෙම තැනක තමයි තියෙන්නෙ. ඒත්, අනිත් කතාවල සන්දර්භය වෙනස්.
14915561_10154280475612946_6058660752643561540_n
* 'දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා' ඇතුළත ඔබ මතු කරන කතා ඇතුළත පෙති ගැළවෙන තවත් සැඟවූ කතා, සාමාන්‍ය පාඨක ප්‍රජාව ග්‍රහණය කරගෙන ඇතැයි ඔබ හිතනවාද?
‘බත්තලංගුණ්ඩුව’ තමයි පොදුවෙ කියවන ප්‍රජාව අතර ආදරය රඳවගත්ත කෘතිය. ඒකෙදිත් මට මූලිකවම ඕනි වුණා අලුත් සාහිත්‍යයික බසක් හොයා ගන්න. ඒත් ව්‍යුහමය වශයෙන් ගත්තහම බත්තලංගුණ්ඩුව සංකීර්ණ නැහැ. ඒත් ‘යක්ෂණී’ ව්‍යුහය ඉල්ලුවෙ අතිශයින් පුහුණු කියවන්නෙක්ව. කියවන්නව තීන්දු කරන්නෙ සන්ධර්භය විසින්නෙ. රටක සාහිත්‍ය විශ්වය සරලමතික කතාවලින් වෙනස් වෙන්න විදිහක් නෑනෙ. තියෙන ව්‍යුහ සහ අඩංගුව පුපුරවාලමින් අලුතින් ප්‍රති නිෂ්පාදනය නොකරන දේ සාහිත්‍ය වෙන්නෙ කොහොමද? නැවත නැවත කියවන්න පුළුවන් දේ ලියන එකට තමයි මං මගේ ශ්‍රමය වැය කරන්නෙ. එහෙම නැවත නැවත කියවද්දි අලුත් අලුත් දේ හොයා ගන්න හැකි වෙන එක නරකද? සාමාන්‍ය පාඨක ප්‍රජාව විශේෂ පාඨක ප්‍රජාවක් කිරීමට අවුළුවාලීම තමයි ඥානනය කියන්නෙ. ඥානනය කියන චලනය සිද්ධ නොවෙන දෙයින් සිද්ධ වෙන දේ මොකද්ද? කලාව හෝ සාහිත්‍ය කියන්නෙ හුදු රසය පරමාර්ථ කරගත් දෙයක් නෙවෙයි.
* ආදම් හමු වීම, පාන්දර වනතුරුම අද රෑ වැනි කෙටිකතා ඇතුළත කෙටි නවකතාවක සෙවනැලි ආදියත් පෙනෙන්න තිබෙනවා. නිර්ලෝභීව ඒවා කෙටිකතා බවට පත් කරන්න හිතුවේ ඇයි?
මට දේවල් එන්නෙම ඒකෙ ෆෝම් එකත් එක්කමයි. මං දන්නවා ඒක මොකක් වෙන්නද යන්නෙ කියලා. මගේ අතින් කිසිදාක නොලියවුණත් නවකතා හෝ කෙටි නවකතා විදිහට පැත්තකින් තියපු දේ යම් ප්‍රමාණයක් මගේ සටහන් පොත්වල සහ පරිගණක ලිපි ගොනු ලෙස පවතිනවා. ඒවා කවි හෝ කෙටි කතා නෙවෙයි. ඒවා නවකතා. ඒත් ඇතැම් ඒවා එන්නෙම කවියක් විදිහට. නිදසුනක් විදිහට ‘රෝසම්මා’ හෝ ‘නටරාජ්’ වගේ කවි ගත්තොත් මට ඒකෙ නවකතාවක් පේනවා. ඒත් ඒ සමස්තය පෙරිලා පෙරිලා මා වෙතට ආවෙ කවි විදිහට.
‘ශුද්ධ වූ ජුදාස්’ කතාව මුලින්ම කියෙව්වෙ අද කෙටිකතාවේ දැවැන්තයෙක් වෙන මා මිත්‍ර පියල් කාරියවසම්. ඔබ අද කියන විදිහටම, ඔහු එදා කිව්වා ‘මචං මට මේක ඇතුළෙ නවකතාවක් පේනවා’ කියලා. එදා ඔහු කියපු දේ වගේම අද ඔබ කියන දේත් ඇත්ත. ඒත්, මට මේවා ආවෙ කෙටිකතා විදිහට. නිර්ලෝභීව ශ්‍රමය විය පැහැදම් කරලා, ඒවා කෙටිකතා කළාට පස්සෙ, ආයෙ ඒවත් එක්ක ඔට්ටු වෙන්න අමාරුයි. ඇත්තම හේතුව ඒකයි. ලියන්න තියෙන ප්‍රමාණය වැඩියි. ජීවත් වෙන්න තියෙන කාලය හරි ම අඩුයි.
a
* ඔබේ සාහිත්‍යය ලෝකයේ නුදුරුම කාලයේ, ඔබට වැඩියෙන්ම බලපෑ ලේඛකයා හෝ ඔබේ සාහිත්‍යය වීරයා කවුද? එවන් වීරයන් අපට තව දුරටත් වුවමනා වී තිබෙනවා යැයි ඔබ හිතනවාද?
ශ්‍රී ලංකාවෙ ඇතුළෙ සාහිත්‍යයික ජීවිත විදිහට ගත්තහම, සයිමන් නවගත්තෙ‍්ගමගෙ අපිස් ජීවිතයටත්, සුගතපාල ද සිල්වගෙ අල්පේච්ඡතාවටත්, අජිත් තිලකසේනගෙ පළා යාමටත් මං කැමැතියි. පුද්ගලයො ලෙසත් මේ අයට මං කැමැතියි. අනික තමයි මේ තුන් දෙනාම නිර්මාණාත්මක කුහකකම කියන කාරණාව පරාජය කරපු බරපතළ මිනිස්සු. කුහකකම සමාජ නිර්මිතයක්. ඒක ඇත්ත නමුත්, ඒක තමන් තුළ පරාජය කිරීම තමයි කලාකරුවෙක් වීම වෙත ළංවෙන්න තියෙන පටු මාර්ගය. ශ්‍රී ලංකාවෙ මහා සාහිත්‍යකරුවො බිහි නොවන ගැටලුව තියෙන්නෙ මේ සන්දර්භය ඇතුළෙ. ශ්‍රී ලංකාවෙ සිංහල සාහිත්‍ය කියන්නෙ විෂ බීජ පිරුණු තැනක්නෙ. අඩුවෙන්ම තියෙන්නෙ සාහිත්‍ය. වැඩියෙන්ම තියෙන්නෙ සංදර්ශන.
මෙහෙමයි. මට වීරයො නැහැ. ආදරය තියෙන, ආදරය කරන ලියන්නො ඉන්නවා. ලිවීමට සීරියස් අය ලියන දේ අප හොල්ලනවා. ඒ අතරිනුත් මට වැහෙන්න පුළුවන් නම් මං වැහෙන්න උත්සාහ කරන්නෙ කසන්සාකිස්ගෙ ආත්මෙට. ඒත් මං දන්නවා මං භෞතිකවාදියෙක් හින්දා, මට ආවේශ වීම් වෙන්නෙ නැහැ කියලා. ඒ හින්දා මට සිද්ධ වෙලා තියෙනවා මාවම හොයා ගන්න. මං ලියන විදිහ ගැන දන්න අය දන්නවා. මං ලියද්දි පරල වෙලා වගේ තමයි ලියන්නෙ. ඒත් මට වැහෙන්නෙ මාවමයි.
* ඊ ළඟ පිම්ම නවකතාවක්ද? කවි පොතක්ද? තවත් කෙටිකතා පොතක්ද?
‘රත්මලානෙ වෙනත් කතා’ කොහොමත් එන්න නියමිතයි. ඒ ටික ඉවර නොකර රටින් පිටට ආවම , කෙටිකතා විදිහට මා ළඟ එකතු වුණු දේ, සුද්ද බුද්ද කරන්න පටන් ගන්න බැහැ. කවි පොතකට කවි තියෙනවා. ‘සන්තාන ගීතිකා’ වෙනම කවි පොතක් විදිහට මුද්‍රණය වෙන්න බලන් ඉන්නවා. ඒත්, මේවා සුද්ද බුද්ද කරන්න විශාල කාලයක් සහ ශ්‍රමයක් දරන්න ඕනි. දෙයක් මුද්‍රණයෙන් පළ කරන්න කලින් විශාල වශයෙන් ඒකත් එක්ක වැඩ කරන්න ඕනි. අපි හිතුවට ඒවා ඉවර වෙලා කියලා, ඒවා තව හදන්න ඕනි. එහෙම නැතුව පළ කරන එක කෘතියට වගේම, සහෘදයාට කරන අසාධාරණයක්. අතේ තියෙන දීර්ඝ ලියැවිලි අතරින් මොකක් ඉක්මනට ඉවර වෙයිද කියන්න බැහැ. සාමන්‍යයෙන් ගත්තම දේශපාලනික ප්‍රවේශයක් ගත්ත කෘතියක් ජීවිතේ රිද්දමින් ඉන්නවා. ඒ වැඩේ ඉවර කරන්න සම්පූර්ණ මාස දෙකක් ඇති. ඒත්, ඒ වෙනුවෙන් යොදවන්න මට එක දවසක්වත් මේ වෙලාවෙ නෑ. ඒ හින්දා ඒක පහුවෙනවා. මං ‘කැමූ’ එක්ක ගහන රස්තියාදුවක් වෙනම තියෙනවා. ඒක කඩිනමින් ඉවර කරන එක ‘පව්’ සිද්ද වෙන වැඩක්. ලියැවෙන දේ ලියැවෙන්න ඉල්ලන කාලය ඒ ඒ ලියැවිලවලට දෙන්න ඕනි. තමන් තුළම වැඩෙන්න කාලය ලබා ගැනීමට ඒ ඒ චරිතවලට අයිතියක් තියෙනවා . චරිත මට අවනත වීමට සමාන්තරව මම චරිතවලට අවනත නොවෙනවා නම් කොහොමද මා තුළ ප්‍රබන්ධ සාහිත්‍යය පවතින්නෙ? කෘතියක චරිත කියන්නෙ, ලියන්නගෙ රූකඩ නෙමෙයි. ඒ හින්දා මේවා ඔක්කොම ඉවරෙකටම ලියැවෙයිද කියන්න මං දන්නෙ නෑ.

 

සංවාදය | කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය | http://www.dinamina.lk/?q=2016%2F11%2F23%2F25803

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

මතකය;

c11a6bbd2c897e35ae4ac97152405aea

මුහුණ මත
වැටි වැටී නලියන
කොණ්ඩා කැරැල්ලක් මෙනි
මතකය;

කොතෙක් තිබූ තැන තැන්පත් කළද
නුවමනා තැනම පතිත වන
කිති කවන;
විලවුන් බිංදු ඉසින;
උන් හිටි තැන් අමතක කරවන

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

මා වැඩියෙන් ම පෙම් කළ ‘අය’ වෙනත් අය විසින් මරා දැමුණු පසුව:

553128b4d0a279cffaf82ca3ab5f28f6

පින් එක ගලවා
ඔබේ හෘදය වස්තුවට
විසි කළ
අත් බෝම්බය දුටිමි

සිරුර පමණක් ඉතිරිව
හදවත කීතු වී යනු දුටිමි
සමීපයේ සිටි හෙයින්ම
ලොකු සහ කුඩා උල් යකඩ කැබලි
පැල්ලම් ඇති කරමින්ම
ගේ මුහුණේ සහ ළැම අවට

හදවත නොමැති සිරුර
වතුර වීදුරුවක පවා දැන් ගිලෙන
පිදුරු ගස් පවා නොසැලකෙන
ඕනෑම උසකින් වැටී මුහුදේම ගිලෙන

පෙම් කිරීමේ මිහිරි සතුට
මරා දැමුණු පසුව
ගලවා ගන්නට නොහැකි බව දැන දැනම
ගිලෙන්නට නොදී රැක ගැනීම
කඳු මුදුන් වෙතින් ඈත් කර තැබීම
කෙලෙස කරම්ද
'එතරම්' කිසි දෙයක් නොවටින විට ඔබට

මේ ආදර යුද්ධය
මා නොදැන සහභාගී වුණ
ජීවී සාක්ෂිය ලෙස
ගන්නට නියමිත විට

සැත්කම් දන්නා අයම
මා පෙම් කළ අයව
මරා දැමූ පසුවත්
සැත්කම් දන්නා කෙනෙකුට
බැරිද මගේ හදවත ඔබට සවි කරන්න
ටික කලක් වත් දුක් නොවී ජීවත් වෙන්න

මම වැඩියෙන්ම පෙම් කළ 'අය'
වෙනත් අය විසින් මරා දැමුණු පසුව:

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com