කූබි හතලිහක්ඊයේඋදේඋස්සගෙන ආවාහදවතක් ඇනිලා ඒකේපුන්චිඊතලයක් ගලවලා දෙන්නලුනැතිව රිදෙන්නඇබිත්තක්වත් ඇද්දා මමඊතලය හදවත ගැස්සී පන ලබාඅල්ලා ගත්තාමගේ දෑතම ‘…..අනේ ඇයිගැලෙව්වේ……. ඒ මගේ ආදරය…………..’
Archive > November 2010
අන්තිම නැවතුම
අන්තිම දුම්රිය නැවතුමටකලින්අන්තිම චුම්බනයටත් කලින්කම්මුල් තෙමනමතකය දිය කරහිමට….ඔබෙන් සමුගත යුතුව ඇතපොතේ හැටියට. කැමතිදවෙනස් කරන්නටඒ අවසානයකවුරැත් බයඅනාගතයට පිටුපා මම අන්තිම නවාතැනට එමි ඔබ සමගම සියලු චුම්බනරැගෙනබැස යමිඅන්තිම නවාතැනින්බරටමතකය මුවේ ඔතාගෙන අර පොත කියවූනාකින්ට දිව දිගු කර.
දෙවියන් අසරනව
අහසෙන් පැනදෙවියෙක්මල් මහනවාෆැක්ටරියේ……. ඇනී ඉදිකටුබොත්තම් කාසයක්අඩනවා ළගම සිටිමල් කිනිතිදෙවියන්ගේඅතින් බිමට පැනබොත්තම් ළගම…. මල් පාට කරන සායම් නූල් බියපත්වදෙවියන් ළගහූල්ලමින් දෙවියන්අසරනවමලක් වත් මසා ගනු බැරිවමේ මනු ලොව.
පෙම්
වතුර ගලනා ශබ්දයක් ඇසීහදවතින්ඉවසා….ඉවසා….බැරිම තැනකියතක් ගෙනකපා බැලීමි ඇතුළත….. අහා….පෙම් රජ දහනකිඑතැන…. අත් පටලවා ඇවිදිනයුවලය උයන්තෙර….ඇසක කිමිදී අනෙකා සොයනයුවලය බන්කු මත……ගිනි අව්ව මට්ටු කරනයුවලකි සයුරැ තෙර…… නොදිටිමි තාමඅර ජල පහර මට ඇසුන.. එක් අන්තයක ,බිම වැතිරඋයනේ ජල කරාමය සකසනපෙම්වතෙකි බොහෝ උස.කරාමය කැඩූ පෙම්වතියතවම බැණ වදිත ඔහුටකැදවාගෙන ආවාට ඇයව මේ උයනට……
සේද රෙදි
රන් කාසි ගිලිනඇදුම් සාප්පුවසේද රෙදිවමාරයි සිබින්නටකතා කරසුවද විතරක්ඕන් නිදිදහවලෙත්සාප්පුව ඇගිලි තුඩගින්පැන පැනබෙල්ල කඩා ගතිමිසේද රෙදි ගොඩ උඩ කාසි වමාරනමැශිමක් තිබ්බාලුඑකමත් එක කාලෙක නම්දැන් එන්නේ ලොකු කොළමොනරැ සින්හයෝ ඉන්නඒත් නෑ කාසිරන්ම රන් කාසි ‘මේ කොළවල සත්තු ඉන්නවාඋන් අපිට ගොරෝනවා’ මට සේද රෙදි ඕනෙමයිඇහුණද ඔහේට….?
බිළිදු….
මුතු කැට මෙන්බිමටවැටෙතබිළිදු සිනායළි එක දෙක….ගණන් නොගෙනඉනු කොහොමටසිනා හදනඔහු මුහුණත…යලිත් වරක්රැවටී මමඔහු මුමුණනරහස් බසටආයේ ඇවිත්දිගම කලක්සිනා කැකුළු මල්පුබුදන….
එක්තරා දූපතක….
මැච් බලතිදූපතක පිරිමිපුටු මත අලවාන පස්සහය ගහන විදිහවිකට්ටුවටමබෝලය දමන හැටිදන්නේමේ අයමයසිටියාට අලවාන පස්ස පුටු මතඒ දූපතේමගැහැනුළමයි නලවයිබත් උයයිදර පලයිරෙදි සෝදයිතේ හදයිමදි පාඩුවටරට ද යයිපෙට්ටියෙන් ගෙදර එන්නටඒ මොනවා උනත්දූපතේ පිරිමිමැච් බලයිඅලවාන පශ්චාත්භාගපුටු මත.