මකුළු ගඟ හරි සැරයි
පෙම්වතුන්ට නම් හරි බයයි
අඹරවා අතපය හිමිහිට හිරි අරින
නූස් ගස් අතර
ඇවිද යන අතරතුර
ඈ සිතී යම් දෙයක්
ඇවිදින්න මකුළු ගඟ
එක පෙළට ඔහු සමඟ
වැතිර සිටි වියළි කොළ
යුහුව ඈ අතැර ගොස්
සිට ගතී වෙන තැනක
ලිහිල් කළ ගවුම් බොත්තම්
හනි හනික පියවමින්
කැටයමින් අලංකෘත
පනාවෙන් පීරු හිස
ගැස්සුවේ සැලෙන්නට
රන්වන් වු කෙස් කළඹ
ඔහු තවම ඉවුර ළඟ
සැඩ පරුෂ ගඟම දැක
එහි බසිනු බෑ සිතන
මකුළු ගඟ හරි සැඩයි
සුළඟටත් බැණ වදියි
පාවහන් හැර දමා
ඉවුර කොන එක තැනක
ඈ තුටින්,කෙළිලොලින්
ඇවිදින්න ඉවුර මත
සුළඟ ගතු කියන විට
ඈ මුවඟ සිනාවක්
වියරු මෘදු සිනාවක්
එක් මොහොතකට පමණ
ඈ සිඹී ඔහු මුවඟ
මකුළු ගඟ දෝත පා
ඔහු සිරුර පිළි ගතී
ඈ වැරෙන් තල්ලු කළ
මකුළු ගඟ නිසොල්මන්
ගලා යයි ඉවුර තෙක්
ඔහු සිරුර ඉවුර වෙත
ගෙන ආවෙ කැමැත්තෙන්
මඟුල් මුදුවක් හමු වු
එඩේරෙක් ඒ අසල
ඇණබාන ඉවුරු කොණ
මහත් පුදුමයකින් යුතුව.
ප්රතිචාර
Powered by Facebook Comments
27/01/2011 at 5:20 pm Permalink
රහයි…!
මහන්සියි…!!