Archive > April 2011

කැත බල්ල

මං හිටියෙ බෝට්‍ටුවක වම් පැත්තෙ පුංචි මල් ඉත්තක් දකුණු පැත්තෙ කැත බල්ලෙක් ලැකර් නිසා හරියට නොපෙනෙන හරිම දිග කාගෙදෝ නමක් මං ආස වුණේ පනින්න වම් පැත්තට එක්කෝ ගිණිකොනට ජබොං ගාලා සද්දෙට කැත බල්ලා එයාගෙ පුංචි මල් ඉත්ත කැත බල්ලගෙ මම ……….. එයා කිව්වෙම නෑ මට දැනගන්න ඕනමත් නෑ මම කැත බල්ලට කැමතිත් නෑ මල් ඉඹින්නත් [...]

Continue reading

උඩුබැල්ලෙන් – වඩා අසංවරව

සමාන්තර ලෝක දෙකකඋඩුබැල්ලෙන් මනුෂ්‍ය මමඅමනුෂ්‍ය ඔබ මම හිතන්නේ එහෙම පළතුරු කන මොළකැටි මුවහිමින් හිනාවෙන කෝමළ අඟන රතු ලේ උරා බොන නපුරු මුවදු‍ටු දු‍ටු දෑ තූ තූ කර දමන බයානක යෝධ රුව දිය යට ගිනි ගෙන ඔබ වෙත පියාඹන මමහිතුවක් කර සිනාසෙන ඔබ සමාන්තර ලෝක දෙකක අපිවඩා වැඩියෙන් නරක බෙදමින්උඩුබැල්ලෙන්වඩා අසංවරවහිතුවක් කරමින් මම හිතන්නේ එහෙම

Continue reading

අනවසර ගේට්‍ටු

අනවසර ගේට්‍ටුඅවසර ලත් කෝච්චි එකට හැපෙන මුදු ලූ අත්හෙමි හෙමින් රිංගා යන අනවසර කපොලු මේ දු‍ටුවක් ඇසින් මකා ගත යුතු කාලයයිකැතම කැත කෙටි කවුලුවෙන් ඈත බලන්නසිනා හඬ ඇසේ නම් තවමවයරින් කර ගත හැක ඔබට ඔබේ කන සහෝදරයා,යහලුවාඊටත් වඩා ළඟ මව-පියාවිය හැකියි විය හැකියිඇස් රවටා ගන්නඅව් කණ්ණාඩි අරන් දුන්නේ ඕවටම තමයිහා හනික ඇස ලා ගන්නකවුලුවෙන් ඈත [...]

Continue reading

වංචාකාර දිය ‍රැල්ල

                   ඡායාරූපය-http://www.deviantart.com/ වංචාකාර දිය ‍රැල්ලඑන බැව් දිවුරා කියාහදිසියේ නින්දට වැ‍ටුණ මම තාම වෙරළ අසබඩකිසිදු හඬක් නො ඇසීකලබලව සිප්පි ක‍ටු ගොලුවඔබේ වරද කියනු බැරිවරන්වන් මාලු වරල්මට පෙනෙන්නනොපීනන මුහුදු සුළඟඔබට පි‍ටුපා තවම හමනහැම රහස් හැමට කියනඋදාරම් ලෙස හිස ඔසවන වංචාකාර දිය ‍රැල්ලහදිසියේ නින්දට වැ‍ටුණමා ඔබේ සිහිනයනින්දේදීවත් නොපෙනෙන

Continue reading

තනි තනිව

 ඡායාරූපය-http://www.redbubble.com/ වියළි කොළ දන් දෙන මහලු ගස් යටඋඩ බලන් හිනාවෙන පුංචි මල් ඇතහිනාවකට  මුව අරින්නට කලියෙන්මදුඹුරු කොළ බිම හලයිනැහැදිච්ච ගස් ‍රැසහිනාවී මිය යන්නවත්පුංචි මල්වලට දැන් ඉඩ නැතඑකපාර මැරෙමු අපි මේ පාරපණ අදින දුඹුරු කොළ මුමුණන්න’හා’කියන්නත් පෙරමමිය යන්න පුංචි මල් ‍රැසතනි තනිව

Continue reading

විනාසයට මඟ බලමි

                                          ඡායාරූපය-http://www.redbubble.com/                                       සියල්ල බග සඳට පවරා බලා සිටිය හැකිද ආලෝක වර්ෂ  ප්‍රකෝටියක් සෑම ආත්මයකම මඟ බලමි හදුනා නොගෙන මඟ හැරෙන වාර අත හැර යළිත් මඟ බලමි මේ විකල් ආලයේ සුළි සුළඟ මා සුනු විසුණු කරනා තෙක් සීරුවට මඟ බලමි බග සඳින් ඇ‍රැඹි බග සඳින් නැවැති උන්මාද දෙබස යළි අරඹමි විනාසයට මඟ [...]

Continue reading

එදා නෑඩූ කඳුළු

                     ඡායාරූපය-http://www.redbubble.com/ වලාකුළුවලට ඇබිකින්දක් පහළින් අහස් යාත්‍රාවකට චූටිත්තක් ඉහළින් හැමදාම මම පින්නට තෙමෙමි නින්ද අහිමිව තැවෙමි පුංචි වැස්සකටද හඬමි ඒ හැම විට බිමට පනින්නද සිතමි හදිසියේ දවසක ඔබ දු‍ටු විට යළිත් අහසටම නඟිමි ලොවෙන්ම වසන් වෙමි ගෙරවුමකටද සලිත වෙමි වැස්සට පෙරම හඬමි එදා සිට අද තෙක්ම එදා නෑඩූ කඳුළු හළමි ඔබට බලන්නට අහසෙන් -පොළොවට

Continue reading

ඩිජිටල් අවුරුද්ද

මීන රාශියෙන් මේෂ රාශියටඅහස් යාත්‍රා කොටු පනිනහිරු කෝෆුජියාමා ගිනි කන්ද ගිල්ලා දදියවෙන අයිස් කඳු මත ගිලුණා දන්‍යෂ්ටික බලාගාරයකදුම් දමන බැරලයක දියවී ද එරබදු මල් හිනාවෙයිවිළිගෙන් ගැටිස්සියන් මෙන්නොපිපි මල් උඩ බලාගෙනකෑ ගසන්නට බැරුවඋගුරේ දුම් හිර කරවා ගත්කොවුලා දැක ස්පර්ශිත පරිගණක තිරයපංච දමයිකවඩි දැක නැතිඩිජිටල් ළමුන් ඉදිරිපිටනැවෙනු බැරුවායඅම්මාට තාත්තාට වදින්නේ කොහොමබඩ නෙරා ඇතරොබෝ ළමා පරපුරේම බුලත් කොළ [...]

Continue reading

කලිසමක අණ

එල්ලනු මාව අතනින්හා…හා…පිස්සුද ඔහේටබෙල්ල පල්ලෙහාට බෑ එපා දම් පාට මේස්මගෙ ළඟටඑයා හරි ගඳයිඊටත් පුරසාරම්රගර්…ක්‍රිකට්…හොකීමට නම් එපා වෙලා කවදත් නිහතමානීළා රෝස කමිසයමගෙ ළඟට…මගෙ ළඟට එක ක‍ටුවක් මදිමට කකුල් දෙකක්තිබුණු බව අමතකදරටකජු කා මිරිස් පිහිදූදකුණු කකුල අමතකද එපා………ඔය මළකඩ ක‍ටුමට එපා………………….. මාව එල්ලපන් මිනිහෝවෙන තැනකින්අව්ව වැඩි තැනකින්.

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com