Archive > May 2011

මෙගා

එහා ගෙදර ඇන්ටනාව නිතර මෙහා පැත්තට නැවෙන අම්මාටම උසුළු විසුළු කරන අපිට නෑසෙන්න හෙමිහිට ‘කෝ දැන් නැෂනල් ජියොග්‍රැ‍ෆික් ඇයි ඉංගිරිස් බයිස්කෝප් යන ස්ටාර් මූවීස් ‘ අම්මා රකියි මුණිවත ගෙතුළට වැදී ලක්හඩ අහමින් රාත්‍රියට සද්දෙ වැඩි වන සංසලා සද්දෙන් එහා ගෙදරින් හිනහෙන අම්මා එවිටත් ලක්හඬ අහන ‘ටීවී නම් නැතුවත් කම් නැත බලන්න තියෙන නිදහස අර ඇන්ටනාව [...]

Continue reading

තෝරා ගන්න

මේ සිහිනය උදුරාගන්න නැත්නම් වැරදීමකින් පෙනෙන්නට හරින්න කැමැත්තක් කරන්න නොපෙනෙනු පිණිස මා අන්ධ කරන්න නැත්නම් දැනටමත් මා අන්ධ බැව් පවසන්න ඔබට කැමැත්තක් කළ හැක අඳුරු කුටියක සදහටම මා සිර කරන්න නැත්නම් මගේ කුටිය හොඳටම අඳුරු බව පවසන්න ‍තෝරා ගන්න මට වස බිංදුවක් බොන්න දෙන්න සයනයිඩ් කන්න බල කරන්න නැත්නම් ලාදුරු හැදී මා මිය ගිය බව [...]

Continue reading

No 50

අංක පනහ දුම්රියෙන් යන්නම සිටි ගමන මඟ හැරැණි  මා වෙනුවට වෙනත් අයෙක් මා විලසින්ම බෝම්බද අක්‍රීයය මැරෙන්නට ක්‍රමයක් වෙනත් විදිහක් දනී නම් නොසගවා කියනු අසිපතක් හෙව්වාට ලැබූ එක මොට්ටය වස විසක් වුණත් නරකම නැත චුයින්ගම් වෙසින් එනවා නම්

Continue reading

ගිනි

මකර තොරණ යට ගිනි දැල් කොහොම පසු කරන්නද මට බයයි පිච්චෙන්න  කඩු උස්සාගෙන තවත් අය කුලුණු උස්සන ලැජ්ජ නැති පුංචි මිනිස්සු ගින්දර ගින්දර තොරණ යට හරිම ගින්දර අනේ එවන්න බැරිද ගිනි නිවන යන්තරයක් පුංචි එකක් ස්වීට් එකක් රෝස පාට එකක් ඉක්මනට

Continue reading

කොණ්ඩ කුරුල්ලෙකු

කොණ්ඩ කුරුල්ලෙකු මගෙන් කොණ්ඩය ඉල්ලන දිනපතා කීචි-බීචි ගාමින් අත පය විසිකර මට බනින අම්මාට ගතු කියන බොරුවට හිස ඇල කර අහිංසක හිනා පෙන්වන තක්කඩියා උඹ මගේ කොණ්ඩයම පතන අම්මා කියන ‘දීලා දාන්න ඔන්න ඔහේ ඉල්ලන එකමනෙ වැඩේ’ මම නිතර ඔබට රවන ඔබ නිතර මටම සිනාසෙන කොණ්ඩ කුරුල්ලෙකු ගොලු බසින් අපේ සාලයේ වැඩ වසන ඉද හිට [...]

Continue reading

රහස් යතුර

රහස් යතුර තවම මා ළඟ ඒ කුඩා දිවයින අගුලු ලා ඇත සියක් වර ළඟා වී නැවත හැරුනෙමි රහසින් ඇතුළු වී පලක් නැත විසල් පොරොවක් සොයා ගෙන දොරගුලු විවර කරමි ඇතුළු නොවීම පලා යමි බියසුලුකමට සිනාසී ඩිජිටල් අගුලක් දමා ගන්න රහස් යතුර උණු කර මම රූපෙට රූපයක් තනා ගමි ඕනෑම විට බලාගන්න හරි කැතට

Continue reading

එම්බා බම්බලපිටිය

චපල අව් ‍රැල්ලකින් වැසුණු එම්බා බම්බලපිටිය කහ ඉරි මත ඇඳි මිරිඟුව මකනු තොප මහා නරුමයෙකි අපිව වතුර සොයන්නම පොළඹවන  අත් අල්ලා එහා පැත්තට බය වැඩි නම් අතැඟිලි අල්ලනු බය වැඩිම නම් බඳ වටා අත දමනු එම්බා බම්බලපිටිය එම්.සීයේ වතුර බෝතල ඇත කහ ඉරේ බොරු මිරිඟුවට අපි පයින් ගසන්නෙමු ලජ්ජා වනු ! ලජ්ජා වනු ! ඕනෑම [...]

Continue reading

කන්තෝරු කඳුළු

මිනිස් පොදි කන්තෝරු කඳුළු පිසිමින් යකඩ යකා එනතෙක් මනරම් සිහින එකතු කරන වේදිකාවෙන් – යකඩ ආසනයට යකඩ ආසනයෙන් – තරප්පු පේලියට තරප්පු පේලියෙන් – වේදිකාවට වමතින් දහදිය පිසින දකුනතින් රට කජුද කන වෙලා ඇතොත් බිරියට කෝල් කරන බිරිය හෝල්ඩ් කර පෙම්වතිය සනසන සැමියා සොයා අනන්තය පීරන සාරි පොට වමතින් ගෙන ලෙහුනු වරලස ලිහා බඳින බඳ [...]

Continue reading

රතු වෙසක් කූඩුව

අත් අල්ලමින් කෙළි සෙල්ලම් කළ වෙසක් සඳ ළඟ කීකරු වලාකුළු ‍රැස මේ රෑත් අපට වතුර වීසි කරත කට ඇරගෙන ගස්වල එල්ලුන පාට හතේ බකට් ‍රැස විළියෙන් ඇකිලෙත් තෙමුණු විට සෙළුව පෙනෙනා බැවින් අහසට අඹ ගහේ ලොකු අත්තට නැගුණු රතු වෙසක් කූඩුව දෙකට නැවෙමින් දිගු ‍රැලි හකුලයි කැත කරන්නට පෙර තම ඇඳුම පළමු වැහි බිඳ වැටෙන්නට [...]

Continue reading

ක‍ටුසු පෙම

තෙත කොළයකින්හිස වැසූක‍ටුස්සෙකුඅසන ගීමෙතරම් පැ‍රැණිද? ගීතයේ තාලයටකෙට්‍ටු කකුල් සොලවනසුළඟ හමන අතටහිසද හරවනමා දු‍ටු විටහිස ඇල කර සිනාසෙනකොළ පාට ක‍ටුසු තෙම කවුරුන් කීවාද ගීත අසන්නටඇරත්පැ‍රැණි හින්දි ගී ම මම ආස ඒවාම ඔහු මිය ගියෙන්පෙමට ලෝභයෙන්කොහොම හිතන්නදක‍ටුස්සෙකු වූ බවමෙතරම්ම ඉක්මනටහැරෙන තැපෑලෙන් ම නැතිද මට ඉඩක්වෙනතක යාමටමිනිස් වෙසින් – ඔබ මඟ හැර මෙවරවත්?

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com