කන්තෝරු කඳුළු

මිනිස් පොදි
කන්තෝරු කඳුළු පිසිමින්
යකඩ යකා එනතෙක්
මනරම් සිහින එකතු කරන

වේදිකාවෙන් - යකඩ ආසනයට
යකඩ ආසනයෙන් - තරප්පු පේලියට
තරප්පු පේලියෙන් - වේදිකාවට

වමතින් දහදිය පිසින
දකුනතින් රට කජුද කන
වෙලා ඇතොත් බිරියට කෝල් කරන
බිරිය හෝල්ඩ් කර පෙම්වතිය සනසන
සැමියා සොයා අනන්තය පීරන
සාරි පොට වමතින් ගෙන
ලෙහුනු වරලස ලිහා බඳින
බඳ සිඹින දහදිය පිසින
සුරතලයෙන් දුම්රියට නැවෙන

යකඩ කට කැත වචන වමාරන
ඒ කෝච්චියද,මේ කෝච්චියද
ගුටි ඇණ ගත් බව කියන
එන්නේම නැති බව කියන

අනේ මක් වෙනවද
අපිට හරි ආසයි
අනුන්ගේ මුහුණ සිඹින්න
නාදුනන අත් අල්ලන්න
සුකුමාල ඇගේ අත් බෑගය
පපුවට තද කරගන්න
නාන්න බැරි වුණු සැමගේ
සුසුවඳ විඳින්න
නාදුනන ලිප්ස්ටික් මුද්‍රා ලබන්න
ජැක්සන්ලාව යහමඟට ගන්න
වැරදී සිහින් අතැඟිලි පිරිමදින්න

ආසාව කොයි තරම්ද

ඔය මහත්තරු කැමැත්තක් කර ගන්න
අපි වීදුරුවේ වතුර වගේ
කැමති හැඩයට
කැමති පාටට
ඕනම වෙලාවක
ඇත්තයි-සත්තයි

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "කන්තෝරු කඳුළු"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com