සීතල පහර දෙන විට ඇඟිලි තුඩුවලටම උඩුකුරුව බලා සිටියා අත්වැස්මක්ව ඔබේ මතකය බීජීංය ඒ නපුරු නගරය හිනා වෙන්නත් කාසි ඉල්ලන බඩ මහත නැති ගසක් නැවි නැවි මහත්තුරුගෙන් කතුරු ඉල්ලන බඩ වටේ හරි තදට බැදලුව හුස්ම හිර කළ බැදුම් කැපුමට සීත කාලය විලිස්සූ දත් පෙනෙනවා තද මීදුමට යට අතැර ආ අත කුමන සුවඳද බීජිමේ මල් කියනු […]
Archive > June 2011
පැන්ඩෝරා
මිනිස් නැටි වලාකුළු අතරින් බිමට පැන්ඩෝරාවේ මහා සටන් වලාකුළු බෝම්බ මකර මුවඟින් චුයින්ගම් මෙන් වැටී බිමට පොළොවේ හැපි හැපී හඬන අපට ඕනෑ සටනක් යාන්තමින් පෙනෙන මිනිස් නැටි කුතුහලය කිති කවන කෝ අර උස ඉනිමග ජැක් ගේ බෝංචි වැල එකවර සිය දෙනෙකු අහසට ගෙනියන යෝධයාගේ මායා වාදනය අපට ඕනෑ සටනක් මැද්දට පැන මැරුම් කන්න පැන්ඩෝරාව මසුරං […]
තැපෑලේ නැති වූ අත්තටු
එක් ග්‍රීෂ්ම නිවාඩුවක අම්මා එවු අත්තටු තැපෑලේ නැති වූ බව අදටත් මට විස්වාස නැති අම්මලා අත්තටු තැපැල් නොකරන බකුසු ළමයින් පා ඇඟිලි තුඩින් ගොස් ලියුම් පෙට්ටි කුඩු කර සොරා ගෙන ගොසිනි ඒ මහඟු තටු නාඬන්න ම’දුවණී ලබන වර පියාඹනු හැකි ඔබේම අත්තටුවලින් ග්‍රීෂ්මය ලබන්නත් පෙර හිස හරවා බිමට දෙ අත බැඳ ළැම වට ඔබ උණුසුම්ව […]
සින්ඩරෙල්ලා
ජෑස් නැටුමට මොහොතකට පසු මතක් විය මට කුඩම්මගෙ අණ පන්ච් බීමකි තොලගාන රස ඈට උවමන බෝතලයකි ඉන් ලොකුම ඉස්සෝ හතරකුත් ගෙන ගවුම් සාක්කුවෙ රුවාගත්තෙමි යුගල නැටුමට ඇස රදවනා වෙස් මුහුණු සරි රදවනය ගෙන පසුම්බියෙ අග හැංගූයෙමි අවසානයට මම චීස් පෙත්තක් ගන්න හැරෙනා විටදි ඇලයට කකුල පෙරලී බිම පතිත විණි දොලහ වැදුනේ අන්න එවිටම රෑ සාදයේ […]
විකාරයක් නොවෙද මෙය…
පුටු කතා කර හිසම ඇල කර සිනාසෙන සීත සුළඟ බොන්නට බීම බට ඉඟි කරන විකාර මොකටද තව මට දෙන්න තව සිහිනයක් පැළ කරගන්න කඳුළු අගෙයි පිපාසයට කවි දැමිය හැකි පොහොර ලෙස පෙරේරා සහ පුත්තු ළඟ අන්න ගොඩ ගැසූ මතක පෙම්වතුන් විත් තොග පිටින් තෝර තෝරා ගෙන යත නොදැන එහි කඳුළු රස විකාරයක් නොවෙද මෙය අඬන […]
හදිසියේ උස ගිය කන්දකට
මෙතරම් උස ගියේ කොහොම එදවස ඔබ හරි මිටි නොවැ අපි යන විට වංගු නවන බසයක ඔබ හිටියේ හරි මිටියට දිය ඇල්ල ළඟ කඩයක හෙවනැල්ල වත් තිබුනේ නෑ එදවස ඉර එන විට යකෙකු මෙන් කරන්නට දෙයක් තිබුණේ නෑ එහෙමට හිස පාත් කර නැවෙන්නට උස වෙන්න ඕනෑ හරියට සුළඟ යන විට රන්ඩුවට ගස් වැල් ද ඉදිරෙනවා එකවිට […]
ඊයා අනේ කැත කවි
රස නැතුවාට මා එවූ පෙම්පත පලිගන්නේ මෙහෙමද ඔබ එවා මට විස පෙවූ ඊතලයක් ඒ මදිවාට හතර පද කවියක් ඇයි බැරි දුන්නකින් විදින්න මට බෑ විස අල්ලන්න ඊයා අනේ කැත කවි බැරිද නිසදැසක් වත් ලියාගන්න මට බෑ මේවා ගයන්න ඕනෑ නම් තැටිගත කර එවන්න මෙහෙමද ඔබ පලිගන්නේ මගෙන් මට ඕනෑ තව දරුණු පෙමක් විස ඊතල විදින […]
Beastly
ප්‍රේමයට අවලස්සන හැඩයක් තිබිය හැකිද මායාකාරියකට පෙම්වතෙකුට සාප කළ හැකිද කාලය ඔබව මනින්නට බලා සිටියි ඉසුයුම් නාද තරංගයක්ව ඔබ ගැයෙන්න පෙම්වතා විරූපී බව නොදකින්න වමතේ සිට මුලු ශරීරයටම අතු විහිදා වැඩෙන ගසක ළපල්ලක් වන්න මල් පුබුදන්න ඒත් මදෙස නොබලන්න මායාකාරියට මල් දෙමිටක් අවලස්සන කළාට පෙම්වතාව එක ම මැජික් පණිවුඩයක් ඔබේ දෙතොලින් වචන තුනයි ආදරේ බව […]