ජෑස් නැටුමට
මොහොතකට පසු
මතක් විය මට
කුඩම්මගෙ අණ
පන්ච් බීමකි තොලගාන රස
ඈට උවමන බෝතලයකි ඉන්
ලොකුම ඉස්සෝ හතරකුත් ගෙන
ගවුම් සාක්කුවෙ රුවාගත්තෙමි
යුගල නැටුමට ඇස රදවනා
වෙස් මුහුණු සරි රදවනය ගෙන
පසුම්බියෙ අග හැංගූයෙමි
අවසානයට මම චීස් පෙත්තක්
ගන්න හැරෙනා විටදි ඇලයට
කකුල පෙරලී බිම පතිත විණි
දොලහ වැදුනේ අන්න එවිටම
රෑ සාදයේ ලොකුම බිත්තියෙ
තනි සපත්තුව ගෙදර ආ විට
මතක් විණි කෝ අනෙක ඇත්තට
චීස් පෙත්තක් ඇතුළෙ ඇත එහි
මෙවර සෙවුමට ලෙහෙසි මයි එය
නාසයක් තිබුණොතින් ඇතිමය
ප්රතිචාර
Powered by Facebook Comments
22/06/2011 at 4:36 pm Permalink
නියමයි මේකත්.
පාඨකයන්ට නොදන්වා බ්ලොග් ලිපිනයෙන් අයින් වුණා නේද?
26/06/2011 at 4:17 am Permalink
ane ne.samavenna vechcha deta.blog address eka venas kale ne.
blogger valin word press valata maru una.