එක් ග්රීෂ්ම නිවාඩුවක
අම්මා එවු අත්තටු
තැපෑලේ නැති වූ බව
අදටත් මට විස්වාස නැති
අම්මලා අත්තටු තැපැල් නොකරන
බකුසු ළමයින්
පා ඇඟිලි තුඩින් ගොස්
ලියුම් පෙට්ටි කුඩු කර
සොරා ගෙන ගොසිනි
ඒ මහඟු තටු
නාඬන්න ම'දුවණී
ලබන වර පියාඹනු හැකි
ඔබේම අත්තටුවලින්
ග්රීෂ්මය ලබන්නත් පෙර
හිස හරවා බිමට
දෙ අත බැඳ ළැම වට
ඔබ උණුසුම්ව සිටිය යුතු
අපේ අත්තටු දිරනු දැක දැක
කොහොම පියඹන්නද
හිච්චි ඔබ
ග්රීෂ්මය එතරම් දිග නැත
අපේ මහලු අත්තටු තරම් නරක නැත
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "තැපෑලේ නැති වූ අත්තටු"