අන්න මිනිහෙක් ලේ බොනවා

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක පස්වැන්නයි මේ.

 

සීබ්‍රාවකුගේ අවසන් මොහොත

සමහර සඳුදා දිනවල ඉරට තරහා යයි. මේ එවන් දිනයකි. හොඳටෝම තරහ ගොස් ඉර ඉක්මනින් බැස යන්න තීරණය කළේය. වෙනදාටත් කලින් හවස් යාමය උදා වූ අතර අහසේ කිසිදු තැනකින් ඉර සොයාගත නොහැකි විය. වලාකුළු මුණු මුණු ගාමින් තැන් තැන්වල කටොලු කතා කී අතර ඈතින් සිටි විසල් කන්ද කාටදෝ අත වනන්නට විය. දැන් කාටත් ඉර ගැන අමතක ය. කන්ද අතවනන්නේ මිනිසුන් තුන් දෙනෙකුට ය.

රකීටෝ කන්ද සමඟ සිනාසෙමින් යහළුවන් දෙදෙනා සමඟ කන්ද තරණය කරන්නට විය. අතොරක් නොපෙනෙන තණ බිම හරහා එක සීරුවට දිව යන කුළු හරක් සමූහයකි. සීබ්‍රාවෝ ද ඒ පසුපස ය. සුදු, කළු තිත් ලෙසින් තණ භූමිය හරහා දිව යන මේ සතුන් වාර්ෂික සත්ව සත්ත්ව සංක්‍රමණයට සහභාගි වූවෝ ය. රකීටෝ කෙන්යාවේ හවානා තණ භූමිය අසල දිවි ගෙවන ඩොරෝබෝ ගෝත්‍රයට අයත් වැඩිහිටියෙකි.
හේ කන්ද බසින ලෙසට සෙසු සගයන්ට හිසින් ඉඟි කළ අතර ඔහුගේ ඇස් තවත් යමක් සොයමින් කල් මරන බවක් පෙනුණි. කන්ද පාමුලට ආ සැනින් කොළ පාට තවරා ගත් තණ භූමිය හරහා ඉක්මන් ගමනින් යන්නට වුණු රකීටෝ හට ඈතින් ළා දුඹුරු මිශ්‍රිත ළා කහ පැහැති පොදියක් පෙනුනි. ගස් ගොන්නෙන් මෙපිටට ආ විට ඒ කදිම තරුණ සිංහ නාම්බෙකු බව පැහැදිලි විය.
ඔහු පසුපසින් සිංහ ධේනුවකි. ඈ හිස හරවමින් යමකට ඉව අල්ලයි. ඔතෑනි ගමනින් ස්වකීය නැට්ට කරකවමින් යන අතර පසුපසින් එන හිතවතුන් දෙස ද බැලුම් හෙළයි. කුළු හරක් පැටවකු සිංහ ධේනුවගේ දර්ශන මානයේය.
ඕ නැලවිලි ගමනින් සතුන් පසුකර මඳ දුරක් ගිය අතර ඉතාමත් ක්ෂණිකව ගමනේ වේගය වැඩි කළේය. දුර්වලයා පරාජය විය. තවත් කෙලවරක සිංහයෙකු සීබ්රාම පැටවකුට කුරුමානම් අල්ලයි. කිසිත් නොදන්නා අපරීක්ෂාකාරී සීබ්රාර පැටවා සිංහ උගුලේ හසුවුණි. පවනට බඳු වේගයෙන් දිව ආ සිංහ නිය සහ මුව හමුවේ නිහඬ පරාජයක් ලත් සීබ්රාැ පැටවා තනි කරමින් සෙස්සෝ වහ වහා දිව යන්නට විය.
රකීටෝ ඇතුළු සගයන් හොරගල් අහුලමින් සිංහයන් පසුපස වැටුණි. පොළොවේ අඩි සලකුණු බලමින්, සුළඟට ඉව අල්ලමින් ඔවුන් බොහෝ දුර ඇවිද ගියෝය. රකීටෝ රතුපාට කොටු සරුවාලයක් උරහිස මත පටලවාගෙන යටිකයට දම්පාට කෙටි සරුවාලයක් ඇඳගෙන ය. වම් උරයේ ඊතල මිටියකි. දකුණු අතේ ශක්තිමත් දුන්නකි. සිංහයන් ගේ දඩයම් භූමියේ හොරගල් අහුලමින් ගිය ගමනේ කූටප්රාසප්තිය වූයේ උකුස්සෙකු ගසක් මත සිට කළ අමිහිරි කෑ ගෑමකි.
‘....සිංහයො මේ හරියෙ ඉන්නවා.
උකුස්සා කෑ ගහන්නෙ ඒකයි...’
රකීටෝ සෙස්සන්ට පැහැදිලි කරන්නට විය. ඔවුන් දෙවරක් නොසිතමින් සිංහයන්ගේ අඩවියට ඇතුළු විය. කවාකාරව ගොදුර වටා රැස් වී සිටි සිංහයන් ගණන 15 ක් පමණ ය. දුර්වලයන් පලවා හරිමින්, ශක්තිවන්තයන් ආහාර අනුභවය පටන් ගෙන තිබුණි.
කිසිදු දඩයමකට වෙහෙස මහන්සි නොවූ විශාල සිංහයෙකු ගොදුර මුළුමනින්ම අයිතිකරගෙන සෙසු අය පලවා හරින්නට උත්සහ කරයි. සිංහයන් සිටින තැනට මීටර 20 ක් පමණ තරමක් උස් භූමියක රකීටෝ සහ සගයන් දෙදෙනා ඇණ තියා ගති.
රකීටෝ ගේ මුව මත වියරු සිනාවකි. ගොදුර අනුභව කරන අතර හාත්පස බලන සිංහයෙකු ගේ ඇස්වලට රකීටෝ ගේ ඇස් හමුවෙනවා. රකීටෝ හිස සෙලවීය. සැනින් අනෙක් දෙදෙනාත් ඇණ තියාගත් තැනින් නැගිට ඉතාමත් වේගයෙන් සිංහයන් සහ ගොදුර වෙතට ගමන් කරන්නට විය.
දැන් ඔවුන් අතර දුර මීටර් 10 ක් පමණ ය. තැති ගත් එක් සිංහයෙකු ගල් ගැසී මේ අරුම මිනිසුන් තිදෙනා දෙස බලා සිටින්නට විය. සැනින් පසුපස හැරී දුවන්නට විය. දැන් ඔවුන් අතර පරතරය මීටර් 05 ක් පමණය. සිංහයෝ එකිනෙකා තම ගොදුර අතහැර දුවන්නට ගති. නිර්භීත එක් සිංහයෙකු  ප්‍රශ්නාර්ථයක් සහිත මුහුණින් රකීවෝ ඉතා ආසන්නයට පැමිණෙන තෙක් තම ගොදුර අසල සිටි මුත් හනික කැලයට දුවන්නට විය.

හොරාට ගත් සිංහ දඩයම

රකීටෝ සතුව ඇත්තේ මිනිත්තු කිහිපයක් පමණි. මෙය වංචාවක් බව සිංහයන් තේරුම් ගැනීමට ප්‍රථම සිංහ ගොදුර සොරකම් කර ගත යුතුය.
රකීටෝ තම සරුවාලය ඇතුළෙන් දිගු, මුවහත් මන්නයක් ගෙන කුළුමීමාගේ එක් අංශයක් කපා ගති. වනාන්තරයේ සිට විමතියෙන් බලා සිටින සිංහයන් රංචුව තුට්ටුවකට මායිම් නොකරමින් කපාගත් මාංශ සහිත කොටස සැහැල්ලුවෙන් ඔහු කර මතට ගත්තේය.
65 හැවිරිදි රකීටෝ නම් ඩොරෝබෝ ගෝත්රිතකයා සමච්චල් සිනාවකින් මුව සරසාගෙන සිංහ අඩවියෙන් ඈතට ඇදී ගියේය. මේ දඩයම දුන්නෙන් ඊතලයෙන් කළ එකක් නොවේ. මේ මොළයෙන් කළ දඩයමකි. සිංහයන් දඩයමට පොළඹවා ඔවුන්ගේ දඩයම සොරකම් කිරීම ඔවුන්ගේ සැලසුමයි. මෙය පෞරාණික දඩයම් විධික්‍රමයකි.
“... හැමෝටම මෙහෙම සිංහයො එක්ක සෙල්ලම් බෑ. ඒකට භය නැතිවෙන්න ඕන. ආත්ම විශ්වාසය තියෙන්න ඕන. සිංහයන්ට වඩා මොළේ තියෙන්න ඕන.”

ලේ බොන මිනිසුන්ගේ උමතු සටන්

“... අන්න මිනිහෙක් ලේ බොනවා...”
පොල්කිච්චෙකු කී ආරංචියක් අනුව ඉතියෝපියාවේ සුරී ගෝත්‍රිකයන් සොයා ගිය විට ඒ නම් සත්‍යයක් බව පෙනුණි. ගොපලු කොළුවන් ගොපලු රණශූරයන් කරවන මේ උමතු ලේ බීමට හොඳින් වැඩුණු හරකෙකු අවශ්‍යය.
හරකාගේ බල නහරයකට දුන්නෙන් විදින අතර රණශූරයා ගැඹුරු පතුලක් ඇති භාජනයේ ඇති ලේ පානය කළ යුතුය. ඒ පළමු කඩඉමයි. දෙවැන්න ඩොන්ගා නමින් හඳුන්වන ලී වලින් කෙරෙන මාරාන්තික සටනයි.
ගොපලු රණශූරයා බවට පත් වීමට බලා සිටින ෂෙවෝරි ලේ බිව් උණුසුමින්ම ඩොන්ගා සටනට සහභාගි වීමට සටන් භූමියට ගමන් කරයි. අසල්වැසි ගමක තරුණයෙකු සමඟ ඔහු සටන් කළ යුතුය. මීටර් 02ක් දිග ඩොන්ගා ලීය මිනිසෙකුව මරණයට පත් කිරීමට තරම් ශක්තිමත්ය.
තරගකරුවන් දෙදෙනෙක් සටනේ. ඔවුන් දෙදෙනාම මුළුමනින්ම නිරුවත්ය. හිස පැළඳූ වර්ණවත් තොප්පි හැරෙන්නට ශරීරයේ කිසිදු වස්ත්ර යක් නැත. හදිසියේ ම අනෙකාගේ පහරකින් හිස පැලී ලේ ගලන්නට වූයෙන් ජයග්රානහකයෙකු ඉතිරි විය.
දැන් ෂෙවෝරි ගේ වාරයයි. හේ කෙටි නිල් සරුවාලයක් ඇඟ පටලවාගෙනය. නමුත් ඉන් නිරුවත වසා ගත නොහැකිය. දුහුවිලි රවුම් සාදමින් බොහෝ වේලාවක් දෙදෙනාම සටනේය. උපක්‍රමශීලීව ෂෙවෝරි ප්රනතිවාදියාගේ හිසට පහර දෙන්නට විය. පහර වැළකිය නොහැකිව හේ කිහිප වතාවක් අසරණ වූ අතර මෙවර හිසෙහි කැපුම් පහරක් උරුම කර ගති. ප්‍රතිවාදියා බිම පතිත වුණි. ෂෙවෝරිට ජයග්‍රහණය උරුම විය. දැන් ඔහු නියම ඉතියෝපියානු ගොපලු රණ ශූරයෙකි.
“... ලේ බීමෙන් අපිව ශක්තිමත් වෙනවා. සුරි සටනින් නිර්භීතයෙක් කරනවා.
ෂෙවෝරිගේ අතින් අල්ලාගෙනම මම කන්ද තරණය කරන්නට වීමි. කේලම් කියූ පොල්කිච්චා ලජ්ජාවෙන් වෙනත් පැත්තකට පියාඹනු මම හොරැහින් දිටිමි.
බී.බී.සී ‘හියුමන් ප්ලැනට්’ රූපවාහිනී කතා මාලාව ඇසුරින් ලියූවකි.

කාංචනා අමිලානි

ඡායාරූප – තිමොති ඇලන් timothyallen

උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ ‘සිතිජය’ අතිරේකයෙනි.
[වර්‍ෂ 2011 ක්වූ මැයි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා]
දිනමිණ පුවත්පත් සබැදිය –http://www.dinamina.lk/sithijaya/?id=07&tday=2011/05/19
ටොරන්ට් -6254831
බී.බී.සී හියුමන් ප්ලැනට් වෙබ් පි‍ටුව- humanplanetexplorer

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

, , ,

3 Comments on "අන්න මිනිහෙක් ලේ බොනවා"

  1. ලස්සනයි

  2. ස්තූතියි !

  3. නිකමා
    02/08/2011 at 3:24 pm Permalink

    පට්ටයි ඈ

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com