Archive > August 2011

එම්බා එම්බාම්කරුව

මම හරි කැමති එම්බාම්කරුවන්ට එම්බා එම්බාම්කරුව, විසුළු සහගත මේ මුහුණ සෝකයට හරවනු මැන පා ඇඟිලි අල්ලා එකට නො බදිනු මැනවි මහපට ඇඟිලි සදා රිදුම් දෙන මළ පසුත් කුමට වේදනා තුනී කපු සාරිය අළු පාට බඳ වටා පස් වරක් ඔතනු පොට දිගට නොදමනු මා පය පැකිලී බිම වැටිය හැක එම්බා එම්බාම්කරුව, මේ විසුළුසහගත බවින් මා මුදනු [...]

Continue reading


බූරු සිරිමත

ටයි කෝට් ලූ බූරුවා මහත්තයා දිල්ලියේ ගඟක ළඟ වන වනා තම නැට්ට හොයනවා රිදී සාරියක් සාද කතා මොකටද මේ එන්නේ කිඹුල් තෙම කෝ අපේ ‘රාමු’ අපුල්ලන්නා කකුලක්-අතක්වත් නැත්ද ඉතිරිව මේ මොනවා කියනවද බූරු මහත්තයෝ ‘රාමු’ කාලා වමනෙ ගියා නොවැ මට හරී අපුළයි මතක් වෙන කොට කොයි තරම් නම් සතුන කා ඇතිද මෙහෙව් මසක් නම් නොකමි [...]

Continue reading

වෙනත් චක්‍රාවාටෙකට

මට අමතකව ඔබ හුස්ම ගන්නා හැඩ හිතුමනාපෙට සිකුරු තරුවත් ගලවාගෙන මේ යන්න යන ගමන වෙනත් චක්‍රාවාටෙකට යන අතරමඟ කියවන්න රූප ඇලවූ පෙම් හසුන් පෙළ ළමැද ඔසවා පෙන්වන්නෙ මේ කිම.. යන අතරමඟ පාර කියනට මට ඕනෑමද කතා නොකරන දෙතොලකුත් තව අනේ තවමත් මට අමතකව ඔබ හුස්ම ගන්නා හැඩ ඉසුයුම්ව ඔබෙ ඇඟිලි ඇවිදින හිතක් සිඳුරුව වෙඩි උණ්ඩ [...]

Continue reading

උඩඟු මල් ගස

මගේ පා යුග දන් දුනිමි මල් වවන්නට ටවුමේ හොඳම මල්කරුට අවසිහියෙන් මම කකුල් යුගලක් විතරක්ම ටවුම පුරා ඇවිද ඇවිද සාරවත් මල් පෝර සොය සොයා මිලට ගෙන බිම දිගේ ඇදගෙනම ගිය අයුර නො දු‍ටු අය නැති තරම් දවස් විසි හතරකින් ටවුමෙ මැද චතුරස්‍රයේ කකුලකින් මතුව ආ මල් පැළය මදක් නැවීගෙන වම් අතට තම මලක් පිරිනමයි ‍රැළි [...]

Continue reading

පාර මාරු වූ කෝච්චිය

අහසේ රිදී මන්දාරම ළා නිල් පාටට වැහි බිංදු හලනා විට පියෑඹීමි පුංචි මාර ගස වෙත එක් සවසකට මෙතරම් වෙනසක්.. කොහෙන් ආවාද මේ ලොකු රේල් පාර කාපට් අලවාගෙන හිනාවෙන පුංචි තාර පාර හරියට ම මගේ වම් ඇස මුලට ළා නිල් පාට වැහි බිංදුවක් එසැනින් මා දකුණැසටත් මාර ගස උඩ අපේ කූඩුව ඊයෙ ඉපදුන කෙළීගේ වත ත‍ටු [...]

Continue reading

එක පිම්මකින් දෙව් ලොවට

චානක්‍යාපුරියට සඳ ‍රැස් ගලන සිහි මද සිහින රාත්‍රිය කෝ ඔබේ දිගු කළු කබාය ඩ්‍රැකියුලා වෙන්න ගත් කබාය ආං අර අතන ඔබේ මොටෝ රිය තල්ලු කරන්නත් හිනා මැෂිමක් ඕනෑමද ග්‍රාස් බොන මහත ඩ්‍රැකියුලා තෙම කොහිද සත්‍යනිකේතනයට ඒ හඳ නොපෙනේද මහත්වරුනි මේ හිනා හරි අසෝබනය අපි ගැහැනු ළමයින් නොවෙමුද මේ පෙළඹවීම් ගිනි ගන්නා සුලුය චානාක්‍යාපුරියෙන් අහසටම නැඟ [...]

Continue reading


වෘක දත

මේ වෘක දත ඈත මොන්ගෝලියාවෙන් තැපෑලෙන් ආ සුදු-සිනිඳු මල් පෙත්ත දතක් වුව මෘදු කරන මට උවමනා නැති ඒ තරම් මෘදු වෙන්න ඔබෙ සිනිඳු ගෙල මුලට මධු රහස් කියන’තර සැදූ පොඩි සිදුරකින් වුර්ක දත් ගෙනයන්න දහවලෙත් ඇවිදින්න ඔබේ අත සිපගන්න වෘක සම සිනිදු බව රහසකින් පවසන්න මේ මියුරු ආලයට සාපයක් පවරන්න වෘක දත ඔබ ගන්න මල් [...]

Continue reading


රහසක්

අනේ මට කණක් දෙන්න රහසක් තිබේ අහගන්න සූදුවට ගොස් එක් ‍රැයක මම ඔට්ටුට තැබුවෙමි හොඳම කන් දෙක එදා සිට අද සවස වන තෙක් රහස් කිසිවක් නෑසුවෙමි මම මේං එවිටම ඔහු කියපි මට කියන්නට මට රහස් ඇති බව හා මෙනවියක් දුන් කනක් ඇත ඇලවු හැම විට බිමට වැටෙනා පර්සියන් පූසෙකුත් හවසක ගෙනැත් දුන්නා දකුණු කන මට [...]

Continue reading

කතා කරන චිම්පන්සීන්ගේ රුදුරු පළිගැනීම

සීසර් හිතාගෙන උන්නේ වැරදියට ය.විල් සමඟ කෙළිදෙලෙන් ගත කාලය පුරා ම ඔහුට හිතන්නට වෙනත් දෙයක් නො තිබුණි.චාර්ල්ස්ට තරමක අමතක ගතියක් තිබුණත් සීසර්ට ඔහුගේ ඇසුර හොඳින් ම ගැලපුණි.බෝතලයකින් කිරි බීමේ සිට ආහාර ගැනීම තෙක් සියලු ම ක්‍රියාදාමය ඔහු තිතට අනුගමන කරමින් සියල්ල,නිසියාකාරව පවත්වාගෙන යන්නට විය. විල් සමඟ තල්ලුකරනා කරත්තයක සැන් ෆ්‍රැන්සිස්කෝ සත්වෝද්‍යානය නැරඹීමට ගිය දින සීසර් [...]

Continue reading

,

හැරී පොටර් අන්තිම සටනේ

“… පොටර් මහත්තයා… ඔහු ඔබව මරන්නයි හදන්නේ…” හැරී තමන් ගේ ඕවලාකාර ඇස්, කණ්ණාඩි කුට්ටම දෙනෙතින් ගලවා, ඇස් මට්ටම මදක් ඈතින් තබා එහි කාච තුළින් ඈත බලා යළිත් ඇසේ පළඳා ගත්තේ ය. නිතර ම දෙනෙතට වැටෙන කොණ්ඩා කැබලි කිහිපය අතින් සකසා ගනිමින් තම වමත කබා සාක්කුවට දමා යමක් සොයන්නට විය. මිනිත්තු කිහිපයකින් ෆීනික්ස් කුරුල්ලෙකු ගේ පිහාටුවකින් [...]

Continue reading

, ,

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com