කෑම එකට – ජීවිතය දෙකට

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක හත්වැන්නයි මේ.

තල්මසුන් දඩයම

ආක්ටික් ධ්‍රැවයේ නිවසක වහලක් එහාටත්, මෙහාටත් සෙලවෙමින් තම හිස මත ඇති අයිස් කුට්ටි බිමට දැමීමට උත්සාහ කරයි. අයිස් කුට්ටි සෙලවෙන පාටක් නම් නැත. එක සීරුවට අහසින් බිමට හෙළන අයිස් වැසි තව තවත් වහල මුදුුනේ හුස්ම හිර කරවයි. එතැන සියුම් කැස්සකටවත් ඉඩක් නැත. බැරිම තැන කුඩා වහල හිස බිමට නවා ගති.බටහිර ග්‍රීන්ලන්තයට ඉර උදා වූයේ අයිස් කුට්ටි බිය වද්දමිනි. අයිස් වුවත් දිය වන කාලයක් ඇති බව හැඟුනෙන් සෑම නිවසක් ම නිදහසේ හුස්ම ගැනීමට පටන් ගත්තේය. සීතලෙන් ගල් ගැසුණු පරිසරය ශීත කාලයට ආයුබෝවන් කීවේ එමෝස් ට සහ ඔහුගේ පුත්රත කාට් ෆෙඩ්රික්ට දඩයමේ යාමට ඇති බැවිනි. ඊට එකඟත්වය පාමින් උඩු බිරුවේ හස්කි වර්ගයට අයත් සුනඛයෝ සමූහයකි.

එමෝස් හස්කි සුනඛයන් කරත්තයට බඳින්නට පටන් ගත්තේ ෆෙඩ්රික් හට නයිලෝන් ලණු කැරැල්ලක් සහ තවත් ආයුධ කිහිපයක් කරත්තයට පැටවීමට අණ කරමිණි. කිලෝමීටර් 10 ක් පමණ ඈතට ඔවුන් දැන් යා යුතුය. එමෝස් කරත්තය පිටුපසින් එතෙක් ඔවුන් නවාතැන් ගෙන සිටි තාවකාලික ලී නිවසත් ගැට ගැසීය.
ඉදිරියෙන් ම දිව යන්නේ හස්කි සුනඛයන් අට දෙනෙකි. ඊට පිටුපසින් පිය පුතු දෙදෙනාත් ආයුධ පැටවූ කරත්තයත් ඇදී එති. සියල්ලටම පිටුපසින් ඔවුන්ගේ තාවකාලික නිවස අත් වනමින් විසුළු ස්වරූයෙන් ඔවුන් හඹා එයි.
හදිසියේම එමෝස් සුනඛයන්ට නවතින ලෙස අණ කළේ ය. දැන් ඔවුන් දඩයම් භූමියේ ය. පොළොව හාරන උල් ආයුධයක් ගත් පිය පුතු දෙපොළ අයිස් තට්ටුව මත එක් තැනක් සලකුණු කර එහි හතරැස් කොටුවක් ආකාරයට පොළොව කණින්නට පටන් ගති. මීටර් 02 ක් ඝනකමට හිම තට්ටුව කපා ගත යුතුය. ස්වල්ප මොහොතකින් කේක් කැබැල්ලක් වැනි හරි හතරැස් අයිස් කොටුවක් එමෝස් සහ ෆෙඩ්රික් විසින් කපා එළියට ගනු ලැබීය.
එතුළට ශක්තිමත් නයිලෝන් කඹයක ගැට ගැසූ මස් කැබැල්ලක් උගුලක් ලෙස දැමීම ඊළඟ පියවරයි. යකඩ කොක්කක ඇමිණු මස් කැබැල්ල ක්‍රම ක්‍රමයෙන් හතරැස් කොටුව යටින් පහළට ඇදී ගියා. ඉරබැස යන්න ඔරලෝසුවෙන් වේලාව බලනවා.
දැන් උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 35 යි. පිය පුතු දෙපොළෙ තමන්ගේ තාවකාලික නිවස තුළට ගියා රාත්‍රිය ගත කරන්න. හස්කි සුනඛයන් තවමත් එළිමහනේ.
සීතල දරා ගන්න නොහැකිව ඔවුනොවුන් වේදනාවෙන් කෙදිරි ගාමින් එකිනෙකට තුරුළු වෙනවා. යම් හෙයකින් ඔවුන්ගේ හදවතට සීතල දරා ගත නොහැකි වුවහොත් මිය යනවා. හස්කි සුනඛයන්ට වාසනාවක් රැගෙන ඉර වේලාසනින් ම රාජකාරියට වාර්තා කළා.
හතරැස් කොටුව තිබූ තැන රාත්‍රිය පුරාම වැටුණු අයිස් වහලා දාලා. එමෙත් නයිලෝන් කඹය ඔවුන්ට මඟ සලකුණු පෙන්නනවා. එමෝස් කඹයේ කෙලවර සොලවා තීරණය කළා උගුලට ගොදුරක් අහු වූ බව. කඹය මිටර් 800 ක් විතර ඈතට ගෙනවිත් ශක්තිමත් ගසක ගැට ගසා ඔවුන් ගොදුර මතු කර ගැනීම ආරම්භ කරනවා.
කඹය කෙලවර පෙන්වන්නේ මුහුදු මෝරෙක්ගෙ හිසක්. නමුත් හතරැස් විවරය මතින් ගොඩට ගන්න තරම් කුඩා මුහුදු මෝරෙකු නොවෙයි මෙවර ඔවුන්ගේ උගුලට හසු වී ඇත්තේ. නැවතත් විවරය විශාල කරමින් පිය පිතු යුවල ගොදුර අත්පත් කර ගැනීමටයි සූදානම්.
හස්කි සුනඛයන් ගේ ආධාරයෙන් ඔවුන් මුහුදු මෝරාව උගුලෙන් එළියට ඇද ගත්තා. මීටර් 04 ක් දිගු ටොන් භාගයක් බර මේ දඩයම හස්කි සුනඛයන් 20 දෙනෙකුට සති දෙකකට සැහෙනවා.
"ආක්ටික්වලදී බල්ලොයි මිනිස්සුයි අතර තියෙන්නෙ ලොකු බැඳීමක්. අපි එකිනෙකා රැක බලා ගන්නෝන. මගේ ජීවිතේ රැඳිලා තියෙන්නේ දඩයම් බල්ලො මතයි. ඔවුන්ට ආහාර සැපයීම මගේ ලොකුම වගකීමයි..."

දිවි පරදුවට තබා ‍රැස් කරගත් මට්ටි ආහාරයට ගමින්

හස්කි බල්ලන් ගොරවමින් මුහුදු මෝර මස් කන විට නැඟෙනහිර කැනඩාවේ කුමක් හෝ අමුතු දඩයමක් වන බව මගේ යටි හිත කීය. මහන්සි නොබලා නැඟෙනහිර කැනඩාවට යන විට ඉග්ලුවරු කෑම හොයන්න යන්නට පටන් අරගෙන. කැසික් මහලු ඉග්ලුවරයෙක්. ඔහු දන්නවා හෙට මුහුද සැර වන බව. වඩදිය බාදිය හේතුවෙන් අයිස් යට හැංගී තිබෙන මුහුදු වතුර යළිත් මුහුදට ඇදී යනවා. සුළු මොහොතකට.
කාසික් ඇතුළු මට්ටි දඩයක්කරුවෝ මේ භයානක සෙල්ලමට පේ වෙනවා. පළමුව සීතලෙන් ගැලවීමට ඔවුන් ඉග්ලු ගෙයක් සැදිය යුතුයි. ඊට පසුවයි දඩයමට ලක ලෑස්ති විය යුත්තේ. කාසික් සහ ඔහුගේ යහළුවන් මෝටර් කාර්වල අගට විශාල පෙට්ටි අමුණුගෙන අයිස් මිදුණු මුහුද අද්දරට යනවා. පළමුව ඉග්ලු ගෙයක් සාදාගත යුතුයි.
පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 44 ක්. කවුරුත් ඉග්ලු නිවස තුළ කෝපි බොමින් විවේක ගන්න වඩදිය බාදිය මතුවන තෙක්.
පැයකට අඩු කාලයක් ඇතුළත ගොඩබිම අයිස් තට්ටුව පොළොවට ගිලා බහිනවා. පොළොව යට රැඳුණු ජලය මුහුදට ගලා යනවා.
අඩි 40 ක් පමණ පහළ ගුහාවක මුවක් විවර වෙනවා. මේ අතර ඔවුන් ඉණිමගක් යොදා ගනිමින් පහළට බහිනවා. මුහුදු ජලය ආශ්‍රිතව සෑදුණු රසවත් මට්ටි මේ ගුහාවේ පොළොව මත ඉන්නවා. මේ භයානක මට්ටි දඩයමට වැඩි වේලාවක් නෑ. පැය භාගයක් ඇතුළත ඔවුන් මට්ටි එකතුකරගෙන පොළොව මතුපිටට නැවත පැමිණිය යුතුයි.
අයිස් සහිත පොළොව ඉතාමත් අස්ථාවරයි. පොළොව යට ජලය නොමැති නිසා කුමන මොහොතක හෝ කඩා වැටිය හැකියි. ක්‍රම ක්‍රමයෙන් මුහුද වෙතට ඇද ගත් ජලය යළිත් මුහුද ප්‍රතික්ෂේප කරනවා. ගොඩබිම ක්‍රම ක්‍රමයෙන් යළිත් උස් වෙනවා. නමුත් මට්ටි එකතු කරන්නන් තවමත් පොළොව යට.
"අපි වෙලාවට එළියට ගියේ නැත්නම් පොළොව යට වැළලෙන එක අනිවාර්යයි.."
අවසානයේ කැසික් සහ තවත් අයෙක් මතුවෙනවා. ඔහුගේ මුහුණේ ජයග්‍රාහී සිනාවක්.
"දැන් අපිට සීත කාලෙට කන්න දේවල් තියෙනවා.."
ආහාර වෙනුවෙන් දිවි පරදුවට තබන මෙවන් මිනිසුන් තවත් සිටී ද? ඔව්, ආක්ටික් ධ්‍රැවයේ මිලියන 04 ක් මෙවන් මිනිසුන් වෙසෙති.

 

බී.බී.සී ‘හියුමන් ප්ලැනට්’ රූපවාහිනී කතා මාලාව ඇසුරින් ලියූවකි.
කාංචනා අමිලානි
ඡායාරූප – තිමොති ඇලන් timothyallen
උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ ‘සිතිජය’ අතිරේකයෙනි.
[වර්‍ෂ 2011 ක්වූ ජුනි මස 2 වැනිදා බ්‍රහස්පතින්දා]
දිනමිණ පුවත්පත් සබැදිය –http://www.dinamina.lk/sithijaya/?id=07&tday=2011/06/02
ටොරන්ට් -6254831
බී.බී.සී හියුමන් ප්ලැනට් වෙබ් පි‍ටුව- humanplanetexplorer

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

, , ,

One Comment on "කෑම එකට – ජීවිතය දෙකට"

  1. සිරා…බොහොමත්ම ස්තූතියි

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com