මේ වෘක දත
ඈත මොන්ගෝලියාවෙන්
තැපෑලෙන් ආ
සුදු-සිනිඳු මල් පෙත්ත
දතක් වුව මෘදු කරන
මට උවමනා නැති
ඒ තරම් මෘදු වෙන්න
ඔබෙ සිනිඳු ගෙල මුලට
මධු රහස් කියන'තර
සැදූ පොඩි සිදුරකින්
වුර්ක දත් ගෙනයන්න
දහවලෙත් ඇවිදින්න
ඔබේ අත සිපගන්න
වෘක සම සිනිදු බව
රහසකින් පවසන්න
මේ මියුරු ආලයට සාපයක් පවරන්න
වෘක දත ඔබ ගන්න
මල් පෙත්ත මට දෙන්න
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "වෘක දත"