අහසේ රිදී මන්දාරම
ළා නිල් පාටට
වැහි බිංදු හලනා විට
පියෑඹීමි පුංචි මාර ගස වෙත
එක් සවසකට
මෙතරම් වෙනසක්..
කොහෙන් ආවාද මේ ලොකු රේල් පාර
කාපට් අලවාගෙන හිනාවෙන පුංචි තාර පාර
හරියට ම මගේ වම් ඇස මුලට
ළා නිල් පාට වැහි බිංදුවක්
එසැනින් මා දකුණැසටත්
මාර ගස උඩ අපේ කූඩුව
ඊයෙ ඉපදුන කෙළීගේ වත
තටු පුම්බාන ඈ රකින 'ඇය'
එකම මොහොතක පපුව හිර වුණි
පාර මාරු වූ කෝච්චිය යට
කුරුලු සිරුරක් තනිව මිය ගිය
ප්රතිචාර
Powered by Facebook Comments
27/08/2011 at 2:20 pm Permalink
Oh…. No….