බූරු සිරිමත

ටයි කෝට් ලූ
බූරුවා මහත්තයා
දිල්ලියේ ගඟක ළඟ
වන වනා තම නැට්ට
හොයනවා රිදී සාරියක්

සාද කතා මොකටද
මේ එන්නේ කිඹුල් තෙම
කෝ අපේ 'රාමු' අපුල්ලන්නා
කකුලක්-අතක්වත් නැත්ද ඉතිරිව

මේ මොනවා කියනවද
බූරු මහත්තයෝ
'රාමු' කාලා වමනෙ ගියා නොවැ මට
හරී අපුළයි මතක් වෙන කොට
කොයි තරම් නම් සතුන කා ඇතිද
මෙහෙව් මසක් නම් නොකමි මත්තට

බෙහෙත් ගන්නට ටවුම පැත්තට
යන්නෙ කොහොමද
මම කිඹුල නොවැ
වමනෙ යනවා ඉවරයක් නැත
හැම වාරෙක ම නමක් පිටවෙන

වැඳ කියන්නෙමි බූරු සිරිමත
ග්‍රයිපෝටවත් ගෙනැත් දිය මට

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

One Comment on "බූරු සිරිමත"

  1. maathalan
    28/08/2011 at 8:54 am Permalink

    මම ඔක්කෝම කියවනව.. සමහර ඒවා තේරුම් ගන්න අමාරුයි. විශේෂයෙන් මේක.. පොඩි විස්තරේකුත් දැම්මොත් මසුරන්…

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com