Archive > August 2011

අනවසර ගේට්‍ටු

අනවසර ගේට්‍ටු අවසර ලත් කෝච්චි එකට හැපෙන මුදු ලූ අත් හෙමි හෙමින් රිංගා යන අනවසර කපොලු මේ දු‍ටුවක් ඇසින් මකා ගත යුතු කාලයයි කැතම කැත කෙටි කවුලුවෙන් ඈත බලන්න සිනා හඬ ඇසේ නම් තවම වයරින් කර ගත හැක ඔබට ඔබේ කන සහෝදරයා,යහලුවා ඊටත් වඩා ළඟ මව-පියා විය හැකියි විය හැකියි ඇස් රවටා ගන්න අව් කණ්ණාඩි […]

Continue reading


දික්කසාද උත්සව

ජපනුන් මෙන් දික්කසාද උත්සව ගෙන වෙන් නොවුණාට…. සෙනෙහෙ සිතින් පැලදූ රන් මුදු මිටියකින් කුඩු නොකළාට…. නිහඩවම මේ කළ හරිය ඇති බහුවචන පෙම ඒකවචන බව දැනෙන්නට මට පුවත්පත් ලිපිය උපුටා ගැනුම -වර්‍ෂ 2010 ක්වූ සැප්තැම්බර් මස 16 වැනිදා බ්‍රහස්පතින්දා [දිනමිණ සිතිජය අතිරේකය]

Continue reading


දුර

ඒ ‍රැය කෙතරම් කළුවරද ? ඔබ ‍රුව එතරම් අපැහැදිලිව දකින්නට ලැබෙතැයි කිසිදා නොසිතීමි අදුර මැද කාන්තිමත්ව දිදුලූ ඔබ දෑස මොහොතින් බොර වූ දිය කඩිත්තකි. කිටිව තද වුණු ඇගිලි ලිහී ගිනි ගත්තෙන් මා ඔබ’ගිලි මගහැර එ’ගිනි ම’සුරත දරා යලි හැ‍රැනෙමි යන්න.. ඒ කෙටි මග බොහෝ දුර වූ අ‍රැම නොසිතාම…

Continue reading


වීර

මෙඩූසාටත් බය නැතැයි කිව් වීර පෙම්වත, මන්ද බියවී ප්‍රේමයට ඔබ ?

Continue reading


සමුගැන්ම

අවසන එකගව තුඟු කඳු මුදුන නැරඹුමට අත් අල්ලාන මෘදුව මීදුම කරදරයි සමනලයන්ටත් මේ විදිහටම සමබරව ඉන්න අත්තටුවත් නැතිව සිඹිමි එක් මොහොතක සෙල්ලක්කාර සුළඟ මධු මී ඉල්ලන ඇස් පිහාටු දිගු කර බලා පෙර පුරුදු විලස ගනිමු හනිකට අප පසු කර යන සුළඟ කඳු පාමුල නොපිපි මල් වෙත

Continue reading


මොඩර්න් අංගනාවෝ

ඔය කොළා නේද මහත්වරුනි ලුසියානෝ මළ නිසා හොදයි කලින්ම දැන් ඉතින් අදින්නට බැරියෑ මොඩර්න් අංගනාවෝ අයි පෝඩ් කන් සරසා රෝසස් අරගෙන යන හැටි මතක් වෙන්නට ඉස්සර දවසක තාර ගෑ අසමජ්ජාතියාවත් පොඩි ස්මාරකයක් සිංහ පාද ළග ඩිජිටල් කවි ලියන සයිබර් පවුරක් හැදුවොත් හොදයි නේද මහත්වරුනි ඉක්මනට දැන් ඉතින් කොළා මදැයි හත්තිලව්වේ සීගිරියටත්

Continue reading


ඇයි විළිබරව මෙතරම්

කොපමණ බර ද එදවස කදුළ මෙපමණ උණුසුම් ද මා උර මත වැටි කදුළ මට මතක නැති තරමට ලෝකය සීතල ද ගලා හැලෙන දිය ඇලි ද කුට්ටි ලෙස ඉපදි අයිස් ද උගන්වන්නේ සීතල ද උරහිස සිඹිනු දැක අහක බලා ගත් ලොකු පත්‍ර දැරූ කොට්ටම්බා ගස ද අත් පොරවාගෙන සීතලට ඇයි විළිබරව මෙතරම් ආදරය හරි උණුසුම් ඒත් […]

Continue reading


සිංහයෙකු තම සොහොයුරාට කී බොරුව

තරහා නොම වෙන් සොහොයුර නුබේ පෙම්වතිය සමග දිය බීමට ගං ඉවුරට ගියා ඇත්තයි ඈ සමග හැප්පි හැප්පී පාලු ගං ඉවුරේ ඇවිද්දා ඇත්තයි ඈ හිස අවලස්සන කළ දුබුරැ තණ කොළ කැබැල්ල සෙමින් ඈ හිසින් අයින් කළා ඇත්තමයි ඒත්…. ඈ සිපගත්තේ නම් නැතුවාය සත්තමයි දිවුරා කියමි සොහොයුර ම’අත තබා ඔබ හිස මත සිරාවටම

Continue reading


වාහනවල රොබෝ ආවේශය

සියල්ලට ම මුල සයිබර්ත්‍රෝනියානුවන් ය. සඳේ අඳුරු පැත්තට කඩාවැටුණු යානය ය. එහෙව් යානයක් සොයා පෘථිවියේ සිට ඇපලෝ 11 යානයේ නැඟී සඳ වෙත ගිය ඇත්තන් ය. නිදා සිටි සෙන්ටිනල්ප්‍රයිම් ඇහැරවාගෙන පෘථිවියට ගෙන ආවේ ඔප්ටිමස්ප්‍රයිම් රොබෝවරයා ය. මහා රොබෝ යුද්ධයකින් තොරව මේ අරුම ගනුදෙනුව පියවා ගත නොහැකි සැටියකි. දැන් ඔබ මහා යුද්ධයක් මැදය. සෑම් වික්විකී ද, ඔහුගේ […]

Continue reading

, ,

දිය කිඳුරියන්ගේ කදුළු සොයන ජැක් ස්පැරෝ

 ජැක් ස්පැරෝ රජ ගෙදර ජනේලයෙන් පැන්නේ අනපේක්ෂිතව ය. දෙවැනි ජෝර්ජ් රජු තවමත් මුව විවර කරගත් ගමන් ය. ජනේලයෙන් බිමට පනිනු වඩාත් භයංකාර හෙයින් හෙතෙම මාර්ගයේ සැරසිලි පිණිස එල්ලා තැබූ විශාල කොඩියක එල්ලුනි. සෙබළෙකු විසින් කොඩි කණුවේ ආධාරකය වූ ඝනකම කඹය කපා දමනු ලැබී ය. ජැක් ස්පැරෝ කාර්යබහුල ලන්ඩන් වීදියක අශ්ව කරත්ත මතින් සර්කස්කරුවෙකු මෙන් පිනුම් […]

Continue reading

, ,

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com