පෑළ දිග අහසට කම්මුල පහරක් රතට බරව බිමට හැරුණු මනමාල අහස විටින් විට කඳුළු ගෙන අතාරියි නිකන්ම බිමට ඇයට පෙනෙන්නට දකුණු කම්මුල හරවාන ඉර හංගන්න හොඳ තැනක් හොයමින් වලාකුළු ළය වසාගෙන නිල් සාරි අකුලන විටත් අහස හොඳටෝම මූන නරක් කරගෙන හදිසියේ දිව ආව පැරැණි පෙම්වතී අහසේ වම් කම්මුලට දුන් පහර සැර වැඩියි සැර වැඩියි
Archive > September 2011
කෝ ඔබේ රවුම් නැට්ට
සේපාල කෝ ඔබේ රවුම් නැට්ට පුරු පුරු දෙබස් මධ්‍යම රාත්‍රීන් පුරා ගිගුම් දෙන ඔපෙරා ගායන කුරුල්ලන් වුණත් ඈලි මෑලිව ත්‍රාසජනක කෙටි දුර ධාවන තාප්පයේ සිට අඹ ගහට ලේන නැටි වැනෙන කොට පොල් ගස අතු නවමින් හොයනවා ඔහේව ඉන්න තැනකින් පෝස්ට්කාඩයක් නැතිනම් ලියුම් කරදහියක් පූස් අඩි තබා අස්සන් කොට එවන්න බැරි හැටි ඇත්තටම ඔහේට සේපාල අපි […]
මේ විසුළු තිලිණය
විලවුන් කුප්පිය ඔබ විජාතික බලවේගයකි මගේ අල්මාරියේ වටිනා මුල්ලක වැඩ සිටින වැදගත් ගමන් හැම එකට ඉදිරියට එන මතකය චිත්‍රපටියක් මෙන් මවා පෙන්වන ඒ අන්තිම තිලිණය ඔබ විජාතික බලවේගයකි සිරුර පුරා කොනිති ගසමින් ඇවිදින සුළඟ සමඟ හාදව නාසයෙන් ඇතුළට ගලන ඔබ ළඟ හිටියාක් මෙන් නිතර ඇගවෙන මේ විසුළු තිලිණය තවම පණ මෙන් සුරකින නන්දා මෙන් අල්මාරිය […]
මොනර කොළ තුනක්
පොත් භූතයන් මෙන් දහවලේත්-රාත්‍රියේත් මගේ හිස මත ගිනි කූරු අතාරින දඩයක්කාරයන් කාලය හරහා ඊතල විදින රොබින් හුඩ් කතාපොත් තුනක්ව අහිංසකව වැතිරී හිඳින මොනර කොළ තුනක් පෙර දා රෑ සිට කටමැත දොඩවන අපිට නම් බෑ පොත් මහත්තුරු ළඟට යන්න ග්ල්ට්ස් නම් සාරි කඩයේ ජාති මහත්තුරු ඇත අපි ආස එයාලට ඔහේට අමතකද මල්ලීගේ මඟුල මොනරුන් ඉගිළිනි වොලට්ටුව […]
දෙව් ලොවට යන පාර
දෙව් ලොවට යන පාර අස පුංචි අඹ ගස පාත් වී හිසින් ඩිංගක් මනමාල හිනා විසුරන යන්න හැදුවත් අතින් අල්ලන කිසිම වදනක් නොකිය හිනැහෙන පුංචි අඹ ගස වනන්තරයෙන් නගරයට ආ සිහින් සිරුරැති ළාබාල වැදි තෙම පොරවක්ම අතින් ගෙන මා පසුපස ලුහුබදින සිල් බිදෙනු ළඟයි පුංචි අඹ ගස ගෙළ දිගු නොකරනු පිම්මක දුරින් ඒ නපුරු ආයුධය අර […]
ජෝ
ගැටවරයෙකුට නොකියාම යන්න පුලුවන්ද තුංමං හන්දියකදී සේකර හමුව යස නාඩගමක් රඟන්නද මේ හදිස්සිය බඹරු ආවත් ඔබ යන්නේ මොකටද? සොල්දාදු උන්නැහේ ඔය බයිනෙත්තුවට බැරිවාද මේ ගමන වළකන්න පුර හඳත් අහක බැලුවානම් ගැටවරයෙකුට දුක නොහිතෙයිද අපි හරි පුංචි අය කොහොම නවතන්නද සද්දන්ත ඔය ගමන ඔබ යන්න යෝධ ගසක් මෙන් එකවර ඉදිරී හෙවනේ උන් අය ගිනි දැවෙන කතරක […]
බන්ධනයක කෙළවර
යටි හිතින් අපි අත් අල්ලාන දිය බිදක් නැති පොළොවේ රූප අදින වැරදෙන්නට පෙර හිතින් මකන පුංචි තට්ටු ගෙවල් දිය මත පාවෙන බෝට්ටු හොට උල් කර ගී කියන හංසයන් අපිට විතරක් පෙනෙන යටි හිතින් අපි වැළදගෙන මේ දැන් මැරෙන්නට යන පෙම් යුවළක් මෙන් පාට ගාන්න නියමිත අඳුරු ගොඩනැගිලි මෙන් මුව විවර කරගෙන වර්ණවත් තීන්ත ඉල්ලන පිපාසිත […]
හපොයි උල් දත
සිංහයන් දකින්නට යමු මට හයිනාවෙකුගේ උල් දතක් ඕනෑ ඉල්ලා ගන්න පුලුවනි නාඹර සිංහයෙකුගෙන් උල් දතක් පීරි නොගෑ දතක් සුදු ම සුදු දතක් අප්‍රිකාවට යන අතර කියවන්නට පොතක් දුර බලන කණ්ණාඩියක් පුයර ටින් එකක් ඕනෑ වෙන්නත් පුලුවන් සිංහයන් ආසා කරන යාඩ්ලී පුයර සමහර විට හීලෑ සිංහයෙක් අපේ පසුපස එන්නත් පුලුවන අපිට දවසක සුරතල් නමකින් කතා කරන්නද […]
මම රොබින් හුඩ් ළඟ
ඊතලයක මද වසක් තවරන්න මද ගින්නේ මදක් නිදි කරවන්න ඇසට මදක් පහළින් මදක් රතු කම්මුලට මද වේගයකින් පා කරන්න මම රොබින් හුඩ් ළඟ දැන් වැඩ තාවකාලික නොවේ ස්ථීරෙටම මද සුළඟ කපා එන මද විස දමනයට මෙන්න බෙහෙත අඩි දෙකක් පසුපසට දුන්නක් මෙන් මදක් නැවෙන්න මද ස්වරයෙන් කෑ ගසාගෙන පසු නොබලා දුවන්න [ඔය බොරු.මම නාදුනමි […]
එම්බා බස් අජිතාන
එම්බා බස් අජිතාන ගොලු මුහුදක් මේ උදය පාරවා මා කල්පනා මොනවා දොඩනවාද සංගීතයක් මැද එහා ගෙදරින් සරිගම හැළෙන කරුමක්කාර සති අන්තය පළිගන්න හැටි අපූරුයි එම්බා බස් අජිතාන බොබ් මාලෙලා සිංහල තවත් මොනවාදෝ ගයන සූර සූරා මා පපුවත මේ හොයන්නේ මොනවාද කාගෙදෝ ඒ ගී ? එවර දමිත් අසංකයාන අඩු වැඩි ප්‍රේමාලාප මම වයස වැඩියි වාගෙද මිතුර […]