මුහුදට නිතර අමතක
ඔබේ තනි සපත්තුව
වසර බෝ ගණනකට පසු
මෙන්න හිනාවෙනවා
වැලි පිසලමින් මුහුණ වට
කිවිසුම් හරින'තර
දෙඩවුම්
සයුර යට පාරාදීසයක් ගැන
පසැගිල්ලන්
නිතර ප්‍රේමයෙන් බැදෙන
කකුළුවන්
අත් විහිදා තර්ජනය කරන
රෝස පාට සෙරෙප්පුව
තනි සපත්තුව හා ආලයෙන් වෙළුන
කොහොම කියන්නද
අපි වෙන්වුණ බව
ඔය සපත්තුව විසි කළ දිනම
මහ මුහුදට මම
කෝප වී රතු වුණු ඔබ මුහුණ
පැරැණි සුන්දරී දුන්
අනගි හම් සපත්තුව
අපේ පෙම්දම කැඩූ
ගඳ සපත්තුව
විසි කරමි යළි ඔබව මම
මෙවර නම් අඩු කෝපයෙන්
ප්‍රතිචාර
Powered by Facebook Comments
03/09/2011 at 1:07 pm Permalink
ඔයාගෙම වැරැද්ද නේ…
ඔන්න කෝඩ් එක දැම්ම කැමතිනම් බාගන්න..
03/09/2011 at 5:51 pm Permalink
හරි.කෝඩ් එක දැම්මා.