චැප්ලින්
මටත් ඕනෑ හතරැස් උඩු රැවුලක්
නිතර බිම වැටෙන තරමට
කලබලයක්
ජේත්තුව පෙන්නන්න
බස්තමක්
මට ඕනෑ විකටයෙක් වෙන්න
හදවත ඉරෙන විට
ඇතුළට පුලුන් දමා පුරවන්න
මේ ඇගිලි තුඩින් ම එහි මල් මහන්න
මට එක උපායක් කියන්න
කළු කබල් තොප්පියක් දෙන්න
මෙඩූසාගේ හිස මුවා කරගන්න
මට බෑ සර්පයින් හිසේ
හංගාගෙන ඉන්න
මට ඕනෑ විකටයෙක් වෙන්න
වැඩකට නැති
බස්තමක් වෙන්න
අනේ චැප්ලින්
එක උපායක් කියන්න.
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "අනේ චැප්ලින්"