දෙව් ලොවට යන පාර අස
පුංචි අඹ ගස
පාත් වී හිසින් ඩිංගක්
මනමාල හිනා විසුරන
යන්න හැදුවත්
අතින් අල්ලන
කිසිම වදනක් නොකිය හිනැහෙන
පුංචි අඹ ගස
වනන්තරයෙන් නගරයට ආ
සිහින් සිරුරැති
ළාබාල වැදි තෙම
පොරවක්ම අතින් ගෙන
මා පසුපස ලුහුබදින
සිල් බිදෙනු ළඟයි
පුංචි අඹ ගස ගෙළ දිගු නොකරනු
පිම්මක දුරින් ඒ නපුරු ආයුධය
අර පේනවාද උල් දත් පෙන්වන අයුරු
තවත් පාරක් ඇතිද
ළඟ නොවුවාට කම් නැති
මනමාල අඹ ගස් නැති
දෙව් ලොවට යන
ප්රතිචාර
Powered by Facebook Comments
23/09/2011 at 4:25 pm Permalink
ඒ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද….?
24/09/2011 at 3:46 am Permalink
දෙව්ලොවට ඒ තරම් ලේසියෙන් යන්න දුන්නොත් එහෙත් වෙන්නෙ විනාශයක්. ඒක නිසා තව තව මේ වගේම අඹගස් හැදෙන්න ඕනි, වැද්දන් පැමිණෙන්න ඕනි ඒ මග දිගටම.