කෝ ඔබේ රවුම් නැට්ට

 සේපාල
කෝ ඔබේ රවුම් නැට්ට
පුරු පුරු දෙබස්
මධ්‍යම රාත්‍රීන් පුරා ගිගුම් දෙන
ඔපෙරා ගායන

කුරුල්ලන් වුණත් ඈලි මෑලිව
ත්‍රාසජනක කෙටි දුර ධාවන
තාප්පයේ සිට අඹ ගහට
ලේන නැටි වැනෙන කොට පොල් ගස
අතු නවමින් හොයනවා ඔහේව

ඉන්න තැනකින් පෝස්ට්කාඩයක්
නැතිනම් ලියුම් කරදහියක්
පූස් අඩි තබා අස්සන් කොට
එවන්න බැරි හැටි ඇත්තටම ඔහේට

සේපාල
අපි වැරදි තමයි
ගිරවුන් පොල්කිච්චන් මූණු එල්ලාගත් ගමන්
මුදුන් ලීයේ මී පවුල අහන්නෙත් ඔබව
අපි හරිම අසරණයි සේපාල
අනේ ඤාව් කියා කියනවාද සේපාල

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

2 Comments on "කෝ ඔබේ රවුම් නැට්ට"

  1. පූසා
    27/09/2011 at 2:56 pm Permalink

    මූණු පොතෙන් අක්කාගේ කවි කොච්චරනම් කියවලා තියනවද…..
    සත්කාර ගෲප් එකේදිත් දැක්කා….
    ඒත් අද නොවැ දැනගත්තේ අක්කණ්ඩිට බ්ලොග් එකක් තියේය කියලා :)

  2. බොහෝ ම සිතූතියි බ්ලොග් එක පැත්තෙ ආවට.වැඩි කාලයක් නෑ බ්ලොග් එක ලියන්න අරන්.ඉදහිටවත් ඇවිත් අදහස් දක්වලා යන්න.
    ස්තූතියි නැවතත්.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com