විලවුන් කුප්පිය
ඔබ විජාතික බලවේගයකි
මගේ අල්මාරියේ වටිනා මුල්ලක වැඩ සිටින
වැදගත් ගමන් හැම එකට ඉදිරියට එන
මතකය චිත්රපටියක් මෙන් මවා පෙන්වන
ඒ අන්තිම තිලිණය
ඔබ විජාතික බලවේගයකි
සිරුර පුරා කොනිති ගසමින් ඇවිදින
සුළඟ සමඟ හාදව නාසයෙන් ඇතුළට ගලන
ඔබ ළඟ හිටියාක් මෙන් නිතර ඇගවෙන
මේ විසුළු තිලිණය තවම පණ මෙන් සුරකින
නන්දා මෙන් අල්මාරිය මුල්ලට විසි කරන
විදුලි සැරක් වන් ඉසියුම් අතීතය
දොර පියන හරහා සිරුර තරණය කරන
විලවුන් කුප්පිය
පණ මෙන් සුරකින
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "මේ විසුළු තිලිණය"