Archive > October 2011

බෑ කියා පැන ගියා

මහා බලගතු සීසන් තෙමෝය මාසෙ අගටම ‍රැස් විහිදවන්නාය ඒත් ගිය සිකුරාදා බෑ කියා පැන ගියාය චිකේ මේ රූපෙ කැත හිනාවෙලාවත් නෑ මොනාද මේ තීන්ත හලලා අප්පිරියාවයි මේක නම් මට ඔයාට නැතුවයි පාට පාට පොටෝ කාටත් පෙන්නිය හැකි ආඩම්බර පොටෝ මං පනිනවා මේං මේ ග‍ඟෙන් ගිලිලා ගිලීලා මැරිලාම යනවා ඔහේ ඕනෙ නං වෙන එකෙක් ගන්නවා මං [...]

Continue reading

ඇවිදින මුහුදු වෙරළ

මුහුදු වෙරළ ඇවිදින්නට පටන් ගෙන තබමින් තෙත අඩි පාසි සපිරි කෙස් වනමින් සෑම ගෙයකටම එබිකම් කරන මහා හඬින් කිවිසුම් හරින පළමුව කුඩා නිවාස දෙවනුව,තෙවනුව මහල් නිවාසවලට ලුණු වතුර පොවන නොනවත්වා කිවිසුම් හරින ඉදහිට කුඩා ළමයෙකු අත වර්ණවත් පසැගිල්ලෙකු තබන කෝ කොහේද එයාලා? මුහුද කාවදෝ සොයන හැමදාම වෙරළ කොන වාඩි වී සිටි රන්වන් කෙස් ඇති සුකුමාල [...]

Continue reading

මළ ඉලව් මුද්ද

   රොබින් මේක හරි කරදරයක් ගිස්බන් නිතරම මුද්දක් ගේනවා ඒකෙ ලස්සනට ඇස් ගිනිකන වැටෙනවා ඔයාට නම් හොඳට ම පිස්සු අපිට මොකටද ඔය වෙඩි බෙහෙත් පලකට නැති රහස් ලෙජර හිනාවෙන්නෙපා ඔහොම අපි යන්න යමු පොළොන්නරුවට කෘෂිකර්මෙන් බීජ ගෙන හිටන්න බැරි නෑ අපිට බණ්ණඩක්කා හේනක් මට බැරියෑ දවාලට දුන්නෙන් විද කුරුල්ලන් එලවන්න මේක හරි කරදරයක් මට පේන්න [...]

Continue reading

අබලන් පිහා‍ටුවක්

අසීමිතව පියඹන ඔබ කුමට බිම බලනු දස වසක් මම ඇවිදීමි සෑම විටම අහස ද බැලීමි සාඩම්බරයෙන් ඔබ පියඹනු දැක සතුටද දුකද දැනී යළි අහස නොබැලීමි හෙවනැලිද නොවැ‍ටුනි එක් දිනක් පිහා‍ටුවක් බිම පතිත වන තෙක් සියල්ල මම කැමති විදිහට අසීමිතය ඔබ එක් පිහා‍ටුවක අඩුවක් නොදැනෙනුම ඇත ඊටත් අබලන් පිහා‍ටුවක් අරුමැතිය කුමට තව බිම බලනු දස වසක් [...]

Continue reading

බෙර

රංකිරි ආතා වැඩියෙන් ම ආසා බෙර සද්දෙට ය.කොහේ හෝ බෙරයක් වැයෙතොත් ආතා ගේ සියොළඟ නැටවෙන්නේ ඉබේට ම ය.බේලින් ආච්චීට මේ මේ නැ‍ටුම වැඩිය අල්ලන්නේ නැත. ‘…මොකෝ ඉලන්දාරියෙක් යැ ඇහෙන ඇහෙන බෙර පදේට වැනෙන්න ඔය සරීර කූඩුවෙ දැං ඇටක‍ටුත් හයිය නැතුව ඇති මයෙ හිතේ…’ බේලින් ආච්චී ලොඹු කට විදහා දක්වමින් හීන් හඬින් මුමුණයි.රංකිරි ආතාට බේලින් ආච්චී [...]

Continue reading

අහිංසක රාස්සයෙක්

විවර කර කුඩා කවුලු පෙන්වන්නේ අඩි පාරකි ඇලිස් ගිය විස්මලන්තයට යන මඟ දිගට සරුවත් කඩ බූන්දි ද නොමිලේය ගමන් මහන්සියක් නැති තරමට නොමිලේ ලැබෙනු ඇත පැණි රස කෑම එක් හතරමං හන්දියක වැඩබැරිදාස ඇත මේසයක වාඩිගෙන උවමනා නම් කවි ලියන හැටි ඉගෙනුමට මාසයක් නතර විය හැකි ඔහු ළඟ බෝංචි වැල් ඇත හැම තැනම ඒත් ජැක් සැගවී [...]

Continue reading

දේදුන්නක් සිහිමදව

දේදුන්නක් සිහිමදව මුහුදට පනින්නට අර අදින වලාකුළු හරි සුකුමාලව වළලු ලූ අත්වලින් දේදුන්න වළකන සුළං නම් හරි දරුණුව වමේ සිට දකුණට දේදුන්නේ පාට මකන දේදුන්න විළියෙන් ආදර කතා මුමුණන වමනය දමන්නට බිමට නැවෙන අල්ලා බඩවත සෙමින් සුසුම්ලන මේ නපුරු නුවරකි දේදුන්නකට මැරෙන්නට ඉඩ නොදෙන

Continue reading

හෝලි

සීත කාලය තම පොරෝනා ගෙන යන විට අහකට පළමු වැස්සට පළමුව පළමු හඳ එන විට මනාලියක මෙන් අහසට චානක්‍යාපුරියද පාට කුඩු කඳු ගසන මනමාල කොල්ලන් බැලුම් ගෙනෙන ප්ලාස්ටික් තුවක්කුද පාට කුඩු බොන වීදි මුලුවල එල්ලී දුක කියන පාට වතුර බොන්නට ආසා බව කියන වඩා උඩ තට්ටු පින්කළ උස-මහත භාජන හෝලි කෙළියට පණ එන නමස්තේ කියමින් [...]

Continue reading

වාසනාවන්ත බාල්දිය

 සතියකට වරක් පෙම් ළිදකට වැ‍ටුණු බාල්දිය තොපට රෝසමල් පෙති කුමට සඳට උඩුබුරන සල්ලාල සුනඛයන් කුමට මහත් සාංකාවෙන් එකතු කළ සිප්පි ක‍ටු ළිදට’ලනු නොහැකි මේ සන්තකයයි කිසිදා මුහුදු වෙරළ දකිනු නොරිසි ගෝලාකාර ඇස් වසා ළිද පතුලේම සැතපෙන්න ප්‍රේමයම හුස්ම පිඹිණු ඇති සර්පයෙකු මෙන් බාදුරාවක මෙන් මුද්‍රාලත් දෙතොලකින් ඔබ වාසනාවන්ත බාල්දිය පෙම් ළිදකට නොදැන වැ‍ටුණ

Continue reading

මැරී වැටෙන නිළියක්

වඩු කුරුලු ජෝඩුවක් හොඳටම මහත් වයරයක ඇඟිලි තුඩඟින් ඇවිද මැරී වැටෙන නිළියක් පෙන්වන තම නැටි වනා අහසට අදිසි සුළඟක්ද ඇති කරන නළුවා වයරයේ මැදට සපැමිණ අයා ස්වකීය මුව ගයන්නේ ශෝකී ගීයක්ද සලා සිහින් ඇස් යුග ග්ලිසරින් ද නැතිවම කදුළු ගෙන මේ පෙන්වන්නේ සැබෑ මුහුණක්ද කජු ගසක සිට හිස වනමින් ආ තෙවැන්නිය රුවැත්තිය අඩි ගසා වයරත [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com