දේදුන්නක් සිහිමදව
මුහුදට පනින්නට අර අදින
වලාකුළු හරි සුකුමාලව
වළලු ලූ අත්වලින්
දේදුන්න වළකන
සුළං නම් හරි දරුණුව
වමේ සිට දකුණට
දේදුන්නේ පාට මකන
දේදුන්න විළියෙන්
ආදර කතා මුමුණන
වමනය දමන්නට බිමට නැවෙන
අල්ලා බඩවත සෙමින් සුසුම්ලන
මේ නපුරු නුවරකි
දේදුන්නකට
මැරෙන්නට ඉඩ නොදෙන
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "දේදුන්නක් සිහිමදව"