රොබින්
මේක හරි කරදරයක්
ගිස්බන් නිතරම මුද්දක් ගේනවා
ඒකෙ ලස්සනට
ඇස් ගිනිකන වැටෙනවා
ඔයාට නම් හොඳට ම පිස්සු
අපිට මොකටද ඔය වෙඩි බෙහෙත්
පලකට නැති රහස් ලෙජර
හිනාවෙන්නෙපා ඔහොම
අපි යන්න යමු පොළොන්නරුවට
කෘෂිකර්මෙන් බීජ ගෙන
හිටන්න බැරි නෑ අපිට
බණ්ණඩක්කා හේනක්
මට බැරියෑ දවාලට
දුන්නෙන් විද කුරුල්ලන් එලවන්න
මේක හරි කරදරයක්
මට පේන්න බෑ අර ලස්සන මුද්ද
මල් ලියකම් වෑහෙන
තනි රත්තරන් මුද්ද
රිදී මංජුසාවකා දාගෙන
උජාරුවට මට පෙන්නන
හිනා වෙන්නෙපා ඔය විදිහට
තව පොඩ්ඩක් රැවුල වවාගෙන
අපි යමු පොළොන්නරුවට
මට පුලුවන් අස්සයෙක් අරන් එන්න
බස් කුලී ඕනෑ නෑනෙ එතකොට
මේක හරි කරදරයක් රොබින්
කොයි කැලෑවත් එක වගෙයි
පොළොන්නරුවත් ෂර්වුඩ් වගෙයි
ඝන සැරේටම මහා ලොකු ගස්
ඕන නම් මච්වයි,විල්වයි
ජෝඩු කරගෙන යන්නත් පුළුවන
එහෙත් නැතැයි
ෂෙරීෆ්ලා ගිස්බන්ලා
තැන විතරයි වෙනස් වෙන්නෙ
මට අර මුද්ද මතක් වෙනවා රොබින්
අපි යමු යන්න
යන්න ම යන්න
පොළොන්නරුවට
තක්කාලි හේනක් වවන්න
ප්රතිචාර
Powered by Facebook Comments
29/10/2011 at 8:45 am Permalink
තේරුනේ නැත
30/10/2011 at 5:01 am Permalink
නියමයි.. පොලිටික්ස් වලට බැස්ස වගේ…