හේ ප්‍රකට කෙටිකතා කරුවෙකි.නාට්‍ය රචකයෙකි.පරිවර්තකයෙකි.ගමන් විත්ති රචකයෙකි.නවකතාකරුවෙකි.ගීත රචකයෙකි.’ ගාලු කොටුවේ සිංහයා ලියූ ඔහු කපිල කුමාර කාලිංගය.මේ ඔහුගේ තෙවැනි කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් ලියූ කෙටි වියමනකි. ඇස් දොස්තර සිටියේ ලිපියක් කියවමිනි.ලිපියේ සෑම පේලියක් පාසාම දෙනෙත ගෙනියන අතරම මුවගින් මද සිනහවක්ද මතුව එයි.ඔහුගෙන් මිලදී ගත් කෘත්‍රිම කාචයන් ගේ ගුණ කියමින් කාන්තාවෝ එවූ ලියුම් කිහිපයෙන් එකකි ඔහු මේ කියවමින් […]
Archive > November 2011
පුංචි හොරු සමනල්ලු
සමනලුන්ට හිනා යන්නට එන විට තටු ගසා මුහුණ වසා ගන්නා හැටි සිරීපාදේ ගෙන යන්නට මල් තෝරන්න මල් වතුවල රස්තියාදු වෙන තරම් තෝරා…තෝරා… එකක් වත් තුඩින් ගෙනයනු බැරිව දුකෙන් බෝ දුර පියඹන සමනල කොළණිය විහිලුවලට හිනා යන්නට එන විටම අත්තටුවෙන් මුහුණ වහන ටින්කර් බෙල් සහ පිරිස සමනල තටු පාට කරන විසාල ෆැක්ටරියට හොරෙන් ගමන් යන […]
විසාල කවුළුව ළඟ පුංචි ඔබ
අකුරු මුලින් නම් හිනාවීගෙන කෝමළ පාමින් ළඟට එන උස් මහත්ව අන් අයට පේන විට මහත මිටිවලින් අනෙකාගේ හිසට ගසන ඉඩ ලදොත් ඇණ ද ගසන අකුරු අප්පිරියා ජාතියකි එවන් මිටි ලත් උන් සිටින තැන උන්ගේ ගෙළ රත්රන් බැදි විට මේ කුඩාවට පෙනෙන කවුළුව මහා විසාලය යෝධ මෝඩයෙකු පවා පෙනෙන තරමට මෙන්න ඔබට කණ්ණාඩියක් කැතට මට පෙනෙන […]
ඔෆීසියෙත් හිම
අද උදේ සිට අපේ ඔෆීසියටත් හිම වැටෙන කතුවරු හිම බෝල හදමින් කොරිඩෝවල හැංගී හිදින කාවත් පේන කැමරාවට මුලින්ම හිම බෝලයක් විසි කරන උදේ හවස ඔපලන තරප්පු පේලිය ලොකු පොරෝනාවක් ඔතාගෙන අකමැති නිසාම සුදු පාටට මුද්‍රණ යන්ත්‍ර පාට හංගාගෙන අත් විහිදමින් දිව එන හරි මෝඩ විදිහට හිම බෝල ඉල්ලන හරියටම හරි මැදින් තරමක් කලබලයෙන් අපි, මේ […]
ඔදාලයේ හිමය
ඔදාලයට හිම ගලන ඇස් වාට්ටුව හන්දියට හරි විසාලෙට හිම බෝල පෙනෙන සෑම බසයකම මුදුනතත් හිම කැබලි කර උස හිම කබා ගලවා දොරටුව ළඟ කවුන්ටරයට දෙන හිමෙන් තැනූ ටෝකන් රවුම ගෙන හිම කිරම කඩයට හරි හොරෙන් ඇතුළු වන ස්කූපයක් රන් කාසි විස්සක් කට මහත කෝප්ප හිනැහෙන රජතුමත් රැජිනත් ආස මේං මේවට කවුන්ටරයේ ළමිස්සිය හිම කිරම කන්දක් […]
මිසිස් සමරසිංහ සහ ගම්මිරිස් කුරුල්ලා
ගම්මිරිස් කුරුල්ලා වාසය කරන්නේ පටු පාරේ පිහිටි බාගෙට කපා දැමූ දෙල් ගසේය.බොහෝ වැර වෑයමෙන් යාන්තමට මතු වුණු කුහරයක් ඇතුළත සාදා ගත් නිවසක හේ අල්පේච්ඡව දිවි ගෙවයි.ගම්මිරිස් කුරුල්ලාගෙ ජීවන රටාව සෙසු කුරුල්ලන්ට වඩා වෙනස්ය.ඔහුට රැකියාවක් නොමැත.නෑදෑයෝ හෝ පියඹක් හෝ නැත.පටු පාරේ අන්තයේ පිහිටි නිවසේ ගෙහිමි කාන්තාව විනෝදය පිණිස සැකසූ මල් ගාලේ ප්ලාස්ටික් පිගානක තැබෙන පළතුරු හා […]
පොකුණට ආ පාත්ත මෙනෙවිය
සරාස්….ගාලා ශබ්දයක් මතු කරමින් පාත්ත ජෝඩුව පොකුණට පාත් වුණා.එතන හිටියෙ තරමක තරුණ පාත්ත ජෝඩුවක් කියලයි අනුෂ්කාට හිතුනේ.මොකද පිරිමි පාත්තයා මහා මනමාල බැල්මකින් තමයි වට පිට බැලුවේ.ඔහුගෙ පිහාටුවලට ම ඇලිලා හිටපු ගැහැනු පාත්තයා හිටියේ හරි කලබලේකින්…බයකින්…නොසන්සුන්කමකින්.ඈ නිතර ම තමන් ගෙ පිහාටු හොටින් සකසමින් තරමක් හැඩකාරව ඉන්නයි උත්සාහ කළේ. හිතුවෙ නැති වෙලාවක පිරිමි පාත්තයා අනුෂ්කා එක්ක හිනා […]
මායාකාරියන් ළඟ ඇඳුම් මසමි |
මායාකාරියන් ළඟ ඇඳුම් මසමි මහන සියලු ඇඳුම් හවස හතරට දෙකට නවා මායාකාරියට දෙමි ඈ මැජික් කෝටුවක් වනා සියල්ල අන්තරස්දාන කරන අස්සන් කරන කඩදාසි පොත හිස මදක් නවා බිමට ‘අනේ මොනා කරන්නද ‘කියන ‘කෝ තමුන් මැහූ ඇඳුම්’ මායාකාරිය නිතර අහන කුඩා ඇගිලිවල මැහුම් ලකුණු ඒ ද සවසට මැකී යන ඈ නැතිබංගස්ථාන කර මැහුම් ඉඳිකටු හිස මැදට […]
තැපැල්පති ඔබ ගෙදර යන්න
තැපැල්පති ඔබ ගෙදර යන්න යන්න කිව්වාම යන්න කෝ මගේ ලියුම ඔහු එවූ ලියුම රෝස පෙති කඩා වේලා තණකොළ ගසක් ලිපියෙහි වෙළා ඇලවුම් තීරය මත සිහින් දිලිසුම් කුඩු අලවා එවූ මගේ ලියුම කෝ? තැපැල්පති ඔයා ගෙදර යන්න යන්න කිව්වාම ඉතිං යන්න බාලි දූපතෙන් එවූ පුංචි තිළිනය ළා නිල් කඩදාසියක් පොරවා ඒ තුළ සේද ගවුමක් බහාලා එවූ […]
මළ මිනිසෙක්-බයිසිකල් පදින
මළ මිනිසෙක් බයිසිකල් පදින අරුමය හරියටම හැඩලය මත දෙ අත සමබරව කකුල් යුගල සුළඟේ ලෙළෙන කෙටි කොණ්ඩය ඒ මළ කෙනෙකි ඇත්තටම මළ කෙනෙකි වංගුවල නීතියට සැර අඩු කරන මඳ අඳුරට විදුලි එළි දල්වන ඉඩක් තිබුණොත් මද සිනා දෙන ඒත් නිතරම බුම්මාගෙන ඉන්න මේ ගොම්මනෙත් බයිසිකල් පදින ඔහු මළ කෙනෙක් ඇත්තට වැළලූ කෙනෙක්