Archive > December 2011

රන්වන් පිහි පහර

මේ රන්වන් පිහි පහර මගේ ළමැද පසාරු කළ මේ අවසන් මොහොත නැවත යන තැනක් මතකයට නගා ගත යුතු අහසින් ශ්වේත දෑත් දිගු කරන පොළොවෙන් කිළිටි දෑත් උඩට එසවෙන මට මෙලෝ දෙයක් මතකයට නො එන ඔබේ රන්වන් දෑස මගේ ඇස් වසන නැවත නැවතත් රන්වන් පිහි පහරක් පතන අතර මැද හන්දියක අතුණු බහන් අතින් ගෙන යන තැනක් [...]

Continue reading

අපේ නිවුන් අය

තවත් අය අපේ නිවුන් අය බස්වලත් කෝච්චිවලත් හරියටම අපි වාගෙම රණ්ඩු කරත සිහින් අතැගිලි පටලා කතා කියන මේ දැන් සිහිය ලැබුවා සේ කැකිරි පලන ඒ අය අපේ නිවුන් අය මම නිතර ෆොටෝ කොපි ගසන හෙදර ගොස් හරි වැරදි බලන මේවා කොහොම වුණාදැයි රෑ මැදත් හිතන තනිව සිනාසෙන දුරකතනයටත් කෝල වෙන උන් හිටි තැන් අමතක වෙන [...]

Continue reading

පුංචි කෝපිහල

පුංචි කෝපිහල හිතේ තරහට දුම් දමන රවුම් මේස තනි තනිව තමන්ගේ වැඩ කරන පුංචි අත් පිස්නා ගෙන මිල අධික කෝපි බිංදු නිහතමානීව පිස දමන බැරිස්ටාව පීසා හටයෙන් ණයට පොඩි ඉඩක් ඉල්ලාන බම්බලපිටියම උණුසුම් කරන ඉල්ලූ නොඉල්ලූ සැමට දුම් දමන කෝපි සුවඳ බෙදන අහක බලා යන ජනතාව කකුල් මාට්‍ටු දමා බිම පෙරලන පුංචි කකුල් ඇති පු‍ටු [...]

Continue reading

දුඹුරු සෝපාව උඩ ඔබ

එතැන දුඹුරු සෝපාව තිබුණේ නැති ඇතුළට ම කිදී ගිය ඔබේ සිරුරේ හැඩයත් සමඟ දුඹුරු සෝපාව යන්න ගොසිනි මනහර රූප පෙට්ටියක් බඩ ගෙඩිය එළියේ දමාගෙන නාටක පෙන්වන්නේ එතැනය ඔබත්-මමත් අසුන් ගත් සෝපාව තිබුණු තැනය කාන්සියට ඔබ නිදා වැ‍ටුණු සෝපාව තිබුණු තැනය එක් මුල්ලක දිලිසෙන යමක් කොස්සකට අවනත නොවූ යමක් පහත් වී අහුලා ගත්ම තිගැස්සීමි හාදුවක් දස [...]

Continue reading

මරණීය ගීතයක්

වැල්ලවත්තය මසාල දෝසා පුසුඹ ලෝබ නැතිව හැමට බෙදන නළලේ පොට්‍ටුවක රත අරගෙන අපි නැග්ගේ සීත බසයකට පුංචි කවුළුවලින් ගජරාමෙට සීත පිඹින දෙකට නැවූ සීට් යට හිම වලසුන්ද සිටිත වරින් වර හිස සලමින් පුංචි සීට් සොලවන ඒ මහා සීත කොදෙව්වම සලිත කර යෝධ බෆල ඇතුළින් පැන්නෝය කුමාරසිරියානෝ ඔහු පතිරණය කියන්නේ ගීය වැල්ලවත්තෙන් ලත් පොට්‍ටුව බියෙන් සලිතව [...]

Continue reading

මිනිත්තු අටක් හුස්ම නොගෙන

පෝය දා සුදු ඇදුම් ඇදගෙන වැලි ගොව්වන් හතර දෙනෙක් ඝණ්ථාර හඬ පසුපස මුවින් සුදු මල් ගෙන පොල්තෙල් සිලි බෑගයක ලාගෙන පහන් තිර නැටිවල බැදගෙන පීනන අපූරුව විටින් විට හිස දමා ජලයෙන් එළියට පුංචි ඇළ කෙළවර ඝණ්ථාරයට යන මඟ මිනිත්තු අටක් හුස්ම නොගෙන බුදුන් වදින වැලි ගොව්වන් හතර දෙන යන්තමින් සිනාසෙන මල් පූජා කරන ගාථා නොදැන

Continue reading

සැන්ටාටත්-මටත්

සැන්ටාටත්-මටත් එකම උස පු‍ටු දෙකක් මාස ගණනකට පසුව සැන්ටාට තරමටම මටත් රවුලක් සුදු රවුලක් පිණි මුවන් දැක සැන්ටාත් මමත් රවුල් පැසක ලාගෙන අශ්වයන් මෙන් පැන පැන ඔදාලයේ රාක්ක හතරක හිස පහළට හිරව පිණි මුවන් නරි මෙන් කපටිව ඇවිදින පඩිපෙළක එහා-මෙහා යන බබල්ගම් පුම්බමින් අපට විසුළු කරන සැන්ටා හරි මෝඩව දුරකතනය සොයන වම් සාක්කුවෙන් දකුණට රතු [...]

Continue reading

ඕලන්ද පාට කඳුළු

ඕලන්ද රෝහල පරණ පාට ම ගාගෙන තරබාරු ගැහැනියක මෙන් උරහිස් නවා බිමට ම සොයන හැටි පුදුමයි එක් දිනෙක නැති වූ ලෙඩුන් ගෙන යන තිරික්කලය මැද මිදුලත් අලුත් පාටට අකමැතිව පුම්බා මහත කම්මුල් ඉල්ලන හැටි පරණ පාටම බලෙන් පදිංචිව ලව් එස්.එල් හිනා වෙන්නම කියනවා අර මහත කම්මුලට රත්තරන් බඩු සාප්පුවකට ඕනෑ නැති තරම් ඉඩකඩ කකුළුවන් ලොකු [...]

Continue reading

අශ්ව මනාලිය

ඒ හාදයා පාලමෙන් ආවෙ නෑ මේං මේ තරම් උස යකඩ අස්සයෙක්ගෙ පිට නිල් පාට මල් බොකියක් අරං අහසෙන්මයි ආවෙ අශ්ව බස දන්න හාදයා අපි දිහා බැලුවෙත් කනස්සල්ලෙන් කෝපයෙන් ටකස් සද්දෙට බිමට පැනලා මං දිහාමයි බැලුවෙ ‘කෝ මගේ මනමාලි?’ මුලු ගමක් ම ගැස්සුනා කවුරුත් අශ්ව ගැහැනියක් හෙව්වා අඩුම තරමින් අශ්ව ලාඩම් ගැලැපෙන කෙනෙක් ඒ හාදයා විසි [...]

Continue reading

පළගැටියන්ටයි වැඩිම ඉඩ

  එතැන අපිට ඉඩ නැති හැටි අඩුම තරමින් නිකමට වාඩි වෙන්නවත් පළගැටියන්ටයි වැඩිම ඉඩ ගී කීමටත් හිරි ඇරීමටත් වෙන ම පැත්තක් කහ පාටින් ලකුණු කළ මංතීරුවක් අර බලන්න යන හැටි ඒ මත සොඳුරු දිග පාද ගස්සමින් ඉද හිට කොක්හඬලා සිනාසෙන පළගැටි ළමිස්සියන් ක‍ටුසු තරුණයන් බය කරනවා වාගෙයි අර බලන්න ඒ අය පසු නොබලා දුවන හැටි [...]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com