ජනේලය අත්තටු අකුලාන වීදුරුවට මුහුණ තබාන අපහසු ඉරියව්වක වැස්ස තමන්ගේ පාඩුවේ කැමති කැමති තැන සර්පිලාකාරව ඇවිද යන කෙල්ලක සේ සෙල්ලක්කාරව කම්මැලි වීදුරුවටත් ජල බිංදු ඉහින නපුරුකම තවත් වැඩි වෙන ජනේලය මේස රෙද්දටද ඔරවන ජනෙල් රෙද්දෙන් හැංගෙන කතා නොකරන කෙල්ලකට දුක කියන ඈ කිසිත් නො අසන වැස්ස තමන්ගේ පාඩුවේ දුව ඇවිදන ඉදහිට කිවිසුම්ද යවන ආදරේට ඉඟි […]
Archive > January 2012
ගොලුබෙලි තෙම
වට රවුම යට සාද තෙපුල් පැවත්වුමට අවසර උවමනායි ගෙලුබෙලි තෙම ඇන්ටනා විහිදා එළියට වයසින් බාල උදවියට දොස් කීම අනුමත කළ හැකිද මේ දහවලෙත් කාට පුංචි තණකොල ගසක් යට හැංගිලා සිටි කූඹින්ට බැණ සුපර් ග්ලූ ගෑවා නේද බිම ඇලවි ඇලවී මිය යන්න උන්ට ඔය තරම් අහංකාර බව නොදත්තෙමි මේ මොහොත වෙන තෙක්ම ලේක්හවුස් වට රවුම යස […]
චීටාවෙකු ඔබට මොකටද
මැතිණිය ඔබේ හැසිරීම හොඳ නැති බුලත් විට කෑම සර්කස් බැලීම මැතිණියකට කැපෙන වැඩද බලන්න මේ මිදුලක කැත බුලත් කෙළ සිතුවම මගේ හිසේ තුවාලයත් රිදවන ඔය මලයාලම් සිංදු කෑලි කියනවා හෙම නෙවෙයි සද්දෙට මං අහිංසක ගොවි මහතෙක් එක් කනක් වසා පැල් කවිම කියන ඔබ රූමත් මැතිණියක් සර්කස් බලන්නට ගම්මිරිස්,බුලත් විකුණන චීටාවෙකු ඔබට මොකටද ඉඩ මදි නොවෙද […]
ඩබල් ඩෙකරය,ඉතා සංවර.
ඉඩකඩ මදි කුඩා නැවකි ඒ දහවලේ ආ ඩබල් ඩෙකරය තප්පර දෙකක් එහායින් අසුන්ගත් ඔබ වඩාත් විනීතව අංශක අනූවකට පමණක් විටින් විට මවෙතට බර වෙමින් ජල විදුලිය උපදවන දෑසක් කොන්දොස්තර උතුමා ළඟ ටිකට් පත් බලෙන් පිරිනමන ඒ අතර අපේ ඇස් පරීක්ෂා කරන නවම් මාවතෙන් සුළං ගෙන හිමින් මගේ කොපුලත තවරන කොන්දොස්තරගෙන් ජල විදුලි බලය ගෙන හදවතේ […]
මෙහෙම වෙන්නත් පුලුවන්ද
මෙහෙම වෙන්න පුලුවන්ද හදවතින් මින්ට් දියර ගලා හැලෙන්න පුලුවන්ද ඇස්වලින් සමනලුන් ඉගිලෙන්න පුලුවන්ද මේ සියල්ල කලින් නොවන්නට ගිවිස ගත් දේ දැන් හැම තැනම මා පසුපස සුවඳැති මින්ට් ගංගා ඒ ඇතුළත අලුත ඉපදුණු සිංදු කියන පුංචි මාළු ඇසිපිය හෙළන හැම විට ඉගිලි ඉගිලී මා වටා කුඩා පියාපතින් අහසේ හදවත් අදින කිසිදා නොදුටු මායාකාර සමනලුන් මෙහෙම වෙන්නත් […]
ප්‍රේමයේ දුක් සුවඳ ඉවසන
ප්‍රේමයේ දුක් සුවඳ ඉවසන නැව් තොටේ අතරමං වූ එකම මගියා මං නොවේ දියරැල්ලකට පාට විසි කළ කාලයේ ඔබ සයුර වූවා නම් අගෙයි වලාකුළු යට දෙනෙත් තෙත් වුන කාලයේ ඔබ වැස්ස වී වැටුණා නම් අගෙයි විසල් සයුරම මටම හිමි වූ කාලයේ ඔබ නොදැක සිටියා නම් අගෙයි වලාකුළු උඩ සිරියහන් තැනු කාලයේ ඔබ නූපදී උන්නා නම් අගෙයි
හදවතේ විදුලිය
නවතින්න හිතන විට කඩා හැළෙයි කාන්තියක් ඇස් පසාරු කළ හදවතේ විදුලිය ඉතිරි කළ අමුතුම කාන්තියක් ඔබ කොහේවත් නැති මට නැවතීමක්ද නැති