Archive > January 2012

මිහිරි ඇල්පෙනෙති මතකය

ඔබ සිහිනෙන් පෙනෙන්නට නියමිත මිහිරි ඇල්පෙනෙති තුඩ ළපැත්තට රහස් නොකියන බිම බලන කම්මුලට එබී බලන එක් දිනක් මෙන් අන් හැම දිනම හිනාවෙන්නට නියමිත තැන මා හඬවන මිහිරි ඇල්පෙනෙති තුඩ මහත් කරදරයක් කළ නොහැක ඔබට මා මිය යන්න කැමැත්ත දෙන ඔබ මා පපුවත සිදුරු කරන්නට නියමිත අවසන් සිහිනයට පෙර ඇහැරෙන මගේ මිහිරි ඇල්පෙනෙති මතකය ඔබ

Continue reading

නැවතත්

මට විනාඩියක දුරකින් නිදන වැහි දා රාත්‍රියක රාජකාරි කරන නියමිත ප්‍රමාණයට ගොරවන ඇත්තී ආච්චීය විනිවිද පෙනෙන අඳුර මැද අත දිගු කර යමක් පෙන්වන එසැනින් නින්දට වැටෙන සිහිනෙන් බූවල්ලන් දකින මට නොතේරෙන බසකින් උන් සමඟ කතා කරන ඇත්තී ආච්චීය මැදියම,අලුයම ලී මෝලක ඈ වැඩ කරන ඇදේ දිග පළල මැද ඇගේ ශබ්දය මා ලුහුබදින හරියටම රෑ දොලහට [...]

Continue reading

උන්මාද තුන්යමක

පා ඇඟිලි වෙළී සිහින් සුරතක මදක් පෙම්බරව ඔබ ගිලෙන්නේ ඇයි මගේ ඇස තුළ නිදා නොසිටි එක් උන්මාද තුන්යමක වඩා සීතලව වෙළෙන්නේ ඇයි මා බද මොන තරම් උණුසුම්ද ඔබ වුවනත මල් පොහොට්‍ටුවක් නොවෙද මා ගත මේ තරම් දිග කෙළේ කවුද මේ ‍රැය මට තවත් නිදන්නට පුලුවන්ද තනිවම උඩුවියන් බැදි සිරියහනකි අතීතය වම් පසට එබී ගිය හිඩැසකි [...]

Continue reading

දෙව්තෙම,මම රතු කෙස් ඇති කෙල්ල

රතු කෙස් නොපෙනෙන්න ඈ හිස බැදි ලේන්සුවකි මල් සහ බූමරංග ඇදි ඒ ඉමිහිරි ලේන්සුව හමන විට සුළඟ ගෙනෙන්නේ ටැල්කම් පුයර දුම් වැටිය බිම හෙළන යන්තමින් අළු පාට සිහින් කුඩු අංශු වේදිකා හතරකින් බිමට පැන ඈ නාසය තුළට ඇවිද යන සිහින් කැස්සක් සමඟ ඈ පා ඇගිල්ලෙන් ඉස්සී බලන දෙව් තෙම දුම් රො‍ටු ගිලගනු බැරිව කවාකාර ඇස් [...]

Continue reading

ඒ මහතා

ඒ මහතා ගෙනාවේ වීදුරු පෙට්ටියකි පියන ඇරී එළියට පැන්නේ වීදුරු තීරු රාසියකි පරෙස්සමට නවා සතපා ඉදික‍ටුද කුඩා ගෝස් කැබලිද හිනා වීගෙන හිටි හැටි මතක් වෙනකට ලැජ්ජයි තාම මට අල්ලා සීරුවට සුළැගිල්ල අග හිනා වුණු ඉදිකට්ට තැබු විට හඬාගෙන බිම පතිත ලේ බිඳු අල්ල ගත් හැටි වීදුරු තීරුවට සිනා සී තරමක් කෝලව සොරා ගත් හැටි ලේ [...]

Continue reading

කොච්චර වැරදිද මම?

සාදයට සායක් ඇදගෙන ආව මම කොච්චර වැරදිද මයි ෆෙයාර් ලේඩිගේ ගවුමේ කතුරු ඔන්චිල්ලා බැද කැරකෙන්නේ ඈ සාය ඇදි මා කරකවමින මධු විතට ඉගි මැරිය හැකි ඒ අතර මාරක ලිදේ මෝටර් සයිකලයක නැඟ කැරකෙන විට සාය ඇදි මම මාරකය බයිසිකලයට වුව සාදයට සායක් ඇදගෙන ආව එක එක කොච්චර වැරදිද මම?

Continue reading

පෙම්වත,වඳුරු ආරට පීනමු

පෙම්වත සිහිල් දිය නානු රිසියෙමි මඩ කඩිත්තක වඩාත් ඔබ පෙනෙන්නට ළං ළංව රාණි සඳුන් සබන් පා කරමින් මඩ කඩිත්තක ෂැම්පූ කර ගත හැකි ඔවුනොවුන් හිස දිය බුං ගසන තවත් අය අතර කෙටි සමනල සිනා පාමින් අපි වඳුරු ආරට පීනමු ලැජ්ජා හිතෙන්නට ඒ අයට පෙම්වත සිහිල් දිය නානු රිසියෙමි මඩ කඩිත්තක ජෝඩු දාගෙන

Continue reading

මී උතුමාණෙනි

ඔලිම්පික් ක්‍රීඩාගාරයකි අපේ සිවිලිම රාත්‍රියට මී උතුමාණෙකු කඩුලු මතින් දුවන ඒ පසුපස හෝතම්බු මහතෙකු ලුහුබදින ඉදහිට මදක් නතරව වඩා ඉඩ ඇති යට ලීය මත කටවල් විවර කර හති හලන ඔලිම්පික් ක්‍රීඩකයන් යුගලකි ඔවුන් දෙදෙන රාත්‍රී දොලහට හරියට බීම බොන ප්‍රතිවාදියා සමඟම එකට වාඩි වෙන ඉදහිට මටද මී හිනා පාන මහා ජෝකරයෙකි ඒ උතුම් මී උතුමාණෝ [...]

Continue reading

මාළු හටන

හැම මාළුවෙකුගෙ ම වරල ඇතුළෙ හංග ගත්ත පුංචි කෙටේරියක් තිබුණා.චූටිම චූටි මාළු ළඟත් මොකාක් හරි උල් ආයුධයක් තිබුණා.කොරල්පර ඇතුළෙ ගෙවල්වලින් එළියට බහිද්දි හැමෝම අමතක නොකර තම තමන්ගෙ ආයුධ අරන් ගියා.ටික දවසක් යන කොට තේරුණා මේක හරිම මහන්සි වැඩක් කියලා.මොකද පීනනවට අමතරව තවත් බරක් වරල් ඇතුළෙ හංගාගෙන ඉන්න එකෙන් සමබරතාවය බිදෙනවා.මේ නිසාම බොහොමයක් මාළුන්ව පීනන අතරතුර [...]

Continue reading


එන්න අකුරු පෙති ගසන්න

කවියනි අවිය අවිය ගෙන එන්න අකුරු පෙති ගසන්න ලේ ගලන තැන් බලා ගිනි කූරු රදවන්න එකම විට ගිනි පෙනෙලි ගෙන ඔවුනොවුන් ගිනිලන්න අපි විතරක් හොරෙන් අයිස් කුට්ටි අතර සැඟවෙන්න කවියනි වරෙව් අකුරු අකුරු පෙති ගසන්න

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com