Archive > January 2012

නිහතමානී බළල් මැතිණිය

නිහතමානී බළල් මැතිණිය කුස්සියට යන සැමට එක්ස්කියුස්මී කියන මූසිකයන් නිදි රාත්‍රීන්වල ඉතා හෙමිහිට බළල් අඩි තබා ඇවිද යන නිහතමානී බළල් මැතිණිය කුඩා මූසිකයන්ට අනුකම්පා කරන වැඩිහිටියන් එළවා බිය කරන මාංශ නම් පිළිකුල් කරන සැමට එක්ස්කියුස් මී කියන රාත්‍රී දහයට පාපිසි උඩ කෙටි නින්දකින් සැනහෙන ඉන් පසුව රෑ වැඩ මුරයට පිටත් වන රාජකාරි හැදුනුම්පත නිතර පිරික්සන [...]

Continue reading

කුරුලු පිහා‍ටු සුප්

මටත් හොටක් ඒවිද බීවොතින් ඒ සුප් කියව කුරුල්ලනි ඔය හොට’ගින්ම

Continue reading

නරක දෙව්දුව

මට අහසින් පණිවුඩ එවන නරක දෙව්දුව ඔබ දුහුල් වලාවක දුහුල් තිර අතුරා මධු මී බොන පරිවාර දෙවිවරු කැත බැලුම් හෙළන ඔබ කීවක් නාසමින් මට පණිවුඩ එවන මේ දෙවි සෙල්ලම හරි භයානක ඔබ නරක තරමට මට හොඳ වෙන්න හිතෙන මට අහසින් පණිවුඩ එවන නරක දෙව්දුව ඔබ දුහුල් වලාවක දුහුල් තිර අතුරා මධු මී බොන පරිවාර දෙවිවරු [...]

Continue reading

සමනල බට්ටාගේ නම

සෑම සාරියකම හැම පාටකම පෑන් ඉරි වෙනසකට බෝල සීසන් පත ඇතුළත සේයාරුව ප්‍රවේසමට පාට කර හීන් උඩු ‍රැවුලක්ද ඇද සමනල බට්ටාගේ නමද කෙලවරක රෑ පුරා ලියූ ප්‍රොජෙක්ට් රිපෝටය පළමු පිට බැට් මෑන් හිනැහේය ඒ ස්ටිකරයකි අග පි‍ටුව අයිති බෙන් ටෙන්ටය ඔහුද හිනැහේ කදිම ස්ටිකරයකින් අහෝ හෑන්ඩ් බෑගයේ ජංගි පොඩියකි අම්මාට මාව මතක් වෙන්න ඒ පුරාම [...]

Continue reading

හිනාවෙන දිවි මහත්මීන්

ඔෆීසිවල හිනාවෙන දිවි මහත්මීන් සටස් පටස් ගා සද්දෙට ඇවිදින උල් නිය හෑන්ඩ් බෑගයේ අඩියේම සඟවාගෙන රාත්‍රියේ මුව දඩයම සිහිපත්ව තොලකට සොලවන ඉඩක් ලද සැනින් අසුරු සැනින් ගෙල සපා කන මහන්සි නැතුවාද එක දිගට දඩයම් හොඳ නැතුවා නොවෙද එන්න යන්න කතුරු ඔන්චිලි පදින්න නැතිනම් මාරක ලිදේ මෝටර් සයිකල් හෑන්ඩ් බෑගයේ උල් දත් කුට්ටම ගත හැකි එවිට [...]

Continue reading

පෙරා ගත් රහස

රහසකින් රහසක් පෙරා ගතිමි දුම් දමන කඳුළු බිංදු සීයක් ගණන් කර බෑගයක ලා ගතිමි යන සියලු තැන කැ‍ටුව යමි මාස මාස දිගුව අවුරුදු අවුරුදු හිස ඔසවන විට නිතර දැනේ පා පහරක් බෑගය තුළින් එළියට පනින කඳුළකට මේ තරම් හයියක් නිකන්ම නිකන් රහසක් තුළින් උපන් කඳුළකට මෙපමණ හයියක් සූරියකාන්ත මල් පවා අත වනා මා අමතන ළතැවිල්ල [...]

Continue reading

උතුම් රහසකි

මෙය උතුම් රහසක් සඳක් තරුවකට කිව යුතු සුළං පහරක් බිම බලා යා යුතු වලාකුළක් කොපුල් රතු කර ගත යුතු කවුරුන් විසින් කාට කියනු ඇතිද අග මුල පටලා වලාකුළක් තරුවකට සුළං පහරක් සඳකට කියනු ඇතිද නොදන්නා කමට ලජ්ජා නැති තුරු ලතාවක් මේ උතුම් රහස සොරකම් කරනු ඇතිද මම ජැක්ගේ බෝංචි වැලට නැඟ රහස් ඔත්තු බැලිය යුතුමද [...]

Continue reading

ඔබට වැටහේද

තවත් කොපමණ අවුරුදු ගත විය යුතුද ග්‍රහලෝකයක් දැවී අවසන් වන තුරු තරු ගේට්‍ටුවක් සොයා ගන්නා තුරු ඩයිනෝසර පොසිලයක් පණ ගසා නැගිටින තුරු මට නොතේරේ තවත් කොපමණ කාලයක් ගත වනු ඇතිද එපමණ කාලයකට පසුව හදුනාගනු කෙලෙස කුමන නමක් ඔබට තිබෙනු ඇතිද එවිටත් කෝපි නොබොනු ඇතිද මට නොතේරේ ඔබට වැටහේද මට නොවැටහෙන තරම අපි ගැන

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com