this is a dramatic moment gazing at the horizon thru the window I should ask you to go covering my face I should shed a tear or two you should leave like a gentleman and turn to look back too or, this drama should be destroyed leaving the spectators embarrased… being amenable to somebody getting […]
Archive > February 2012
නාටකීය මොහොතක්
මේ නාටකීය මොහොතකි කවුලුවෙන් ඈත බලා ඔබට යන්න කිව යුතුය මා මුහුණ වසාගෙන කඳුළක් දෙකක් තුනක් සැලිය යුතුය ඔබ මහත්මා ලීලාවෙන් යළි පසුපසද බලමින් නික්ම යා යුතුය එසේත් නැත්නම් මේ නාටකය සුණු විසුණි කළ යුතුය නරඹන්නන් අපහසුවට පත් කළ යුතුය කවුරුන් කාට හෝ අවනත වීම නාටකයෙන් පිටට පැනීම අපිටම ජනේලයක් තනා ගැනීම ඕනවට වැඩි බව […]
සත් වැනි සිහිනය
සෑම උරහිසකම කුරුලු පිහාටු කොට්ටා නැති ඇසක් පොඟවා රතු පාට සාදවා මට ගී ලියන්නට කියන උමතුකමින් ඔබ සැනසේද කුඩා ලී කූඩුවක් සාදවා සුරතලෙකු ලෙස ඇති කරනු රිසිද මේ සත් වැනි සිහිනයයි යළි ඇසක් පියවනු නොහැකියි සෑම ගීතයකම ඔබව සඟවාලනු නොහේ ඉසියුම් වීණා තත් විඩාවෙනි ගයනු නොකැමැතිය අඩක් මිය ගිය මන්ද්‍ර ස්වර තවත් භද්‍ර කල්පයෙක විඩාවක් […]
නිරුවත් ජනේල
ජනේල නොගලවන් ඔබෙ ඇදුම් කිවිසුම් යාම අයිති අපටයි හිනා වීම ඔබේ රාජකාරියයි රැළි ඕනෑ අපිටයි සුළඟ ආ විට නොනැමී සිටිය යුත්තේ ඔබයි විටින් විට නිරුවත පෙන්වීම රතු කරවයි අප දෙකොපුල් ජනේල ඔබ ඕනෑවට වැඩියි ඔය පුටු කවර මනමාලයන් නොවෙයි වෙළෙන්නට නිතර ඒ මත ආස වෙන එක අපිට නුහුරුයි හිනා වීම ඔබේ රාජකාරියයි තැන්පත්ව ඉන්න බැරි […]
මැරලින්ය ඈ මොන්රෝ
මැරලින්ය ඈ මොන්රෝ දිය රැළි නඟින තඹ කොණ්ඩා කෙටිය සැලුවේ තිගැස්සී ගෙනය ඔබට කම්මැලි නැතිද ඔය තරම් ලස්සනට ඉන්න කොපුලතක් රතු වනතෙක් සිනාසෙන්නම කිති කවන යුරු දහක් රසික ඇස් ඔබ තවත් තැන්වල පෙම්වතුන් දෙව්ලොවත් අන්තිමට පඩිපෙළේ නැඟ යන විටදි එහි දුටුව අය නොකීවෙ මන්ද අනෙකෙකුට ඒ රස රහස මැරලින්ය ඈ මොන්රෝ මලානික අහසට පැන්න ඉදහිටක […]
සිප ගන්න තහනම් තවම මට !
ඔබ දම් පාට මොකද ඔච්චර සිප ගන්නේ කොහොම වෙනත් පාට අය අත් අල්ලා ලිස්සා වැටෙමු අපි හිම වැටුණේ බිම වැටෙන්නට අපිට එක ගුලියට පෙන්ගුවින් පැටවුන් මෙන් තවම ඇවිදින්නට නොදත් සබන් බෝල පුම්බන්න නරකයි දම් පාට ඇගකට දෙතොල් වෙව්ලන සුළඟක විළිබර ඇසක් නලියන ඔබ දම්පාට වුණේ කොහොමද සිප ගන්න තහනම් වෙනත් පාට අය තවම මට !
ළදරු පෙම් කතාවක්
රහසිගතව වැතිරෙන්න සයනය කටු අකුලින් වැසී ඇති සීරුම් ලකුණු ලෝකයට ඔබව පෙන්වන වසා ගනු හැකිද වීදුරු ආදරයක පැටලුණු විට අපි මෙතරම් බියසුලුද මියුරු අතැගිලි කෙතරම් අවිනීතද ඔබේ සීරුම් ලකුණු රහසිගතව මුමුණන්න වීදුරු බිත්ති මායාකාරය කටොලු කතා ගොතන සුලුය ගිනි කන වැටෙනු බියකරුය ඇස් පැටලුම් ලිහනු බැරි මෙතරම් කිව යුතුද ළදරු පෙම් කතාවක් නම් නොවේ මෙය […]
අකුරු බැරි නම් ඔබ යන්න
මෙහෙ එන්න ජුලියට් ගන්න මේ නවකතා පොත කියවන්න ඇහැකි හැටියට මට උවමනා අන්ධ වෙන්න ඔය රැළි සාය නො අදින්න හුළඟට ඇහෙන සර සරය මගේ වම් ඇස කිති කවන ඇයි නාකද සුරුට්ටු කලිසම් සුළඟට කිසි කරදර නැති ජුලියට් මං කියන දේ අහගන්න අකුරු බැරි නම් ඔබ යන්න මට උවමනා අන්ධ වෙන්නට ඔබෙ ඇසෙන් මේ පොත කියවන්න
ක්ලාන්තයි පෙම්වත
ඔබේ සිනාව මට ක්ලාන්තය ඇති කරවන මුහුදු පතුළෙන් ගොඩ ආ පසැගිල්ලන් විරූපී අත්වලින් පවන් සලන ඒ අතර මුහුදු අශ්වයෙකු ගැබ්බරව බබාට නමක් සොයන්නට මට බල කරන එවිටත් ඔබේ සිනාව මට ක්ලාන්තය ඇති කරන
විජේ
බොකුටු හිස කෙස් අතර කෙතරම් වාර අතැගිලි ගෙන යන්න ඇත්ද සියක් වර සිනාසෙන දෑස දහස් වර සිප සනසන්න ඇතිද ගංගාවකින් ආදරය ගෙන සම සේ බෙදන්නට හැකි වුණිද සදාකල් පෙම් කළ කළු කෙසඟ පෙම්වතිය වෙඩි උණ්ඩය දැක මතක් වෙන්න ඇත්ද විජේ ළඳ බොළද කෙල්ලකට මොනා සිතෙන්නට ඇතිද ඔබ වසඟකාරී සිනාවෙන්ම බිම පතිත වෙන්න ඇත්ද