ළදරු පෙම් කතාවක්

රහසිගතව වැතිරෙන්න
සයනය ක‍ටු අකුලින් වැසී ඇති

සීරුම් ලකුණු
ලෝකයට ඔබව පෙන්වන
වසා ගනු හැකිද වීදුරු ආදරයක
පැටලුණු විට අපි
මෙතරම් බියසුලුද
මියුරු අතැගිලි
කෙතරම් අවිනීතද
ඔබේ සීරුම් ලකුණු

රහසිගතව මුමුණන්න
වීදුරු බිත්ති මායාකාරය
කටොලු කතා ගොතන සුලුය

ගිනි කන වැටෙනු බියකරුය
ඇස් පැටලුම් ලිහනු බැරි
මෙතරම් කිව යුතුද
ළදරු පෙම් කතාවක් නම්
නොවේ මෙය

රහසිගතව පැන යන්න
වීදුරු බිත්ති ඇතුළතින්ම
කිසිත් නොකියමි
මෙවර
අවසන් වතාවටම

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ළදරු පෙම් කතාවක්"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company