Archive > March 2012

වචන ඉල්ලන වයලින තත්

වචන ඉල්ලන වයලින තත් මම මොනවා දෙන්නද මේ කබලෙන් ලිපට වැටීමකි සිහින්ව ගැයෙන ගිටාර් හඬ නොකියූ කතාවක් කියනවා වෙන්නැති පෙම්වතිය හැර ගිය දුකක් කියනවා වෙන්නැති මට හිස කෙස් සිඳගන්න ඉඩ දෙන්න මෘදු මතුපිටක හිස හප්පගන්න ඉඩ දෙන්න ඔබ ඉල්ලන වචන මගේ ළඟ නැති මාව මේ ගිනි ගොඩෙන් එළියට අදින්න යන යන අත ගිටාර ස්වර මුහුණතෙහි [...]

Continue reading

වාසනාවේ රන් දොර‍ටුව

සැප් ආවේ මීගමුවේ සිට ය.ත්‍රීවීලරයක ය.මහා රාත්‍රියක ය.පොඩි අයියා සමග ය.බලාපොරොත්තුවෙන් පිරි නිල් ඇස් සමග පිරිසිදු විශාල කන් යුගලයක් ද ඔහු සතු විය.මුලු ගේ පුරා ම ගෙම්බෙකු මෙන් පනිමින් හේ පළමුව අපේ නිවස පරික්ෂා කළේ තමාට එය පදිංචියට සුදුසු දැයි කියා විය යුතු ය.පළමුව විසාල පු‍ටුවක් තම රාත්‍රී යහන ලෙස ‍තෝරා ගත් ඔහුව නිශේධ බලය [...]

Continue reading

එයා සෙල්ලම් බඩුවක්

එයා සෙල්ලම් බඩුවක් පුංචි බෝනික්කෙක් රත්තරන් කොණ්ඩය නිල් රතු මල් ගවුම ප්ලාස්ටික් පාවහන් බිම තැබූ විට කතාත් කරන සිංදුත් කියන කවුරු සමඟත් ඇද පැත්තෙන් නිදන පුංචි සෙල්ලම් බඩුව මොනරු දු‍ටු විට තදින් සිනාසෙන

Continue reading

ආදර පිපුරුම්

ආදරය බිම් බෝම්බයක් මෙන් පිපුරුණි වේලුණු මල් පෙති දිග හරින්නට ඉර එළියකටවත් බැරි දළඹුවෙකු මෙන් සිරුර එතුණු ඩයිනෝසර මතකය සියුම් සීරුම් සමඟ වැඩ සිටින ප‍ටු මාවතක් ලලනාවක් මෙන් ඉකි ගසන එක් කර සියුම් මල් පෙති මිටකට කුඩා බදුනක බහා තබන ඉකි ගසන්නට තහනම් ඔබට වීරයෙකු මෙන් පෙන්විය යුතු ලෝකෙට මේ මහා අග්‍රඵලය ප්‍රේමයේ නෙලා ගන්න [...]

Continue reading

මගේ නිවුන්කම

අපි තරාදි පඩි මෙන් වෙන් වෙන්ව – තැන් දෙකක ඇණ බා සිටින බර බලන්නට ඕනෑ විට අන් අයට, අපි එකතු කර මැන බලන නිවුන් අය මෙන් ඇලී ගැලීගෙන සුව දුක් විමසන එක් දිනෙක ඔබ සොරු ගෙන තරාදිය මා නොතකා ඔබ ම සොයන මගේ නිවුන්කම නොතකා හරින බර බලන්නට අය පෝලිමට පැමිණෙන අපි කියා දෙයක් නැති [...]

Continue reading

අලුත් නගරය

මටත් යන්නට ඕනෑ තැනක් ඇති සිතියමක් පමණක් ඇති එතැන සිතියමේ නම් නැති කුඩා තිත් සියයක් එකතු කර මම දිනෙක එහි නගරයක් තනන රජවරු සි‍ටුවරු කඩදාසිවලින් ම සකසන ඒ අයට හුස්ම දෙන්නට බැලුම් බෝලයක් උවමනා වන සැතපුම් ලක්ෂයක් ගෙවා සොයාගත් බැලුම් බෝලය, ඔබ ඇල්පෙනෙත්තක හා හාදව මගේ අලුත් නගරය සැනින් පිපිරෙන

Continue reading

මුතු කරාබුව

මුතු කරාබුවක් හමු විය අඩවන් කර එක් ඇසක් බැගෑබර බැල්මකින් මදෙස බලා සිටි විට ඒ බැල්මට පරාදව නැවතුම් කිහිපයකට පෙර ම බැස ගියෙමි බසයෙන් වසර කිහිපයකට පසුවත් අඩ නින්දකින් අර මුතු කරාබුව මා අසල පෙනී සිටින අඩවන් බැල්මකට දුක්බර කතාවක් තිබිය හැකිවද තනි කරාබුවකට අතීතයක් තිබිය හැකිවද මුතු කරාබුව නොසැලකිල්ලෙන් අත් හැරුණු ඔබ තවම ගමන් [...]

Continue reading

පර්වත

ඒ පර්වතය මහලු ජිරාෆයෙකි උස ගියේ කොහොමදැයි නොදනී ඉද හිට පතුරක් දෙකක් ගලවා මූකලානට හෙළන වැඩි වෙලාවක් බුම්මාගෙන ම බට්ටිච්චන් ගේ කතා බහට හූ මිටි තබන නැවෙන්නට දන්නා ගස්වලට යටි හිතින් ඉරිසියා කරන හිසට වැ‍ටුණු වියළි කොළ පිළිකුලෙන් පිසදා බිම දමන ඒ පර්වතය සිනාසෙන දවසක් ද ඇති අහස එහේ මෙහේ දුව පැන ඇවිද වලාකුළු කිති [...]

Continue reading

රෝගය

මම මහත් පීඩාකාරී රෝගයකින් පසු වෙමි.ඒ ඇස් වැසූවත්,ඇස් විවර කළත් නොයෙක් රූප පෙනීමේ අභාග්‍යමත් රෝගයයි.සති,මාස ගණනාවක් පසු කළත් කිසිදු බෙහෙතකට සුව කළ නොහැකි මේ රෝගය හේතුවෙන් කාගේත් ඒකමතික තීරණය වූයේ අන් අයටද මෙය බෝ වීමේ අවධානමක් ඇති හෙයින් මේ ප්‍රාන්තයෙන් මා පිටමං කර දැමීමයි.කැමැත්ත අසන ඡන්දයක් ද පැවැත්වුණු අතර විශාල ඡන්ද දූෂණයකින් එය කෙලවර විය.ඡන්ද [...]

Continue reading

සාක්කි

ස්වාමීණී මේ මිනිහා මාව මැරුවා.මේ බලන්න මේ උරහිසෙන් තාම ලේ ගලනවා. යුෂ්මතී කියන්නෙ තමන්ව මේ මිනිහා මැරුවා කියලද? ඔව්.ස්වාමීණී.මං ඒක තමයි කීව්වෙ. මට නම් තේරෙන්නෑ ඒක ආයෙත් පැහැදිලි කරන්නෙ මොකටද කියලා. තමුන් මැරිලා නම් කතා කරන්නෙ කොහොමද? හත්වලාමයි ස්වාමීණී.මං මැරිලයි කියලද තමුන්නාන්සෙ කියන්නෙ? එතකොට මං කතා කරන්නෙ කොහොමද? චිකේයියා…මේ මොකද මගේ ඇග පුරාම ලේ?මට මේ [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com