සාක්කි

ස්වාමීණී මේ මිනිහා මාව මැරුවා.මේ බලන්න මේ උරහිසෙන් තාම ලේ ගලනවා.
යුෂ්මතී කියන්නෙ තමන්ව මේ මිනිහා මැරුවා කියලද?
ඔව්.ස්වාමීණී.මං ඒක තමයි කීව්වෙ.
මට නම් තේරෙන්නෑ ඒක ආයෙත් පැහැදිලි කරන්නෙ මොකටද කියලා.
තමුන් මැරිලා නම් කතා කරන්නෙ කොහොමද?
හත්වලාමයි ස්වාමීණී.මං මැරිලයි කියලද තමුන්නාන්සෙ කියන්නෙ?
එතකොට මං කතා කරන්නෙ කොහොමද?
චිකේයියා...මේ මොකද මගේ ඇග පුරාම ලේ?මට මේ මොකද වුණේ?
කවුද මේ අපරාදෙ කළේ?
තමුන් යකාගෙ කතාවක්නෙ කියන්නෙ.මං දන්නෙ කොහොමද?
අනික ඔහේම නේද දැන් කිව්වෙ ඔහේ මැරිලා කියලා?
කෝ හැරෙනවා බලන්න අනික් පැත්තට...හා..හා..ඉක්මනට හැරෙනවා.
මෙතන තව වැඩ තියෙනවා අපිට කරන්න.
අනේ කෝ ස්වාමීණී මගේ දිග කොණ්ඩෙ?කවුද ඒක කපා ගත්තෙ?
කවුද මේ අපරාදෙ කළේ?
දැන් තමුන් මගෙන් ප්‍රශ්න අහන්න ගන්නෙ තමුන් කවුරු කියලා හිතාගෙනද?
අනේ තව මොනා හිතාගන්නද ස්වාමීණී,මට මතක නෑ මොකවත්ම.
එතකොට කවුද තමුන්ව අර මැරුවයි කිව්වෙ?
අනේ මං දන්නෙ කොහොමද ස්වාමීණී.
මං මැරිච්ච ගෑනි වෙච්චි කොට කවුරු මැරුවද කියලා කොහොම දැනගන්නද?
තවත් සාක්කියක් :
ස්වාමීණී මං කලිනුත් කිව්වනේ මං මැරිලයි කියලා.
ඔබතුමාලා ඒක දන්නවා නම් අහවල් කෙංගෙඩියකට ද මාව සාක්කි කූඩුවට නැග්ගුවේ?
මගෙන් හරස් ප්‍රශ්න ඇහුවෙ?
දැන් මේක හතර බීරි කතාවක් වෙලානෙ ජසින්තා.
මැරිච්ච උඹ මොකටද උසාවි ගානෙ ආවෙ?
අපිට ඉතිං ඕවා හොය හොය ඉන්න වෙලාවක් නෑනෙ.
අපි ඉතින් සාක්කිකාරයො කැදෙව්වා.
සිතාසි ආපු වෙලාවෙ උඹට තිබුණනේ උඹ මැරිලා විත්තිය උංට කියන්න.
මං කී වංගියක් කිව්වද ස්වාමීණී.
උං තඹේකට ගණං ගත්තෙ නෑනෙ.
උං හිතුවෙ මං උසාචි එන්න බයට බොරු කියනවයි කියලා.
හාං..දැං එහෙනම් කරන්න දෙයක් නෑ.
අමරසිරි මෙහෙ වරෙං.
මෙන්න මේ ගෑනිව ආයෙ පාරක් මරලා දාපල්ලා.
පසු කතාව :
ඔව් ස්චාමීණී..මේ ගෑනි හරි මායාම්කාරයි.මං හිතන්නෙ ආයෙ මරන්න දෙයක් නෑ.මේ ගෑනි දැනටමත් මැරිලා.
මට බයත් හිතෙනවා ස්වාමීණී.
අමරසිරි වෙච්චි මට මැරිච්ච උන් මරන්න වෙච්චි එකට.
ඔබතුමා නම් මොකද,ඔය ලොකු බංකුවෙ ඉදන් අර සමයං රේන්ද තොප්පිය දාගෙන කියයි..
'..අම..ර..සිරී...මෙන්න මේ..ගෑ..නිව ආයෙ මරලා දාපං' කියලා.
ඔව්වට තමයි ස්වාමීණී 'සමයං'කියන්නෙ.

 

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "සාක්කි"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com