Archive > March 2012

කසුබ්

කසුබ් බරපතල කල්පනාවක ය.සුව පහසු වේවැල් ආසනය තවත් සුව කරනු පිණිස කපු පිළියෙන් කළ මහත කොට්ටා දෙකකි.ඒ මත ගිලී ලිහිලට ඇද හුන් ඇදුම තවත් ලිහිල් කර ගත්තේ මද උණුසුමක් නැඟී ආයෙනි.මේ කාලයට අවට රශ්මිය පැවතුණත් තම කුටියටවත්,පර්වතය පාමුල උද්‍යානයටවත් එය නොදැනෙන බව කසුබ් දනී.සංකස්ස නම් ගැටවරයා කුමක්දෝ අමුතු ක්‍රමයකට තම රාජධානිය අවට සිසිලසත්,උණුසුමත් පාලනය කළ [...]

Continue reading

මැරලින් සමඟ මගේ ප්‍රේමණීය දවස් හත

ඈ කොලින් ගේ අත ගෙන උද්‍යානය මැදින් ඇවිද යන්නට වූයෙන් සුපුෂ්පිත මල් පවා ලැජ්ජාවෙන් හිස බිම නවා ඉන්නට විය.මල්වලටත් ලැජ්ජා හිතෙන තරමට ඈ සොඳුරුය.කෙසග ශරී‍රැති කොලින් ඇගේ රූ සිරියට කිසිසේත් නොගැලපෙන බවක් ම පෙන්වූ හෙයින් ඕ වඩාත් අලංකෘතව දිස් විය.රිදී තිරයෙන් බැස’විත් කෙසග කොල්ලෙකු හා උද්‍යානයක නිකරුනේ කල් යවන්නී මැරලින්ය.ඕ මොන්රෝය. පැහැ කෙටි වූත්,කැ‍රැලි වූත් [...]

Continue reading

ඩයිනෝසර මතකය

ආදරය බිම් බෝම්බයක් මෙන් පිපුරුණි වේලුණු මල් පෙති දිග හරින්නට ඉර එළියකටවත් බැරි දළඹුවෙකු මෙන් සිරුර එතුණු ඩයිනෝසර මතකය සියුම් සීරුම් සමඟ වැඩ සිටින ප‍ටු මාවතක් ලලනාවක් මෙන් ඉකි ගසන එක් කර සියුම් මල් පෙති මිටකට කුඩා බදුනක බහා තබන ඉකි ගසන්නට තහනම් ඔබට වීරයෙකු මෙන් පෙන්විය යුතු ලෝකෙට මේ මහා අග්‍රඵලය ප්‍රේමයේ නෙලා ගන්න [...]

Continue reading

මම බොහොම බියෙන්

මට නිතර බණින කෙනෙක් ඇති කුඩා දේටත් කඩු කිණිසි පෙන්වන අත් බෝම්බ සහ ටී පනස් හය උලුක් කරන මම බොහොම බියෙන් ඒ ගැන කවුරුවත් දන්නවාද උපායක් භයානක කෙනෙකු මුලාවේ දමන තුන් තේරවිල්ලකින් වුව කිව හැකි බේරී යන්න පුලුවන්ද එහෙව් විට මම බොහොම බියෙන් ඒ ගැන

Continue reading

circus

රත්‍රන් කොණ්ඩාය කසී සලුය සත්තු වත්තෙන් ආ සිංහයා මෙනි උල් දත් කිහිපයක් සිටවා ගනු මැනවි අපට තනියක් නැති සිංහ කූඩුවට ගියත් කම් නැති වසර අවසාන සේල් මෙනි අඩුවට ම අඩුවට ම මිල නියම වෙති ඔබේ වසන්තය දැන් සිරකූඩුවකි සර්කසය පටන් ගත්තා පමණි උවමනා නම් ගිනි වළල්ලෙන් පනින්නත් හැකි මේ අප්‍රකට සූදුවකි පටන් ගත් බව ඔබත් [...]

Continue reading

නලාව

එකොළහට නලාවක් පිඹිනු ඇති එවිට මට සිහි නැතිව යනු සහතිකය අකුරු අන් අයගෙන් වෙන්ව තනිව ඇවිදින්න යනු ඇති ඇලපිලි පාපිලි ඉස්පිලි වැස්සට ඉහළන කුඩ මෙන් වැඩකාරයන් වනු ඇති මට ඇස් පියාගෙන ඉන්න නියමිත පොත් රාක්ක යටින්,ඇද විට්ටම උඩින් අකුරු පියාඹනු ඇති ඔ‍ෆිස් බෑගය තදින් කට පියාගෙන වචන සුරකිනු ඇති සටහන් පොත් එකිනෙක පැන්සල් පෙට්ටි මෙන් [...]

Continue reading

කම්පිත වයලීන තතක්

සතුරෙක් සිහිනෙන් පෙනෙන මැදියමේ සිනාසෙන හිමිදිරියේ ම හඬා වැටෙන මට සතුරෙකුට එරෙහි වෙන්නට බැරිව සටනකට එළැඹෙන්නත් නොහැකිව අසරණව කම්පිතව කැඩී ගිය වයලීන තතක් මෙන් එහාටත් මෙහාටත් වැනෙමින් සතුරෙක් ළඟ සිහිනයක් යට බලගතු මගේ හිත පරඩැලක්ව අන් සිහින මද්දහනක මා තනිකරගෙන සිත දිනා ගන්නට මායම්පාන සතුරු සිහිනය මම ඔබ ම දකින්නට පතන කම්පිත වයලීන තතකින් දුක්බර [...]

Continue reading

දිය සළකුණ

මට මුහුදක ගිලෙන්නට උවමනාය උවමනාවෙන් ලුණු වතුර බී හඬා වැටෙන්නට කැමැත්තෙමි පාසි සමඟ පාවී එන කුඩා මට්ටීන් මරා කනු රිසියෙමි කුඩා කළ වෙරල අසබඩ තිබූ මහා ගල් කුළ ඒ අයුරින්ම දකින්නට බලා ඉමි ඉර මුහුද යටින් ගිලෙන්නට පෙර ඒ මුහුදේම ගිලෙන්නට මට උවමනාය වෙරළ තවමත් පෙර පරිදිමය අපට තවමත් හතුරුමය ඔබ දිය සළකුණකි මම මෝඩ [...]

Continue reading

කිළිටි කූඩය

කපු කලිසම් අල්ලාගෙන තනි පාට බ්ලවුසවල අත් ඩෙනිම් චන්ඩියෙක් සුදු කමිසයක අය ක‍ටු ගලවන බොත්තමක් නැති කො‍ටු බ්ලවුසයක් දුක කියන්නේ රතු කොඩ්රොයිලයකට කිළිටි කූඩය අඩියේම මාසයක් බලා සිටි පුංචි කොට කලිසම ඔබ මතුවී ඇත මුල් පෙළටම නාන කාමරය ඒ අයට රහසින් උදව් දෙන සබන් කුඩු සහ රෙදි මැෂිම ඇති තැන් කියන බැරිම තැන අම්මාට කේලම් [...]

Continue reading

ප්‍රථම වරද

රාත්‍රිය අත සියලු වරදය ප්‍රථම හාදුව ඔය විදිහමය අකුණු සැරයක කාන්තිය ගෙන හදවතේ ලොකු ඉඩක නැවතෙන සටන් කරනට පොළඹවාගෙන යටත් වෙන්නට ඉඟි කරන එක ප්‍රේමයේ එක් මායමකි තව

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com