Archive > March 2012

මල් වාරය

මල් කාගෙදෝ දුකකට හූල්ලන වරකට දෙක බැගින් කඳුළු හෙළන ඔබට මා කොහෙත්ම නොපෙනෙන ඒත් නිවී සැනසිල්ලේ පිපීගෙන බොහෝ වීරිය ගෙන බිමට නැවෙන වාරු නැති මල් පෙති දෙපෙති බිම වැටෙන මල් කිසිත් නැති එවිට ඔබ මුමුණන මම ඈත කෙලවරක පිපීගෙන මිනිස් අත් පහසකට ලෝබ වීගෙන මේ මල් වාරයෙත් නොපෙනීම පරව යන

Continue reading

පණිවුඩයක්

කාට හරි බැරිද පණිවුඩයක් යවන්න නාවාට කමක් නැති බව කියන්න එනතෙක් සිනහවෙන් ඉන්නා බව කියන්න මා හැර, වෙන කාට හරි බැරිද පණිවුඩයක් යවන්න

Continue reading

කළුවර හිත්

අහස පොළොවේ කළුවරට සිනාසෙන බඩවතින් තරු ඇද වලාකුළුවල එල්ලන ගෙතුළින් නොයෙක් මන්දාලෝක පැන නඟින මහත ඉටි පන්දමක් කකුල් දවන්නට ඉඩ දෙන ලද අවසරයෙන් හූනු ජනාවාසයක් පු‍ටු අතට නඟින ළා කොළ පාට තීන්ත ගෑවේ මොකදැයි බිත්තියෙන් අසන සිවිලිම දිගට මරු වැල් තිබෙන අතරමඟ මකුළු උගුල් ද තිබෙන ලලිතවත් බැළලියත් පෙම්වතෙකු සමඟ කෙටි තාප්පයේ වාටිය මත සිටින [...]

Continue reading

Despicable Me

මට අඩි විස්සක් එහායින් තප්පරයෙන් පංගුවක දුරින් හින්දි නළු නිළියන් ඇවිද යන ඉද හිට වෙඩි තියන අම්මා පපුව අල්ලා පු‍ටුවක වැතිරෙන තවත් විටෙක ඒ පු‍ටුව හිස් වන හතරේ පහරවල් සාලය පුරා ගලා යන කුඩා තණ කොළ කැබලි දොර රෙදි යටින් මගේ කාමරයටත් වැටෙන පු‍ටු හිස් වූ විට මගේ කකුල් ඒ දෙසට හොරෙන් ඇවිදින ‘ඩෙස්පිකබල් මී’ [...]

Continue reading

සිප ගත යුතු මලක්

ඔබ දැන සිටිය යුතු යමක් නොදැන ය සිප ගත යුතු මලක් අතහැර ය පුංචි උද්‍යානයක පාලමක් ළඟ බිම වැට්‍ටුවේ කවුද මේ රහස දැන් දෙනෝදාහක් කියවා ඇති නේද ඔබට මා සිඹින්නට අයිතියක් නැති බව වසන්තය ඇවටිලි කරන්නට නොදැන හිස හැරුණු අත තම පත්‍ර අතහරින මේ කුමන කාලයක්දැයි අනුන්ගෙන් අසන මේ ශීත සෘතුවක යැයි වරදවා හිතන සියල්ල [...]

Continue reading

ගිරි

‘කප්පරක් වැඩ තියෙද්දි ඇයි උඹ සීගිරි යන්නම හදන්නෙ?’ ‘බඳින්න කලින් මට සීගිරි යන්නෝන අම්මෙ’ ‘උඹ නොගිය තැනැක්යැ පුතේ …..ඇයි මේ හදිස්සියෙම?’ ‘මඟුලට තව සතියයි…සීගිරි ගලෙන් උඹ දෙරි ගැහුවොත්?’ ‘කවුරු මොනා කිව්වත් මම යන එක යනවමයි….’ තවත් ඉතින් මොනවා කියන්නද?අර්ජුන මඟුලට පෙර සීගිරි යන බව දැන් නම් මුළු ගෙදරටම විස්වාසය.අම්මා අන්තිම තුරුම්පුවත් ගසා බැලීමට තීරණය කළාය. [...]

Continue reading

ඔබ නිදුකින් ඉන්න

කිසිත් නොකියාම ඉන්න එවිට මට සිතන්නට හැකි තුවාල වී වැ‍ටුණ පසුත් අතක්වත් දිගු නොකරන්න මදහසක්වත් නොදීමට තදින් ඉටා ගන්න මේ රහස මටම වළලන්න ඉඩ දෙන්න ඔබ නිදුකින් ඉන්න

Continue reading

මැජික් ක්‍රේප් දවසක්

අද බොහොම දිග ඉවර නොවෙන මැජික් ක්‍රේප් මෙන් බොහොම දිග උදෑසන මහ මුහුද මෙන් නැට්ටෙන් වතුර ගෙන හිස් කරන්නට සිදු වන දහවල උස් කන්දක් මෙන් කුඩා හැන්දකින් කපා බිම හෙළන්නට නියමිත සවස නම් හොඳටම විකාර පොලීසියෙන් ද විත් කට උත්තර ඉල්ලන මේ දවස් වැනි තව දවස් කවුරු හරි දු‍ටුවාද නැති නම් ආ මෙන්න ඒ දවස [...]

Continue reading

ලෙගින් ඇදගත් කුකුළු ගැහැනුන්

අයින් වෙන්න අයින් වෙන්න මේ ගමන මට යන්න දෙන්න ලෙගින් ඇදගත් කුකුළු ගැහැනුන් ලැජ්ජාවෙන් ඇවිදින හැටි කෙට්‍ටු පාරක බිළාල ගමනින් වෘකයන් වැනි කපටි බලු නැටි වැනෙන අතරම දෙකට නැවි නැවි චිත්‍රයක් වැනි දිය කඩිති අසබඩ කිරා වැටෙනා පරෙවියන් ඇති ගී කියන්නට පපුව පුම්බා මහන්සිය හැදි කුරුලු පරපුර ගස්වලින් බිම වැටෙන්නැති හැටි ගමන නවතා බලමි මදකට [...]

Continue reading

අන්තිම විදුලි සෝපානය

ඔබේ කටහඬ සමනලුන් වුව මැරී වැටෙන මගේ බිහිරිකම ඔබට හිරිහැර මේ අන්තිම විදුලි සෝපානය මට ඔබ බලන්නට යනු කතා කරන කටහඬක් නෑසෙයි නම් එහි යනු කුමට සමනලුන් මටත් වඩා පිං කරන වරක් ඇසී දෙවැනි වර මිය යන

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com