Archive > April 2012

The flowers of war

නැන්ජිනයට සුරූපි මලක් කඩා වැටෙන පුංචි අත් කණ්ණාඩි සේද පිළි අඩි උස පාවහන් ගෙන යන ඒ මත සුරූපිනියන් හැංගී හිදින ඒ මැදින් වෙඩි උණ්ඩත් ඇවිද යන සිතාර් තතක් සොයා ඇවිදින ඇස් හතරක් නැන්ජිනයට තව සිහිනයක් ඉතිරි වන ‘මෝ’ ඔබේ වත මට තවම මතක තිබෙන සිපගන්න අමතකව කීතු කළ සේද පිළි උඩුමහළකින් කඩා වැටෙන නැන්ජිනයට ලස්සන [...]

Continue reading

ඔබේ සිත

දුම්රිය කවුළු අස නැඹුරු කර හිස විසල් පොතකට යටැසින් ඇගේ ඇස් නරඹන ඔබේ සිත මට පෙනෙන

Continue reading

මල් පිපෙන තුරු

ඔරලෝසු ක‍ටුවකින් කම්මුලකට තට්‍ටු දමන අප්‍රමාණ සිනාව ඔබ, අන් අයට හොරෙන් සඟවා තබන පමාවී මුණගැසුණ වැරදී අත් හැරුණ අග සිට මුලට කියවන බරසාර කවි ළපළු මගේ හිත යට පිපෙන කාලයට නමක් දෙන්න බැරි විට අලුතින් නැවත ඉපදෙන පහසු මඟ ඔබට පෙනෙන ඔබේ සොරකම්කාර අරමුණ දැක මල් පිපෙන තුරු මම බලා සිටින

Continue reading

ඇගේ සිනිඳු පාවහන

ඇගේ සිනිඳු පාවහන ඕනෑ කමින් අමතක කර ගිය තවම සිනාසීගත් වනම කාමරේ මුල්ලක වැතිරී සිටින විටින් විට තමන්ට ඕනෑ හැටියට එහාටත්-මෙහාටත් ඇවිදින වැස්සකට කේන්ති ගිය දවසට කිඹුහුමක් දෙකක් යවා තමන් ඉන්නා බව කියන දූවිලි බොහෝ අගුණ බව හඟවන ඈ තරමට ම උජාරුවට හිතන ඇගේ සිනිඳු පාවහන

Continue reading

ආදි කල්පිත මතකය

මුහුද සැඩ දිනෙක දියබත් වුණ මුහුදු පත්ලේ සිට හුස්ම අල්ලන ආදි කල්පිත මතකයකි අපේ පෙම කෙතරම් මතකයට නැඟුවත් සිනාවක්වත් නොනැගෙන

Continue reading

මේ සිප ගැනුම

මටත් ඔබ තරමට ම හුස්ම ගන්නට උවමනා වෙන මේ සිප ගැනුම අත් හැර ඉඩ දෙන්න මට හුස්ම හෙළන්න අන් අය සමඟත් සිනා සෙන්න ඇහි පිල්ලමක් සුළඟට පා කර යවන්න සබන් බෝලයක් පසු පස ඇස් යොදවන්න ඉඩක් තබන්න මටත් ලොකු හුස්මක් ගන්න

Continue reading

ප්‍රේමයට ඒදණ්ඩක්

ඔබත්-මමත් ප්‍රේමයේ ඒදණ්ඩක් සොයන දියෙන් පීනා එගොඩ වන්නට බියව තව තවත් කල් ඉල්ලන අමයුරු සිහිනයට බියවෙන පෙම් යුවල පෙම් නොකරන ඒදණ්ඩකින් කුමන පල එගොඩ වූ පසුත් මෙගොඩ ගැන සිතන

Continue reading

මිහිරිය

මිහිරිය, සඳක් අපට උවමනා නැත කාන්තාරය කිසිම ඇඳුමක් අදින්නේ නැත ඔබේ මල් ගවුම ගෙදර තබා යමු පටි සෙරෙප්පු වැලි මත ගිලී යා හැකි ගෙයකට වඩා මදක් කුඩා අත් බෑගය ඔබේ එයත් දමා යමු ගෙදර පෙම්වත, මේ ගමන විඩා ඇතිවන නිරුවතින් මට යා නොහැක මල් ගවුම-පටි සෙරෙප්පු උවමණාමය මගේ පණ වැනි අත් බෑගයත් මමත් නිවුන් අය [...]

Continue reading

ත්‍රිකෝණ

ත්‍රිකෝණාකාර මුදුවකට තවත් සිනාසෙන්න පුලුවන්ද අප තිදෙනාටම එකම පෙම බෙදා ගන්න පුලුවන්ද හිම යානය පිටත් වෙන්නට පෙර පිළිතුරු එවාපන් මට අද සීතලට හෙට අඳුර එකතු කර කඳුළු පොකුණක් සාදමි මම ත්‍රිකෝණාකාර මුදුවකට නොගිලී ඉන්න පොඩි ඉඩක්වත් නැති කර

Continue reading

සිනිඳු ආදරය

දන්තජ අකුරු ළඟ තියෙන සිනිඳු ආදරය ලොකු මහත් වන විට නැත්තේ මොකද අනෙක් අය ළඟ පිංපොං බෝල මෙන් පැන පැන යන කිඳුරු සිතුවමක් ළඟ නැවතෙන ළපටි සිහිනයකි තනිව ලියන්නට බැරි හල් අකුරු ටික ඇලපිල්ලකින් පටන් ගෙන ඉලක්කමකින් ඉවර වුණ කලියුගයේ කතාවකි මෙය හදවතින් හදවතට ගලා යන

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com