එදා සිකුරාදා.අපි ඕනවටත් වැඩිය පුරුදු,පුහුණු වෙලයි හිටියෙ.හිතින් ම සිය සැරයක් විතර නාට්‍යයක දෙබස් කියනවා වාගේ කතා කරන්න ඕනෙ දේවල් කියලයි තිබුණෙ.මම නම් කළේ මෙහෙමයි.මුලින් ම වැඩිත් නැතිව,අඩුත් නැතිව හිනා වෙනවා.ඊට පස්සෙ අපි එච්චර උවමණාවක් නෑ වගේ වැළද ගෙන මෘදුව කම්මුලක් සිප ගන්නවා.ඒ වෙලාවට උවමණා නම් කම්මුලේ දෙතොලට ආසන්න ප්රදේශයවුණත් සීලාචාරව සිප ගන්න පුලුවන්. හැබැයි සීලාචාරව […]
Archive > May 2012
අපේ ආදර කතාව
‘අපේ ආදර කතාව’ දෙවැනි පිටුව උඩ අපේ ආදර කතාව ලියා ගොළුව ගිය ඔබේ ආදර කතාව නුගේගොඩ සරසවියෙන් පුංචි කොළ නෝට්ටු ගොඩක් දී අරගත් අපේ ආදර කතාව දැන් මගේ පොත් රාක්කයේ තනිව ම දෙබස් කියන මගේ ආදර කතාව බස් රථයක කෙලවරේ අසුනක අමතකව ආ අපේ ආදර කතාව බසය පසුපස දුව ගොස් යළි ඉල්ලාගෙන ආව ඔබේ ආදර […]
වැස්සක්
වැස්සක් කොහෙන් ආවාද හැංගී සිට හොරෙකු මෙන් ඈත ම ඈත ගිරි හිස කම්මැලි හිතී හිරි අරිමින ආවාද පෙන්වා යන්න නැති කමේ උජාරුව අප හට කරවිල වැල නිතර වතුර ඉල්ලන කෙට්ටු වී ගොස් නාකි ගැහැනියක මෙන් පතෝල වැල වියළි කැස්සක පෙන්ව පෙන්වා තම ඉරි තැලුණු ඇගපත තණකොළ යාය හේබා ඇදුම රෝගීන් මෙන ඉදහිට හුස්ම ගන්නවා ඇහෙනවා […]
මී
පොත් රාක්කය ළඟ වංගුවක් ඇත ඊට නුදුරින් පඩි පෙළක් මත සුවඳ හමනා අහරකුත් ඇත වන වනා ඔබෙ නැට්ට සිරිමත චෞර බැල්මෙන් බලා මා දෙස නින්දෙ දකිනා සිහිනෙ නොම දැක පඩි පේලියෙන් උඩට යනු මැන තබා පොඩි අඩි වැරදි තැනකට පඩිපෙළෙන් හෙම නොවැටෙන්න ඔබ හරිම තැන ඇති පොල් කෑල්ලටම සිංහයෙකු මෙන් ඇවිද යනු මැන උදය අහරට […]
අපේ බොරු ගෙදර
ලියුමෙන් ලියුම එකතු කර ලොකු ගෙයක් හදන්නයි හිටියෙ අපි ජනෙල්වලට මුද්දර තබා දොරවලට ලියුම් කවර තබා ගෙවත්තේ පුංචි පින්තූර හිටවා දවසට දෙවරක් වතුර දමන්නට මාරුවෙන් මාරුවට අප දෙදෙන ඊට පෙර කාටදෝ ලොකු හදිසියක් ඇති විය ගඩොලින් ගෙයක් හැදීමට ඒ ගෙදර ඔබ ඇත මම තවම අර අපේ බොරු ගෙදර හිනාවීගෙන
කළු-සුදු
පුංචි කාමරයක මා නලවන කෙතරම් පුංචි දෑ තිබීද උවමනාවෙන් ම සැගවී කළු-සුදු පුංචි සේයාරුව කැමැත්තෙන් ම සොරාගත් ශබ්ද කෝෂය ඇතුළෙන් බිමට ම වැටුණු විට විදුලි එළි සහසක් නිවි-නිවී දැල්වී පරණ සිනමාපටයක් පෙන්නුවා එවේලෙ ම වාඩි වී ඔබ ලී බංකුවක දිග හැර දුඹුරු හම් පසුම්බිය ප්‍රවේසමට කපන ලද කවි කිහිපයක් දිග හරින විට බිමට වැටි සේයාරුව […]
නොපෙනෙන කෙනෙක්
නොපෙනෙන කෙනෙක් ගැන මං දුක් වෙන ඇවිත් යන්නට බැරි එක ගැන ළතැවෙන ආවත් කියන දේ ගැන මද බියකින් සසැලෙන පෙනෙන්නට ඉඩක් ඇති බව නොසිතන බිඳුණු පාලමක් උඩ සිට එගොඩ වන්නට සිතමින නොපෙනෙන කෙනෙක් මගේ හිත පිරිමැද එගොඩ නොවුණට කමක් නැති බව මුමුණන
පල්ප්ය:පල්ප්මය
අයිතිකරුවෙකු උරණව එක්ටැම්ගෙයක සිර කරන බවට තර්ජනය කර උදේ රෑ තුණ්ඩු කැබලි එවන මම දැන් ම සිට පල්ප් ඉණිමඟක් තනන අලව අලවා තුණ්ඩු කෑලි එක මත යාන්තමට රෝස පාටින් ඉරි අදින සති දෙකක කාලයක් තවත් ඉතිරිව ඉණිමඟේ කැබලි විස්සක් තව ම ඉතිරිව මම තරමක් තිගැස්සීගෙන එක්ටැම්ගෙයක උස මනිමින අවසන් වරටත් ජනේලෙන් එළිය බලමින පල්ප් ඉණිමඟ […]
පෙම්වතුන් ඉටිපන්දමින් කළ
ලිහී දියවී යන්න කළ සාපය පල දීද පෙම්වතුන් ඉටිපන්දමින් කළ යළි නොදැල්වෙනු නියතය අන්ධකාරය ඇඟිලි තුඩු මොට කරන ස්පර්ශයක ප්‍රමෝදය ලිහී වැටුණා ඔබට නොපෙනේද අප අයිතිකරුවන් පෙනෙන්නට සිටින දියවි දියවී සිනාසෙන්නට වෙර දරන පෙම්වතියන් ඉටිපන්දමින් කළ එළිය මියුරු සඳ පහනක් සේ පෙනෙන අනුන් සතුටෙන් සිනාසෙන්නට ඉගෙන ගෙන දැවී අවසන් වන දිනය දැනගෙන පළමු ගිනි කූරට […]