උතුම් මී රජ ථූපවංශය කෑවාට කම් නැත අපට තරහා වී සිටිනු බැරි ගසට පොත්ත මෙන් ඔබ බැඳී ඇත අප දිවියට නිතර පිඹින ගැරඩි තෙම ඔබට බනියි පරුශ වචනයෙන් අසා ඇත්තෙමි ඉද හිට ඔබේ අදෝනා යට ලීය උඩ මහාවංශය වුණත් කම් නැත ඉඩ තිබෙන වේලාවක කෑවාට කම් නැත උතුම් ඔබේ ඔය මී බව ආඩම්බරයකි අපේ ගෙදරට […]
Archive > June 2012
ආලයේ හතරැස් කොටුව
ආලය හතරැස් කොටුවකි පටන් ගත් තැන නැවත කිසිදා මුණ නොගැසෙන කඳු පන්තියකින් නිම්නයට බසින කවාකාර අඩි පාරකි ආපසු හැරී එනු දුෂ්කර මද දුරක් ගිය තැන අන් සබඳතා මඟ හැරෙන ඇස් සනසන ගස් කොළන් පවා නොපෙනෙන ඉද හිට දිය පාරකින් එගොඩ වන සිසිලස මොහොතකින් අමතක වන කඳු නිම්නයක සදහට ම මහන්සි හරින පටන් ගත් තැන ඉදහිට […]
පුංචි හදවත්
අන්න ඒකයි ඔබට අයිති දෙය පුංචි හදවත් කුඩු කරන එක පිහාටුවකින් පිරිමදින හිත තියුණු සැතකින් පාරවන එක අතින් අල්ලා එක්ක ඇවිදින් අතරමං කර පැන දුවන එක අන්න ඒකයි ඔබ කරන දෙය කැඩුණු හදවත් කුඩු කරන එක දියේ ගිල්වා මැරෙන විටදිම ඔක්සිජන් බිඳුවක් පොවන එක හුස්ම ගන්නට බැරිම විටදී සිනාසීගෙන ළය සිඹින එක අන්න ඒකයි ඔබ […]
වංකගිරියක
ඔබ කියූ මඟ සලකුණු මා සඳහට ම අතරමං කළ හැරී යන්නට අමතක කළ ඉතා කෙටි දුර කැදවාගෙන යන්න පැමිණි කෙනෙකු වෙනත් කෙනෙකු අලුත් කෙනෙකු හදිසියේ අත අතහැර සිත අල්ලා ගෙන මා දැන් වංකගිරියක අත් හැරුණු අත වෙනුවට අල්ලා ගත් අත අත් හැරී මඟ දැනගෙන යළි යනු බැරිව පටන් ගත් තැනට මේ ගමන
බෝතලේ
හිස් බෝතලයක් හම්බ වුණා නවම් මාවතේ තිබිලා. ඒක ළා දුඹුරු පාටයි. කට හරියෙන් පොඩ්ඩක් කැඩිලා. බොහොම අබලන් කිරල ඇඹයක් , බෝතලේ බලෙන් වගේ එල්ලිලා හිටියා. හරියට නිකං අවුරුද්දෙ,දෙකේ ළමයි ‘අනේ මාව වඩාගන්න’ කියලා අම්මලාගෙ ඇගේ එල්ලිලා ඉන්නවා වගෙයි.බෝතලේ වටේ ම මුහුදු වැළි තැවරිලා තිබුණා.පාසි වර්ගයකුත් බෝතලේ කට හරියට වෙන්න ඇලවිලා තිබුණා. ඒත් ඒක ඇතුළෙ මුකුත් […]
Loft
වංචාකාරී රසයක් සොයන්නට රහසිගත නවාතැනක් තිබීම කෙතරම් ලොකු උපකාරයක් වනු ඇතිද?යතුරු පහකින් අගුල් දැමුණු මේ සුවපහසු උඩුමහල විවාහක මැදිවියේ මිනිසුන් පස් දෙනෙකුගේ රහසිගත ආශාවන් සන්තෘප්ත කිරීම කෙරෙහි දිවි හිමියෙන් බැදී සිටියි.හාත්පස ලෝකයට ප්‍රීතිමත් කුටුම්භ තුළ සිනාවෙන් කල් ගෙවන මිනිසුන් එක්තරා අඳුරු මොහොතක තම ලාලාසාවන් මුදා හරින්නට නන්නාදුනන ගැහැනුන් යොදා ගනී.මේ අය ආදරය අහිමි සාමාන්‍ය ගැහැනුන් […]
ආදරේ රතු තීන්ත
හෙට තවත් පිටුවක් ලිවිය හැක සුළැගිල්ල සිදුරු කර තීන්ත සාදා ගෙන රතුම රතු පාටින් තවත් පිටුවක් ලිවිය හැක කඩු කිණිසි අමෝරා දුෂ්ටයන් ආ විට මදකට නවත්වා ලිවීමේ වේගය බය විය හැක මට හඬන්නටත් හැක මෙවන් ළදරු සිහින සබන් බෝල නොබිදිය යුතු කඩු කිණිසි ලා ආවරණ තුළ යකඩ අසු පිට ඒ අය නික්මෙනු ඇත මහපටැගිල්ලත් සිදුරු […]
වෙන්න නියමිත දෙයක්
වෙන්න නියමිත දෙයක් වර්ෂාවකින් වෙනස් විය ඈතින් ඇවිදින්න ගිය අයට ළඟින් ඇවිදින්න සිද්ධ විය රොකටයක් විසි කළ වතුර පහරකින් බේරෙන්න සුමුදු අතක් අල්ලන්න සිදු විය ඒ අත අත්හරින්නට නොහැකි විය වර්ෂාව අත් හළ විට පොළොව සිදු වූ යමක් නොසිදු වූ බව කියන්නට සිදු විය
අන්තිම දවස
ඒ අන්තිම දවස ඉර වැඩි වෙලාවක් අහසෙ සිටි දවස අන්තිමට බැරි ම තැන වලාකුළකට කඩා වැටුණු දවස ඔබ හිස ඇල කර හිනාවුණ දවස මගේ හිස ඔබේ උරහිසින් ගැලවුණ දවස සඳ එන තෙක් බලා ඉන්නට බැරි වුණ දවස මම තනිව ආලෝකය සොයා ගත් දවස ඒ අන්තිම දවස