දෙව් ලොවින් වැටුණු සිනාවකි වැටුණු වැටුණු තැන්වල ලාටු ඇලෙන ඇලි ඇලී රන් පාට මුහුණු මුණු මුණුවකි සඳ පහන යට දෙව් ලොවට පණිවිඩ යවන්නට එතරම් කලබල නුවමනා මේ ලාටු සුබමය එකිනෙකා ඇලෙනු පිණිසමය ආදරය පිණිසමය කෝප වූ විට ගිනි තියා ගනු පිණිසය
Archive > July 2012
රාජධානි එක්ස්ප්රස
රාජධානි එක්ස්ප්රස ගිනි ගත්තේ පමා වී ඔබ අමතකද මහත් උණුසුම් රාත්රී සිදී ගිය නර්මදා නදිය මතින් බේබද්දෙකු මෙන් ඔබ දිව ගිය හැටි අඩු වියදම් නන් ඒ.සී මැදිරි තුළ ජරබරයෙන් කැරකෙන හුළං පෙති දැක ක්ලාන්තය ඉල්ලා හඬා වැළපෙන කටහඬ කිහිපයක් ඇසුණත් නිහඬවම උන්නා නේද ඔබ කහ පාට මල් පිපෙන අබ වතු පසුකර වන වනා සියොළඟ ගැහැනියක […]
රහස් කාන්දුව
රහස් කිසිවක් නොකියන්න මගේ හදවත රහස් රකිනා තැන කාන්දුවක් පොටි පුරවා නවතනු නොහැකි සිනා සමඟින් කඳුළු ගුලි ගුලි එකමාකාරයෙන් ගලා යන විට ඇස් හැර බලන්නට සිදු විය මේ කුමන රහස්ද මෙතෙක් කල් දිවි හිමියෙන් රැක රැක නින්දට යන විට තදින් අගුලු ලූ සිහිනෙන් කියවෙන්නට ඉඩ තිබෙන බව සිතා බය වූ මේ කුමන රහස්ද සෙල්ලම් ගෙවල් […]
කළු-සුදු පිටු
එන්න මහතුනි ඇලවෙන්න මේ කළු-සුදු පිටුවෙන් වමට වෙන්නට දිගු කර ඔබේ අත ඉදිරියට වැදගත් දෙයක් කියනා මෙන් මවා පෙන්වමින කියන්නට උවමනා නැත අපට හැකි ජන-අප්රිය හෙඩින් දමන්නට ඔබ ඔතන ඇලවිලා ඉන්න විසාලෙට…මහත් විසාලෙට පත්තර පිටුවකම ඉඩ වසාගෙන නෝනා ඔබ එන්න මේ කොළමට පුවක් ගහක් මෙන් හීන් වීගෙන ඕනෑම නම් කැපී පෙනෙන්නට දමන්නත් පුලුවන් වර්ණ ෆොටෝවක් […]
ගිරා මාල
ගිරවුන්ගේ මාල කොල්ල කන කපුටු කල්ලියකි දෙල් ගහ උඩ මෙතරම් වටින බව නොදන්නාකමට පෙන්වා තම ගෙළ පියාඹන සැමට එහා-මෙහා ගිය එක වැරදියි සුමිතුර ගිරා මාල දැන් ලොව අංක එක පැය අටකින් පියෑඹීම අවසන් වන සපා කෑ බෙල්ලක මාල කැබලි ඉතිරි වන පියාඹීමට දිරි නැති විට අතු පතර පයින් ගමන සිදු වන කපුටු කල්ලිය මාල ගිරවුන් […]
කවියෙකු කියතක් සඟවාන
කවියෙකු කියතක් සඟවාන ඇවැසි විට නොහික්මුණු වචන ආදිය ආදරයෙන් කපා දෙනු පිණිස කවියෙකු නියනක් සඟවාන කඳුළු ගලා යනු පහසුවට හිතේ තැන් තැන්වල සිඳුරු විද දෙනු පිණිස කවියෙක් කවියක් සඟවාන ඉතාමත් දුක්බර වෙලාවක පුළුන් කොට්ටයක් මෙන් හිස සතපා ගැනීමට කුකවියන්ට දෙනු පිණිස
තරබාරු මීදුම
මීදුම තරබාරු අත් දිගු කර වඩාගන්නටයි ලෑස්තිය මේ උදෑසන පවුඩර් උලා මුහුණ දෙපස ඉතා කොට කුකුල් නාම්බන් හිනැහෙනවා මඟ දෙපස ගිල ඇති හෙයින් එලාම් ඔරලෝසු ඉවරයක් නෑ සයිරන් හඬ ගේ දෙපස තුංමං හන්දියේ බහිරව තට්ටුපවට බළල් නාම්බන් බඩගාන කෙට්ටුාකම වහගන්න කුඩා කකුල් ඉදිරියට දමාගෙන බලු නාම්බන් මුල් පෙළට මීදුමට මොකක්වත් නොකියන්න දුම් රථය එනවා ඒ […]
මහා මූකලාන මැදින් අංකෙලිපව්වට
ගෙඹි යුවලක් නාන කාමරයට ආවේ මහා හදිසියකිනි.මට නාන්න ඕනෑ මුත් ගෙඹි යුවලට ඒ ගැන ගාණක්වත් නැත.ගෙඹි මැතිණිය දිගැටි නාන කාමරයේ එක් මුල්ලක තිබූ කුණු බදුන අසලින් හරි බරි ගැහී ඉඳගත්තේ ‘දැන් නම් කවුරැ කිව්වත් යන්නෑ’ කියන්නාක් මෙනි.ඇගේ ස්වාමි පුරුෂයා ඈ අසලින්ම අසුන් ගත්තේ , ‘..අනේ මෙයා නැතිව මං කොහේ යන්නද …’ කියමිනි.’..අපි ඉතිං නිකන්ම මෙතන […]
ආලය එතරම් බර නැත
ආලය එතරම් බර නැත ගිලි ගිලී මා ගං පතුළ රළු මුහුදු වැල්ලක එරෙන විටත් ආලයේ ඒ තරම් බරක් නැත විස පිඹින බූවල්ලන් පොකුරක හාදු දෙන්නට හදන විට පලා නොයන මේ සිත හුස්ම නොතකා සිනාසෙන මේ මුව තවම සිතන්නේ එහෙමම ආලය ඒ තරම් බර නැත ඔසවාගෙන යා හැකි තරම් ඇත පය පැකිලී වැටෙන්නට ඉඩ නැත වයලීන […]
විනාඩි දෙක
විනාඩි දෙකෙනි ගොඩට ආ මුහුදත් යන්න ගියේ විනාඩි දෙකෙනි මුල්ම හාදුවත් ඉවර වුණේ විනාඩි දෙකෙනි ඔබ මගේ අතේ මුදුව ගලවාගෙන ගියේ අදහන්නත් බැරි මට ඔබ විනාඩි දෙක මදි කියන විට මුක්කම් ස්වරයෙන් කෑ ගසන විට බොල්ගොඩ දියට හුස්ම ගන්න බැරි විය බෝට්ටුව ළඟ සුළඟ වැඩි විය වැනෙන්නට එල්ලූ කවි එක පෙළෙට සිට ගත්හ විනාඩි දෙක […]