විනාඩි දෙකෙනි
ගොඩට ආ මුහුදත් යන්න ගියේ
විනාඩි දෙකෙනි
මුල්ම හාදුවත් ඉවර වුණේ
විනාඩි දෙකෙනි
ඔබ මගේ අතේ
මුදුව ගලවාගෙන ගියේ
අදහන්නත් බැරි මට
ඔබ විනාඩි දෙක මදි කියන විට
මුක්කම් ස්වරයෙන් කෑ ගසන විට
බොල්ගොඩ දියට හුස්ම ගන්න බැරි විය
බෝට්ටුව ළඟ සුළඟ වැඩි විය
වැනෙන්නට එල්ලූ කවි එක පෙළෙට සිට ගත්හ
විනාඩි දෙක අහවර විය
ඒ තරම් දිග විනාඩි දෙක ඔබට මදි විය
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "විනාඩි දෙක"