රහස් කිසිවක් නොකියන්න
මගේ හදවත
රහස් රකිනා තැන
කාන්දුවක්
පොටි පුරවා නවතනු නොහැකි
සිනා සමඟින් කඳුළු ගුලි ගුලි
එකමාකාරයෙන් ගලා යන විට
ඇස් හැර බලන්නට සිදු විය
මේ කුමන රහස්ද
මෙතෙක් කල් දිවි හිමියෙන් රැක රැක
නින්දට යන විට
තදින් අගුලු ලූ
සිහිනෙන් කියවෙන්නට
ඉඩ තිබෙන බව සිතා බය වූ
මේ කුමන රහස්ද
සෙල්ලම් ගෙවල් මෙන් කඩා වැටෙන
නොපෙනෙනු පිණිස තබන්නත් නුසුදුසු
ඉතා ළාමක වචන ගොණුවකි
කාන්දුවක් නැතිවම
ගලා යන්නට සුදුසුකම් සැපිරුව
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "රහස් කාන්දුව"