මදක් සීතලව තප්පරයක් ඈතින් ඔබට පළමුව බිමට වැටෙමි වැටී ලිහී බිඳී යමි ඔබ බිඳෙනු වැටෙනු ලිහෙනු බලනු බැරි මට මේ අවසානය බලාපොරොත්තුවකි යළි කවදා හෝ දිනෙක තප්පරයක්වත් ඈතින් නොසිට එකට ඇඟිලි තුඩු අල්ලා වැටී මියෙනු හැකි එතෙක් මම වැටෙමි බිඳෙමි මියෙමි ඔබ වෙනුවෙන් ! ඡායාරූපය – හිමාලි එන්.ලියනගේ
Archive > August 2012
ඔබේ සර්ප බව
නිමිත්ත-’නයි නළඟන රිමාන්ඩ්’ ක්ලියෝපැට්රාවෙන් දුම් ගුලි ගලන මේ ඉලව් නැටුමෙන් මගේ ඇස් පියවෙන විස නැතත් ඇතුවා මෙන් ඔබ මගේ ළඟ දැවටෙන කන්න දේ නොඉල්ලන බියර වීදුරු කිසිත් නොපතන ඇග මාංස ද නොඉල්ලන සීතලට උණුහුමක් හොයන්නට මගේ ළඟ තැවරී ඉන්න උඹේ සර්ප බව කිසිදාක නොදැනුණේ ඇයි මට නිදන්නට සුමුදුව බදා වැළදගෙන මුලු රැයක නොඉල්ලා කිසි දෙයක් […]
කීතු
මට ඔබේ අකුරු කීතු කරන්නට බැරි ඇලවූ තැන්වලින් ගැලවූ විටත් ලාටු මෙන් ඇලවීමකින් පසුවන පටු ගස් කදක අසීරු රවුමක් ගෙන ඇලවෙන්න සූදානම් වන ඔබ සටනට ඉපදුන පලා යන්නට තවත් අය ඉපදුන ඇලවෙන්නට කිහිප දෙනක් ඉතිරි වුණ සුළඟ හමව ඇති තරම් වෙර යොදා නො ඇලවී – නො ගැලවී පලා යන්නට මඟක් සොයා ගන්නට
මෙහෙම අනාරාධිතව
මෙහෙම අනාරාධිතව ඔබ හා ගමන් යාම නුසුදුසු කඳු-පල්ලම් නඟිමින් බසිමින් ඔබේ ඇස පටලවා ගනු දුකකි ගමන් නොකරම බැදෙනු කැමැත්තෙමි දිගු කලකට අනාරාධිතව
කෙස් ගසක පෙර ආත්මය
කෙස් ගසකටත් පෙර ආත්මයක් තිබෙන කතා කරන්නට බැරි වුණත් සුළඟට සෙලවෙමින් ගොළු බාසාවකින් පෙර ආත්මය ගැන කියන පින් මදිකමට කතුරකට ගෙල දිගු කරන චිරිස් හඬ නඟමින් ජීවිතෙන් සමු ගන්න ඊළඟ ආත්මයේ දිගු වරලසක හොඳින් දිවි ගෙවන්නට පතන කෙස් ගස නුඹ මතු ආත්මයක් ප්‍රාර්ථනා කරන සුදු කෙස්වලට ආක්‍රෝශ පරිභව කරන පින් සියයක් අතර පව් පනහක් එකතු […]
බාබර සාප්පුවේදීය
නාඹර බාබර කැරැළි ගැසුණු මේ කොණ්ඩය තලා පෙලා උණු කරවා සැකසූ ලෙස සාදවා දෙනු මැන කැරළි ගැසෙන්නට තැත් කරන හැකරැළි පෙම් කතාව එක පීල්ලක ගමනක් යන ලෙස
අශ්වයන් තෑගි ලෙස
අශ්වයන් තෑගි ලෙස ඔතා පිරිමසනු බැරි මුහුණු අමතක පණිවිඩකරුවෙකු පිටත් කරනු බැරි මෙවර රොබින්හුඩ්ගේ දුන්නෙන් මිදුණු ඊතලයක් මෙන් මම එමි මේ තෑගිත් ඒ තෑගිත් අලංකාර කඩදාසියෙන් බාගෙට එතූ අශ්වයාත් ඔබේ අතටම දෙමි නවතින්න කියන විට බිහිරි වෙමි මිහිරි කඳු මුදුනකින් ප්‍රවේසමින් බිමට බසිමි අත්තටු නැවත නො ඉල්ලනු පිණිස කැබලි කරමි ඉගිලීම තහනමක් කර ස්වල්ප දඩුවමක් […]
සරල රේඛීය මදහස
දමන්නට තැත් කළ සරල රේඛීය මදහස පොළොවට මුල් ඇදගෙන ගුරුත්වාකර්ශනයකින් මා පොළඹවන ශීතකරණයක ඇලවෙන්න ආසා හිතෙන කාන්දම් පළතුරු අනුරුවකි බලා සිටින්නට පමණක් උරුමයක් ඇති කවාකාර වචන සමූහයක් කර මත බඩු පොදි පටවාගෙන හැර යන්නට සැරසෙන මේ සියල්ල මැද මගේ නින්දිත කාන්දම් බව අසම්පූර්ණ ලෙස ඔබට ගැලපෙන
මනස්කාන්ත රෝගයකි
මනස්කාන්ත රෝගයකින් රෝහල්ගත වීමි නර්ස් නෝනාවරු ෆොටෝ ඇල්බම ගෙන එත සංවාද එක්කම ජංගම දුරකතන රැගෙන එත එන්නත් වෙනුවට ෆලූඩා අරික්කාලක් බලෙන් මෙන්-අකමැත්තෙන් හැන්දකින් පොවන සුදු කබා වෙනුවට ඩැල්මේෂන කබා දිවා රෑ නොබලමින් හැල්මේ දුවන මනස්කාන්ත ලෙඩකට තව තවත් ආස වෙන දින-සති-මාස ගෙවමින් ප්‍රතිකාර පතන ෆලූඩා බොන නොමේරූ පෙම් සිහින වාට්ටුවෙන් වාට්ටුවට අහස්යාත්රා කොටු පනින අතුරු […]
මෘදු සාපයකට යටත්ව
වෙහෙස දැනුණ විට නවතින්න සිත් විය ස්වල්ප ප්‍රීතියකින් යළි ගමන් කරන්න සිතනු ඇත මෘදු සාපයකට යටත්ව මට පියාපත් ඉල්ලා දෙන්න වලාකුළකට ඉහළින් පියඹන්නත් අධික විදුලි සැර ඇති තැනක ගිමන් හරින්නත් !