Archive > September 2012

එළිවැටෙන් එළිච්චියන් බැද තබන

කිවිඳියන්ට එළු බාසාවෙන් කතා කරන එළිවැටෙන් එළිච්චියන් බැද තබන ස්වල්ප කේන්තියකින් එළිවැට කඩා දමන එළු ආදරයකින් මහත් භීතියකට පත් වන කුස වැනි රජවරුන් ගැන ඒ හැටි නොදන්න ස්වල්ප එළු කමකින් නිතර පීඩා විඳින මේ මහා දාදු කෙළිය ලෝකය උඩු යටිකුරු කරන ඕමි ගැසුම හොඳයි නේද ඔට්‍ටුවට තබා පෙම්වතුන්ව මේසයක් උඩ !

Continue reading

බෝවර කුරුලු වත

උස ගසක අත්තක සිටි වොගල්කෝප් බෝවර් කුරුල්ලා දුර දක්නයක තනි ඇසින් නරඹයි කූඹි සෙල්ලම් සමනල අත්ත‍ටු ඔසවා යන හැඩකාර කූඹිත්තිය සීනි කැටයක් ඔසවා යන මැදි වියේ කූඹි මහතා කොතරම් අලංකාරද ඒ අය පුංචි කකුල් ඔසවා තාලයට බිම තබන හිසෙ මුදුනත ඇන්ටනා විදහා සිනාසෙන කෝ ඇත්තට සීනි හපන්නට දත් එහෙම සිතා මදකට ඒ ගැන පියෑඹීය පොළොවටම [...]

Continue reading

හිල් කළ හදවත

කවියෙකු මගේ හදවතේ හිල් සාදන ප්ලාස්ටික් බුරුමයකි උදව්වට වැම්පයරයෙකු මෙන් උමතු වීගෙන දැදුරු කර මගේ ළය බුහුටි අත් දෙකෙන් වඩා ගෙන සීරුවට හදවත සෑදූ හිල් පිරික්සන එපා කිව්වත් නෑසුණුකන්ව යළිත් ඒ හදවත මගේ සිරුරේ හංගන රාත්‍රියටත් කවි කිහිපයක් ලියන වර්චුවල් සිප ගැනුමකින් මා සනසන ඔබේ කවිකම මහත් හිරිහැරයකි ඉදහිට-සෑම විට මගේ හදවතේ හිල් සියයකි ආදරේ [...]

Continue reading

සඳලුතලයෙන් ආ කම්මුල් පහර

සඳලුතලයේ ත්‍රිකෝණ කෙලවරක එක හුස්මක දුරින් සිටි අප එකට බැද දැමූ විදුලි එළියකි වැස්සකට පළමුව හොරෙකු මෙන් නිවි නිවී දැල්වෙන සිහිල් අඳුරක මහත් ආලෝකයකින් එකිනෙකා දෙස එබී බැලූ විට සිප ගැනීම තහනම් කලාපයකි කවුදෝ අනතුරු ඇඟවීමක් කළ වැස්සකට පසු හීන්දෑරි කෙඳිරියක් නඟන ජනෙල් පලුවේ දුක්බර අන්තයට වැසෙන්නට අමතකම විය හරියට මට ඔබේ ඇස වසාදමන්නට බැරි [...]

Continue reading

ලිපිය

  චානක්‍යපුරියට ආ පි‍ටු හයක් දිග ලිපිය වැනි මුම්බායෙන් ගත් වර්ණ ලේන්සුව වැනි කියව කියවා එක වර දස වර කටපාඩම්ව ඔබේ මුහුණ මවාගන්නට සිතන විට කැඩුණු අත්ත‍ටුවකින් බිදුණු ජනේලයට තට්‍ටු කරන මට ඔබේ දිගැටි අතැගිලි මතක් වෙන නිශ්ශබ්ද උදේ වරුවක තදින් හුස්ම ගන්නට ඇති බව සිතෙන අත්හැරි දේ නැවත ළඟටම එන අලුත් හුස්මකින් හිත පිපිරී [...]

Continue reading

ආදර සුළඟ

ආදර සුළඟ මේ තරම් සියුමැලිව හමා යන බව නොදැන කකුල් හයි කරගෙන හයිය බදාමයකින් මම දැන් දුක් විදින පොළොවෙන් ගැලවීගත නොහැකිව

Continue reading

මිහිර ගලන මේ මොහොත

පැන යන්න තැනක් සොයමි මිහිර ගලන මේ මොහොතින් යතුරු නොලා මා හද මත විවර කර දෙමි පිරික්සන්නට මෙතෙක් කල් ඔබ සොයන්නට වෙහෙසුණු දෙය අසන්නට බිය වුණු වචන කිහිපය බියට පත් හදකින් නිවි සැනසිල්ලේ පසුවෙන හැටි බලන්නට රිසි වෙමි මිහිර ගලන මේ මොහොතින්

Continue reading

ආදර පිහි තුඩ

ආදරය පිහි තුඩක් නොව උවමනාවෙන් පපුතුර සිදුරු කරන ඉල්ලූ විටත් ළය දැදුරු නොකරන ආදරය සීත ගගුකල් මෙනි ලේ ගලන තුවාල පිසදා ගලන නවත්වන්නට කියූ විටත් නොනවතින Love is not a tip of a knife Willingly stabbing heart Or not slicing it up Even at request. Love is like a cool fountain Rinsing away bloody wounds, [...]

Continue reading

මමියක් සමඟ සංවරව

මමියක් සමඟ සොහොනක ටික දවසක සිට මුහුණට මුහුණ ලා තමාවම වැළදගෙන ඉතා සංවරය ඒ අය මුහුණට මුහුණ ලා මමිය වැළදගෙන තරමක් සංවරව මම

Continue reading

ඇඹුල් රස සමුගැන්ම

හදිසි සීතලකි කිසිම රසක් නොනැගෙන ඇඹුල් රස සමුගැන්ම පැණි රසකට මාරු කර ගන්න යමි මම මුවින් මුව හුවමාරු ක්ර මයක නතරව එදා සිට මම සිප ගැන්ම තහනම් හුවමාරුවක් විතරය මේ පැණිරස

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com