sweet දොස්තර

අනේ දොස්තර....ස්වීට් දොස්තර
මට උමතු පැණියක් පොවන්න
හිනා පෙත්තක් කුඩු කරලා හරි පොවන්න

හිරි වැ‍ටුණු හිත උඩ අයිස් බෑගය තබන්න
මගෙ නාඩි අල්ලා බලන්න
තිස්තුන්දාහක විදුලි සැරයක්
ඇඟේ දිව්වැයි කියන්න

ඩිංගිත්තක් තරහ ගිය බව දැනෙන්න
මගෙ කම්මුලේ හරි මැද හොයාගෙන
අතක් දිගහැර ගහන්න

මෙහෙම ලෙඩෙකුට බෙහෙත් කෙරුවට
වාවන්නෙ නැති බව මැකෙන්න
මගෙ වමත විතරක් සිඹින්න

පස්ස නොබලා දුවන්න !

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "sweet දොස්තර"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com