හිල් කළ හදවත

කවියෙකු මගේ හදවතේ හිල් සාදන
ප්ලාස්ටික් බුරුමයකි උදව්වට
වැම්පයරයෙකු මෙන් උමතු වීගෙන
දැදුරු කර මගේ ළය බුහුටි අත් දෙකෙන්
වඩා ගෙන සීරුවට හදවත
සෑදූ හිල් පිරික්සන

එපා කිව්වත් නෑසුණුකන්ව
යළිත් ඒ හදවත මගේ සිරුරේ හංගන

රාත්‍රියටත් කවි කිහිපයක් ලියන
වර්චුවල් සිප ගැනුමකින් මා සනසන
ඔබේ කවිකම
මහත් හිරිහැරයකි ඉදහිට-සෑම විට

මගේ හදවතේ හිල් සියයකි
ආදරේ ගලා ගොස් ලීටර ගණන් එකතු වන
අනේ අහිංසක මම
කවි කිහිපයකින් සිහිසන් වන

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

6 Comments on "හිල් කළ හදවත"

  1. අඩවි රජා
    29/09/2012 at 3:00 pm Permalink

    BUZZ Blog Award එකක් දිනූ කාංචනා අක්කාට උණුසුම් සුභ පැතුම්!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  2. වර්ණා
    29/09/2012 at 3:24 pm Permalink

    බ්ලොග් සම්මාන ලාභී හිතන ලන්තයට ට සුභ පැතුම්

  3. බොහොම ස්තූතියි වර්ණා.

  4. බොහොම ස්තූතියි !

  5. සාබිත්
    30/09/2012 at 5:18 pm Permalink

    සම්මානයට සුභ පැතුම් !

  6. බොහොම ස්තූතියි සුබ පැතුවට.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com