Archive > September 2012

අලුත් පොත් රාක්කය

අලුත් පොත් රාක්කයට කුඩා තුණ්ඩු කැබලි යොමු කරන පරණ පොත් ‍රැස මොනවා ලියා ඇතිද කුරුමිණි අඩුවලින් අකුරු රවුම් කර අවතැන්වු අලුත් පොත් හතලිහ උදුම්මාගෙන තමන්ගේ හිස කටමැත දොඩවන කැත දුටිමි මම අද හවස ඉටි කොළද රවුමකි තමන්වම අලවාගෙන පරම සැපතකි අලුත් පොත් අතර කිටි කිටියේ හිරවීම ඕවර හතේ විප්‍රකාර ක්‍රිකට් ගැ‍ටුමකි මේ අතර අලුත් වූ [...]

Continue reading

පුංචි කුඩයක් යට

වැසි තෙමෙනු පිණිස ඔබට-මට කුඩා කුඩයක් යට ළං ළංව බියපත්ව බොරුවට ඉතා සෙමින් ඇවිදින ඒ වැස්ස මේ වැස්ස සසද සසදා දුක් වෙන්න මෙන්න මම තනිව එවන් පුංචි කුඩයක් යට ඇත්තටම බියපත්ව !

Continue reading

බෑග් මැස්ම

කාන්තා අත් බෑග කට ඇර සියුම් මැස්මක් ඉල්ලා සිටින සිප් රහිත බෑග කිහිපයක් විළියෙන් ඇඹරෙමින් මහන මැෂිමක් ළඟ පින්සෙන්ඩු වන ගමන් මළු පාසල් බෑග දිගු මේස මත ඔහේ ඇලවීගෙන ලලනා ඇස් කිහිපයක් ඔවුන් පසුකර උජාරුවෙන් ඇවිදින ස්වල්ප කැස්සකින් හුස්ම හිර වුණ කුඩා මැෂිමකි ඒ අතර තබා අත සියුම් නද දෙන පපුව මත එක හුස්මකට හීනයක් [...]

Continue reading

sweet දොස්තර

අනේ දොස්තර….ස්වීට් දොස්තර මට උමතු පැණියක් පොවන්න හිනා පෙත්තක් කුඩු කරලා හරි පොවන්න හිරි වැ‍ටුණු හිත උඩ අයිස් බෑගය තබන්න මගෙ නාඩි අල්ලා බලන්න තිස්තුන්දාහක විදුලි සැරයක් ඇඟේ දිව්වැයි කියන්න ඩිංගිත්තක් තරහ ගිය බව දැනෙන්න මගෙ කම්මුලේ හරි මැද හොයාගෙන අතක් දිගහැර ගහන්න මෙහෙම ලෙඩෙකුට බෙහෙත් කෙරුවට වාවන්නෙ නැති බව මැකෙන්න මගෙ වමත විතරක් සිඹින්න [...]

Continue reading

ආදර හුණුවටය

ප්‍රේම හුණුවටයකි අපි අපිව එහා මෙහා අදින අත් පා සීරෙන කඳුළු දිය සීරා මතුවන යළි නිහඬ වන හදවත මැටි බදුනක් මෙන් ඉරිතලා පිපිරී කැබලි වන අපි අපේ හුණුවටයෙන් වෙනත් වටයකට යමු අත් අත්හරින්නට පෙර එක්වරක් සිනාසෙමු

Continue reading

ගිනි

ඇතුළතය මෙවර ඒ ගිනි ගොඩ පුළුන්මය සුසුමකින් ඇවිළීම නියතමය

Continue reading

අසීමිත බලය ඔබව ගිල ගනීද

එඩ්ගාර් අඳුරු කාර්යාලයේ සැප පු‍ටුවක අසුන්ගෙන බැරෑරුම් හඬින් කියන්නේ එෆ්.බී.අයි උපත ගැනය.1919 වර්ෂයෙන් පටන් ගන්නා මේ අතීත ස්මරණය මඟින් සිනමාපටයේ ගලා යාම සිදු වේ.එක් වරම ප්රේ.ක්ෂක ඇසට හසුවන ප්‍රකට නළු මුහුණ සියුම් කල්පනාවක අපව ගිල්වා දමන සුළුය.හේ ලියනාඩෝ ඩි කැකැප්‍රියෝය.මනා වූ ශෝභාසම්පන්න පෙනුමක් ඇති ඔහු ක්ෂණයකින් දෙගුණයක වයසක් අපට පෙන්වා සිටියි.එහෙත් කිහිප වට තම යොවුන් [...]

Continue reading

ක්‍රීඩකයෙකු ලත් අසමසම සම්මානය

මොහොමඩ් අලි ලිබර්ටි සම්මානයෙන් පිදුම් ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දාවේය.ඒ බොක්සිං ක්‍රීඩකයෙකුට අමතරව මානවහිතවාදී ක්‍රියාකාරකම්,පුරවැසි හිමිකම් සහ ආගමික නිදහස වෙනුවෙන් ඔහු ඉ‍ටු කළ අසමසම මෙහෙය වෙනුවෙනි.70 හැවිරිදි අලි ස්වකීය සම්මානය ලබා ගනු පිණිස පිලඩෙල්‍ෆියාවට පැමිණි සිටියේ තරමක අපහසු සෞඛ්‍ය තත්ත්වයක සිටය.කාලයක් මුළුල්ලේ ඔහුට බැට දෙන පාකින්සන් රෝගයට අවනත නොවෙමින් යෝධයෙකු ලෙස නැඟී සිටින්නට ඉටා ගෙන සිටියා වැනිය.ලයිලා [...]

Continue reading

රන්වන් කොණ්ඩා ක‍ටුව

මිදි වත්තක වියලි පල අතරත අමතකව දමා ගිය රන්වන් කොණ්ඩා ක‍ටුව උපන් පාට අහිමිව මිදි යුෂ බිඳක පැහැ ගෙන මදක් විළිබරව දිගු කල්පනාවක ඔහු ගැන… >හිමාලි එන්.ලියනගේ සමඟ

Continue reading

වටකුරු ඩයලොග් පිඟාන

වටකුරු ඩයලොග් පිඟාන වහලයේ ඇලවී ඉන්න වදුරු මහතුන් මෙනෙවියන් එහේ මෙහේ කළ ස්වල්ප වයර එහෙන් ගෙන මෙහෙට සවි කළ නෝ සිග්නල කිය කියා කණට ගසන ක්‍රිකට්ය එක චැනලයක පැතලී වීදුරු සලිත කරන බයිස්කෝප්ය චැනල හත අටක ඩයිනෝසර දත් වැටෙන පරණ ටවුමක ජුලියට්ලා එක්ක ගජබින්න ඉදහිට කාටූන මුළු හවස් වරුවක් අනුභව කරන අතට ගෙන ඉස්කුරුප්පු නියන [...]

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com