Archive > September 2012

උස නොයන ගසක්

මමත් දැන් ගසක් සේ උස යන්න පටන් ගෙන පුංචි පැළෑටි අතරින් ඈත් මෑත් කර කෙට්‍ටු හිස වතුර නොලැබෙන ලතා මණ්ඩප අයින් කර දිගු අතැගිලි යොදමින් හිරු එළිය ඇති පදම් උරා බොන්නට එළිමහනකට විත් විස සහිත දගර මුල් මුණු මුණුය විටින් විට දෂ්ට කළ මුත් නොමැරි ගස් ගැන සිතමින් කණස්සල්ලෙන් උස නොයන ගසක් මුල

Continue reading

කැමැත්තෙන් සැගව යනු

මහත් බරකි මේ පෙම බිම තියනු බැරි ඔසවා ඉනු බැරි අත්හැර දමනු බැරි කැමැත්තෙන් සැගව යනු හැකි ඔබ ඒ කරනු අකමැති

Continue reading

කඳුළු ඉවර වුණු හවසක

එක්ව යන්න බැරි මඟ වෙන්ව යන්න ඉඩ දුන් විට කොනිත්තන්නෙ ඇයි හදවත මුදු සඳක් නොවී ලොකු අහසට කඳුළු ඉවර වුණු හවසක හමුවෙලා ගඟක තනි ඉවුරක ගිලී-නොගිලි දිය ගැඹුරක හිනාවෙන්න දේ හොයමුද මට එළිය ඕන එක දවසක දුර අඳුරු අන්තයක ගමනට ඔබ ඇවිත් යන්න ඒ දවසට කඳුළු ඉවර වෙන හවසක

Continue reading

විලවුන් ගුණ

ඔබ නිතර සුවඳ හමන විලවුන් කුප්පියක ගුණ අයත් කර ගත්ත මම කපු පිළියෙන් මසන ලද සම චතුරස්‍රාකාර ලේන්සුවක හැඩය හිමි කර ගත්ත

Continue reading

ආදරය පොසිලයක්

ලියූ සියලු පෙම් ලිපි අළු කර නැගුණු රතු ගිනි දැල්ල මේ දැනුත් මගේ ඇස් අග සීත සෘතුවක මුල් දිනක පළමු හිම පොද වැටෙන්නට පෙර දෙපසකට වෙන්ව ගිය අප පෙම් ලිපියකට වඩා බර නේද මාර සේනා තවම අප පසුපස නැවත මොනවා ලියන්නද ආදරය පොසිලයක් බව කීවාට පසු ඔබ

Continue reading

ඉසියුම්

ඉසියුම් කල්පනාවකි ඉදහිට මා බිද දමන තමන් සතු කවි අත්හැර අන්සතු කවි ලුහුබදින

Continue reading

සුළං අරියාදු

මද සුළඟතද සුළඟ සමඟ අරියාදුවකතහනමක් ඇතදෙදෙනාට එක මඟ යන්න

Continue reading

කවි පොත

සුදු කවරයක ප්‍රවේසමට නිදාගෙන ආ කවි පොත ඇස් ඇර සිනාසී ටික ටික මගේ අතැගිලි කොනිත්තන හැටි

Continue reading

ඉමිහිරි විදුලි කාන්දුවකි

ඉමිහිරි විදුලි කාන්දුවකි සියොළඟ ගැස්සි ගැස්සී නතර වන තිස්තුන්දහසකින් අඩක් මට දෙන්න ඉතිරි අඩ ඔබ ගන්න යන යන තැන ‍රැගෙන යන්න කදිම නොවැ ඒ සැළසුම මගේ මායම්කාරිය අප දෙදෙන ඉතින් නොමැරී ඉන්න හිමාලි එන්.ලියනගේ සමඟ

Continue reading

හදවතේ කුටීර

ඉල්ලා කරදර කරන්නට හිතෙන හදවතේ කුටීර ලෝබ වී ලෝබ වී ඔබම තියාගන්න සොරකම් කරන්නට ඉඩ තබා හොර නින්දක පසු වන්න අඩ නින්දෙන් මද හඬක් නඟන්න එපා නොකියන්න සොරෙකු ආ බව පවසන්න නමක් නම් නොකියන්න කෑ ගැහුණොත් කිචි කැවී මට හිමාලි එන්.ලියනගේ සමඟ

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com