Archive > October 2012

අමතක වීම මරණය කැන්දනු ඇතිද

මට ඔබේ මුහුණ අමතක වී ඇතැයි කීමට නොහැකියෙන් දිනපතාම ඔබේ චිත්‍රයක් ඇද එය මතකේ තබා ගමි. මට ඔබේ සිනහවේ වේගය අමතක වී ඇතියෙන් ඇසි පිය හෙළන වාර ගණනින් එයද මතක තබා ගැනීමට තැත් කරමි. කුමන කමිසයක් පැළැද නිවසින් පිටව ගියේ දැයි,කුමන ටයි පටියක් පැළැද ඔබ නික්මීදැයි මතකයට නඟා ගත නොහැක. කුඩා සටහන් පොතක ඔබේ ටයි [...]

Continue reading

හද බිත

හද බිත බිඳ වෙනත් බදුනක් තැනෙනු කුමකට මේ උන් හැටියට පිරියම් කළ නොහැකිද බිඳුණු තැන මාලාකරුවන් වීදියේ යන-එන උනුන් පරයා කටහඬත් නැගී එන කුමන මල් මාලයක් ගනිමුද මේ වර පරවූ මල් කළඹ විසි කර දමන්නට පෙර ඔබට වෙනම බඳුනක් වෙන්න මගේ හද බිත බිඳිණු අනවැසිම කැමැත්තෙන් කැඩී ඉහිරෙමි එක විටම වෙනත් බදුනක් වෙමි මමත් ඒ [...]

Continue reading

ඇල්කොහොල් සුසුමක්

සාදය අවසන ගරාදි වැට කෙළවර ඇල්කොහොල් සුසුමකින් ප්‍රමුදිත ලිස්සා වැ‍ටුණු කෙහෙ රොද අවුල් නොකරම කතා කර කර ඔහේ සිටි සන්සුන්කම කවියකින් උපදින හිස්කම බොහෝ දුර ගෙන නොයා යුතු බව එදවසම කීමට දැන සිටි අරුමය මළානික දවසකට ගලපගෙන එක්වරම හිත හදාගන්නට හැකි විය සාදයක මුල් පැය කිහිපය කෙටි සිනාවක අඳුරු මතකය පාවහන් නොලූ දෙකකුලක නිදහස පියාඹන්නට [...]

Continue reading

නිශ්ක්‍රීය සබඳකම්

රන් හුයක් මත තබා ගිය ඇගිලි සළකුණ බැ‍ඳෙන්නට කිසිදු ඉගියක් නොදුන් විට සුබ පතා දෙනෝදාහක් නො එන තැන නිශ්ක්‍රීය සබඳකම් තිබුණාට පල නැත

Continue reading

සිනා වෙන්නට තහනම් කර

එතරම් කල් නැත සිනා වෙන්නට තහනම් කර කණපිට හැරවුණ නිල් මලක් මෙනි පළමුව ගලා යන්නට ඉඩ දෙත වතුර බිඳ අවසන තෙමේද මල්පෙති දිය කර කිසිත් ඉතිරි නැති බව පෙන්වන තද වැස්සකි අද හවස කඩා වැටි මතකය මිය ගිය අන්දම සිනමාපටයක් මෙන් දිග හැරිය

Continue reading

සපත්තුව

කැඩුණු සපත්තුව කෙලවර තියුණු උල විහිදා තම නපුරු බව අනින්නට යන්නේ යහපත් මහතෙකුට ඊට පෙර මැදිහත්ව මැදිහත් සිතින්ම මසන්නට බාරගත් මහන්නා ඔබ ඉරිදාවට වැහිබර අහසක් ඇති බව නොදැන එන්න කියා යන්න ගිය ඒ සපත්තුව-මගේ සපත්තුව එකම සපත්තුව මැස්මකින් දමනය කළ නොහැකි බව පුරසාරමට කී විට අල්ලා ඇඟිලි තුඩු අගින් ඔබතට දී එන්න ආ එක ඒ [...]

Continue reading

මතක කාන්දුව

වසර කිහිපයකට පෙර වසන්නට අමතකව ගිය වතුර පයිප්පයක් මෙන් කාන්දු වෙයි බි‍ඳෙන් බිඳ-මදින් මද කැබලි වශයෙන් සම්පූර්ණයෙන් ඔබ. වසර ගණනක් ඉදිරියට විවර කරන්නට නියමිත ඒ මහා ජලාශය ස්වල්ප කාන්දුවක්වත් නොමැතිව විස්තර කරයි මා ගැන.

Continue reading

ඉරිදා

මොනවා කරනවා ඇතිද හැම නිවාඩු දවසකම නිතර සිතෙයි මට පත්තර කියවනවා ඇතිද හොරෙන් කවි කියවනවා ඇතිද නියපොතු කපන්නට හොර ඇඟිලි තුඩු විකමින් කල්පනා කරනවා ඇතිද තණකොළ වැවෙන වේගය වැඩි බව හිතනවා ඇතිද මල් ගස් කිහිපයක් ගලවා හොරෙන්ම විසි කරනවා ඇතිද ඉස්සර මෙන් මුකුත් නොකර අර මායම්කාර හිනාවෙන් විතරක් පසුවෙනවා නොවෙද?

Continue reading

ආදර කුණාටුව

කුණා‍ටුවක් ඉල්ලා නොලැබුණු කෙනෙකි මම තද සුළං-අහසේ කළු වලා දකින විට ඉපිලෙමි මේ දැන් මේ දැන්ම ඒ එතැයි සිතා පෙර මෙන් ම පසුවත් නිසොල්මන එන-නො එන බව කියාගන්නත් බැරිව කුණා‍ටුවක් ඉල්ලා නොලැබුණු කෙනෙකි මම පැහැදිලි අහස මුමුණන්න හදන කිසිවක් සිදු නොවන අනාවැකිය මේ දැන්ම මේ දැන්ම කඩා හැළෙන්න කුණා‍ටුවක් ඉල්ලා දරුණු වුණ වැ‍රැද්දට සීත සුළංවත් [...]

Continue reading

සොඳුර මම චෞර

චෞරකම සොඳුරු ඇබ්බැහියකි සොරා ගන්නා විට ප්‍රේමයම සඟවා නොදන්නා තැන්වල සු‍රැකිමින් දිවි දෙවැනි කොට මහත් තෘෂ්ණාවකිය මෙය සොරෙකුටත් තරම් නොවනා ගලා යන්නට ඉඩ දෙන්න බැරි විට වේල්ලක් බැද හරස් කර නතර කර පෙරා ගන්නට නොහැක මේ පෙම චෞරකම සොඳුර, ඇබ්බැහියකි කැමැති-අකැමැති එකම විට සොරෙකු අත තබන්නට සිත් වන

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com