Archive > November 2012

සඳ ,මධු බොන්න බැරි

සඳ මෙහෙම මධු බොන්න බැරි වස විසක් තවරා එවනු මැන රන් කෙන්ඩියක පැන් ලෙස සෙනෙහසින් පානය කරන්නට එක දිගට සත් පැයක්

Continue reading

ආදරයෙන් අසිපත් තනන

කවියෙකු නොවන කෙනෙකු ආදරයෙන් අසිපත් තනන පෙම් සටන් ඇති තැන්වලම රන් කාසි මල්ලකට කඩුවක් දෙන කිසි කවියෙකුට අසිපතක් නොදෙන කිසි කවියෙකු අත රන් කාසි නොතිබෙන කිසි කවියෙකුට අන් පෙමක් හිමි නොවන මම පෙම් සටනකට මැදි වෙන ඒ අයව අත් හරින්නට බැරිව ආදර අසිපතක් සොයන රන් කාසියක් මදිව සිඟමන් යදින පෙම් සටන් පරදින කඩු සටන් නොතේරෙන [...]

Continue reading

රහස් භාෂාවක්

ඔබ රහස් භාෂාවක් අසා සිටිනවා හැර තේරුම් ගත නුහුණු ඒකාකාර රිද්මයක උස්-පහත් වන බර ස්වර මහත් ලාලාසාවක් ඇති කරවන වචන උපදවන තොල් අගින් මම නිතර වැතිරෙන තවම තේරුම් ගත නොහැකිව මෘදු ස්වර සතකින් ගලා හැලෙන දිග-කෙටි වචන කාණ්ඩය වෙළුම් කීපයකින් සමන්විත ඔබේ ආදර කතාන්දරය ගිරි හිසක් මත මා තබන සැනින් දිය කඳුරක් යට සඟවන ඉමිහිරි [...]

Continue reading

පෙම් නොකරන්න හිතාගෙන

ඔබේ රූබික් ප්‍රේමය උස්සා පොළොවේ ගසමි දැන් මම විසදන්න දෙන උභ‍තෝකෝටික ආලයේ අන්තිම හුස්ම ටිකත් හිර කරන මේ සියල්ලට මුල අර නපුරු හාදුව කම්මුලේ එක් තැනක් ගිලී ගිය හාදුව පෙම් නොකරන්න හිතාගෙන දුන් හාදුව

Continue reading

ආලයේ අරුණැල්ල

ළය පැළෙන දුක ඊයේ මට දැනුණි ඒ දෙනෙත ඇලවී වෙන තැනක කාන්දමක නොගැලවෙන ලෙස මේ එකම දුක ළය පැළෙන ආලයේ අරුණැල්ල

Continue reading

මෙවැනි ලෙඩෙක්

පුංචි නර්ස් නෝනලා ‘කෝ දැන් උණ නැත්තේ මොකද? අසන ලොකු නර්ස් නෝනලා ‘ඇවිදින්නේ නැතිව හාන්සි වී ඉන්න’ කියන ස්වීට් දොස්තරලා නාඩි බලා ලස්සනට හිනා වී යන නපුරු දොස්තරලා වේලාසන නිදා ගන්නැයි තරව‍ටු කරන කැනියුලය සමඟ කොරිඩෝවක කැනියුලය සමඟ විදුලි සෝපාවක ‘කොහේ නම් යනු ඇතිද කොහෙන් ආවාද මෙවැනි ලෙඩෙක්?’ සැවොම අහන මම මේ නිකං ආව වැරදී [...]

Continue reading

ඉමියුරු සිහින සත

සඳේ අඳුරුම හරිය හදේ ගැඹුරුම තැනක් එළිය කරවන කොපමන කළුවරක වුව අපට අප පෙනෙන සිතින් මා ඔබ පිරිමදින අතැගිලි තවම හදුනන ඉමියුරු සිහින සත එක විට ගෙතෙන සඳේ අඳුරුම තැනය එය හදේ සෑම තැන එළිය කළ

Continue reading

මාළු කෙල්ලන්

පාලම යට උඩුබැල්ලෙන් මාළු රෑන පාවෙන වරලස ගවසා කෙට්‍ටු පණු කකුල් කිමිදෙන මාළු කෙල්ලන් රවටන සාරි ගබ්බියෙකු දෙන්නෙකු පාරුවකින් මල් මාල විකුණන්න යන නවත්වනු ඔය බබල්ගම් පිම්බීම මාළු මහල්ලෙකු අණ කරන මේ එන්නේ පණු ඇනවුම අබලන් පාරුවක් විලසින් සුෂියක් මෙන් සාරි ගබ්බින් සාරි නැති අය කන්න හිතන පාලම යට මහත් වැසි ඇද හැලෙන තෙමෙන්නට හිරිකිතව [...]

Continue reading

මට තව බීම බටයක් දෙන්න

මේ අහන්න නර්ස් මට තව බීම බටයක් දෙන්න රතු පාට රතු පාට ප්ලාස්ටික් බටයක් දෙන්න ඔරිගමි හංසයෙක් හදන්න හිතෙනවා මට නවා නැට්ට කොක්කක් මෙන් රවුම් කර හිස බෝතලයක් මෙන් හිනා වෙන්න මොකටද නර්ස් මේක තමයි මගේ ලෙඩේ ස්වීට් දොස්තර ඇති කළ ලෙඩේ බෙහෙත් වරද්දා මා සලිත කළ ලෙඩේ ඔරිගමි හංසයෙක් හදන්නට හිතෙන ලෙඩේ

Continue reading

මළ කෑ යතුරකින්

මළ කෑ යතුරකින් බෙහෙත් ගැල්විය හැකිද පෙම්වත මා සටන් බිමට හැරලන්න ‍තෝමර කඩු සටන් පුහුණු කර යුද වදින්නට යවන්න මිහිරි කාලයකින් වෙන්වන අයුර අසුරු සැනකින් පෙන්වන්න නුවර ගිනි අඟුරු නොපාගා එන්න යටි පතුල් පිරිසිඳුවම ඇවිද එන්න ශුද්ධ වූ දෑතින්ම දිගු කෙස්ස සිඳලන්න පෙම්වත සැදැහැ සිතකින් සටන් බිමට හැරලන්න යුද මැද සිත අත හරින’යුරු පවසන්න මළකෑ [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com